19 කොටස

688 132 14
                                    

ඊට පිටින් මුළු රාජධානි සේරම වහගෙන අඳුරු මීදුමක් පැතිරෙමින් තිබ්බා.

════════════════════════════

𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐨𝐟 𝐃𝐀𝐑𝐊𝐍𝐄𝐒𝐒

දහ නවවන කොටස



"මගේ තියෝ..."

කේරන් තියෝගෙ කනට ලං වෙලා මිමිණුවේ හරි ආදරණීය විදියට. එයාගෙ තද කළු පාට ඇස් තියෝගෙ ඇස් අස්සෙ කිමිදුනා... කේරන්ගෙ කටහඬ තියෝගෙ ඇඟ පුරාම හිරියක් පතුරවන්න සමත් වෙද්දි තියෝ එයා දිහා බලාගෙන හිටියේ කියාගන්න බැරි හැඟීම් දහස් ගාණක් එක්ක. ඒ කේරන් එයාට තියෝ කියලා කතා කරපු පලවෙනි වතාව...

තියෝ ඇස් අයාගෙන බලාගෙන ඉද්දි කේරන් එයාව හේත්තු කලේ පියානෝවට. නටපු නිසාද මන්දා යන්තමට දාඩියෙන් තෙත් වෙලා ගිය තියෝගෙ කොණ්ඩෙ, යන්තමට ඈත් වෙලා තියෙන තද රතු පාට තොල්, දිලිසෙන ඇස් කේරන්ට වෙනස්ම දෙයකට ආයාචනා කරද්දී කේරන් තියෝගෙ නිරාවරණය වෙලා තිබ්බ උරහිසකට හාදුවක් තිබ්බා. බාගයකටත් වඩා ලෙහිලා ගිහින් තිබුණූ ලෝගුව අතරින් තියෝගෙ රෝස පාට තන පුඩුවක් පෙනී නොපෙනී යද්දි කේරන්ගෙ ඇඟිලි තුඩුවක් ඒ උඩින් තේරපුනා. ඒ පුංචි ස්පර්ෂය තියෝව රාගයේ හිනිපෙත්තටම යන්න තරම් තියෝව අවුළුවන්න සමත් උනත් කේරන් ඊට වඩා කිසිම දෙයක් කලේ නෑ. ඒ වෙනුවට එයා තියෝ දිහා බැලුවේ අවසර ඉල්ලන්න වගේ... හරියට පලවෙනි වතාවෙ වගේමයි... නයිසා මිටියාවතේදි එයාව පැහැරගෙන ගියත් කවදාවත් හේඩ්ස් එයාට කරදරයක් කරේ නෑ...

තියෝ ඔළුව වැනුවා... ඒ කේරන්ට අවසර දෙන්න වගේ... ඒ පරක්කුවට කේරන් තියෝගෙ තොල් දෙකට බර වුණා... ඒ සිප ගැනීම අතරේ තියෝගෙ අත් නැවතිලා තිබ්බේ කේරන්ගෙ සිනිඳු කෙස් අතරේ. කේරන් අවුරුදු දහස් ගාණක් පිපාසෙකින් හිටිය කෙනෙක් වගේ තියෝව සිප ගත්තා. තොල්වලින් මිදිලා ටිකෙන් ටික පහලට යන කේරන්ගෙ තොල් වලට ඉඩ දීලා තියෝ බෙල්ල උස්සනකොට කේරන් තියපු ආදර සලකුණු වලින් තියෝව රතු පාට වෙන්න අරගෙන තිබ්බා.

කේරන්ගෙ තොල් තියෝගෙ බෙල්ලෙ ආදර සලකුණු තියන්න වෙහෙසෙන අතරේ එයාගෙ අතකට නම් වෙනමම රාජකාරියක් තිබුණා. හරිම ඉක්මනින් වැඩ කරන කේරන්ගෙ ඇඟිලිවලට තියෝගෙ ලෝගුවේ තියෙන ගැටය ලිහා දාන්න ගත වුණේ ක්ෂණයයි. ගැටය ලෙහිලා යද්දි දෙපළු වුණු ලෝගුව අතරින් අත යවපු කේරන් තියෝගෙ සිහින් ඉඟ වටේට අත යවලා එයාව තමන්ගේ පපුව ගාවට ඇදලා ගත්තා. තියෝගෙ ඇඟේ උණුසුම කේරන්ගෙ සීතල අත්වලට දැනෙද්දි එයාලා අතරේ තිබ්බ හාදුවේ ගැඹුර තව තවත් වැඩි වුණා... ඒක හරි අමුතු දසුනක් වුණා... ඇත්තටම කිව්වොත් එක මරණයත් වසන්තයත් අතරේ ඇතිවෙන ආලිංගනයක්...

𝗣𝗿𝗶𝗻𝗰𝗲 𝗼𝗳 𝗗𝗔𝗥𝗞𝗡𝗘𝗦𝗦 | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now