Prologue

3K 212 68
                                    

ඒ ලොවම අන්ධකාරයේ ගිලී ගිය එක් රාත්‍රියකි... ඉඳිකටු තුඩක් පොලොව මත වැටෙනා හඬ ඇසෙනවා තරමට නිහඬව තිබුණු ඇල්ඩෝරයේ වීදි වල නිහඬබව බිඳ හෙලමින් දිව යන්නෙකුගේ පියවර හඬ ඇසුණේ මූසල හැඟීමක් සිත් තුල ජනිත කරවන්නට මෙනි. එහෙත් එය එසේ වන්නට ඉඩක් තිබුණේ නැත. මැදියමට ආසන්න වී තිබුණු හෙයින් එය අසන්නට සිටි සියළු දෙනාම නිදි දෙව්දුවගේ තුරුළට ගොසිනි...

ඇලෝරා මඩ වැකුණු ඇගේ ශ්වේත වර්ණ ගවොම එක් අතකින් අල්වා ගෙන උන්නාය. සිදුවන කිසිවක් නොදන්නා ඇගේ ළය මත වූ උණුසුම් රෙදි කඩ මත වැතිර සිටි බිළින්ඳා සුවසේ නින්දට වැටී සිටියේය... ඇලෝරාගේ දෑසින් ගලා යන කඳුලැල් වීදිය මතට ඇද වැටෙද්දී ඈ තවත් වේගයෙන් පියවර තබන්නට වූයේය. ඇය පසුපස ලුහු බඳින්නවුන් මදකට මඟ හැරී ගොසිනි. ඇය මාවතේ කෙලවර වූ අඳුරු අඟු පිළකට වැදුනේ දැනෙන වෙහෙස දරා ගත නොහැකි වූ තැනය...

"අම්ම...ට සමා....වෙන්න මගේ පු....තේ..."

නිද්‍රාකාරක ඖෂධයක් පොවා සිටි අඩ මසක් වයසැති කුඩා බිළින්ඳා ඇය සැඟව සිටි අඟු පිළ අයිති නිවසේ මාවතට නොපෙනෙන සේ සඟවමින් ඈ ඉකියක් මැඬ ගත්තාය... දස මසක් කුස දරාගත් ආදරණීයයා මෙලෙසින් අත් හැර දමන්නට ඈ කිසි දින බලාපොරොත්තු නොවුණද ඔහුටත් ඇයට හිමි වන මරණය උරුම කරවන්නට ඈට නොහැකි වූවාය...

දරුවා සැඟවූ ඇය නැවතත් පියවර තබන්නට වූවාය. වීදීයේ ඈත කෙලවරකින් ඇසෙන පියවර හඬ ඇගේ තියුණු දෙසවනට දැනෙන්නට වූවාය. අසල වූ විසල් වෘක්ෂයට පිට දුන් ඈ ගෙලෙහි වූ මාලය කඩා සියතට ගත්තාය. කිසි දිනෙක විවෘත කරන්නට ඇඟේ ආදරවන්තයාට පිළිවදන් දුන් කුඩා පළිඟු කුප්පියේ පියන්  ඇඟේ නියමතින් ගැලවී වැටෙද්දී ඈ එය තුලට ඉණෙහි වූ කුඩා කිණිස්සෙන් පළුදු කළ හස්තයෙන් ගිලිහුන රුහිරු බිඳුවක් එක් කලාය...








"උතුමාණෙනි... මම ඔබව කැඳවමි... රුහිරයෙන් සේම ප්‍රාණයෙන්.... අන්ධකාරයේ නාමයෙන් මම අධිරජුන් කැඳවමි... "

සදාකාලිකව තහනම් වූ එම වදන් ඇඟේ මුවින් පිට වෙද්දී පුපුරා ගිය අකුණක් ඇල්ඩෝරයේ වූ පැරැණිතම ඕක් වෘක්ෂය ගිනිබත් කරවීය. ඒ අකුණෙන් හාත්පස එලිය වද්දී ඈ ඇයට පිටුපා සිටි අඳුරු රුව දුටුවේය...

"උතුමාණෙනි.... "

ඇලෝරා දණින් වැටුණාය. ඈ සොයා පැමිණි මිනිසුන්ද ඒ අකුණු පහරේ ආලෝකයෙන් ඔවුන් දුටු බවට සැකයක් නැත. ඇයව ඇගේ ආදරවන්තයාව මරා දැමූ ලෙසින්ම මරා දමන්නට ඇවැසි වුවද ඔවුන් එකඳු පියවරක් ඉදිරියට තබන්නට අසමත් වූයේය.



"එසේ නම් අපි ආයෙම හමු වුණා.... එහෙම නේද ඇලෝරා "

Prince of DARKNESSYizhan fantasy fanfiction

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Prince of DARKNESS
Yizhan fantasy fanfiction



Hii

ලෝක ළමා දිනේ වෙනුවෙන්ලු ඈ... 

අපි තවම ළමයි තමා. හැට පැනලා හොම්බ බිම ඇනුනු නාකි ආච්චිලා නෙවෙයි නේත අයියෝ....

මේක Dark fantasy එකක්. ටිකක් වෙනස් වෙයි ඔයාලා කියවලා තියෙන මගේ අනිත් කතාවලට වඩා.

කවර් එක ගැන හිතන්න එපා. කතාව ලියන්න අයිඩියා එක එනකොට රෑ එකොළහට කාලයි. දඩබඩ ගාලා කවර් එකක් හදලා දැම්මා. පස්සේ අලුත් එකක් හදන්න බැරියෑ... මේ නමට වෙන කතාවක් තියෙනවා නම් මාව දැනුවත් කරන්න ඈ... 

ඊළඟ කොටස ඕනි නම් කමෙන්ට් 50+ ඕන 🙃

𝗣𝗿𝗶𝗻𝗰𝗲 𝗼𝗳 𝗗𝗔𝗥𝗞𝗡𝗘𝗦𝗦 | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now