20 කොටස

676 130 7
                                    

පියාණෙනි

════════════════════════════

𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐨𝐟 𝐃𝐀𝐑𝐊𝐍𝐄𝐒𝐒

විසි වන කොටස



"පියාණෙනි..."

විවෘත වුණු දොරටුව අතරින් ඇවිදගෙන ආවේ තාලියා. තාලියගෙ මව වගේම ඇයත් ගොඩක් රූමත් කෙනෙක්. ඉණ තෙක්ම කඩා හැලෙන දිගු කොණ්ඩයක් තිබුණු තාලියාව පරදවන රූපයක් ආර්සන් දැකලා තිබ්බේ ඇලෝරාගෙන් විතරයි. ඒ වෙලාවෙ තාලියා ඇදගෙන හිටියේ අඳුරු දම් පාට දිගු ගවුමක්... රන් නූලෙන් කැටයම් කරලා තිබුණූ ඒ ගවුම තාලියගෙ රන්වන් පාට හම නිසා වැඩියෙන් කැපිලා පෙනුනා.ඒ සේරටම වඩා සයිරස්ට කැපිලා පෙනුනේ තාලියගෙ ඔටුන්න... ඇරල්ඩීන් රාජධානියේ නීත්‍යානුකූල කුමාරියට විතරක් පලඳින්න පුළුවන් ඇමතිස්ට් පාෂාණයෙන් නිර්මාණය කරපු හයසින්ත් මල් ඔටුන්න පැළදගෙන ඉන්න තාලියා දකිද්දී ඇති වුණ තරහව සයිරස් අත් දෙක තදින් මිටි කරගනිමින් පාලනය කර ගත්තා. හයසින්ත් ඔටුන්න පළඳින්න පුළුවන් උනේ නියම රාජකීය උරුමයක් තියෙන කුමරියකට විතරයි. තාලියාට කිසිම පැත්තකින් ඒ වගේ උරුමයක් නෑ. ආර්සන් කියන්නෙ කලින් හිටිය රජුගේ නීත්‍යානුකූල නොවුණ දරුවෙක්... තාලියාගෙ අම්මා වුණු සොෆියා ඔන්ටාරියෝ කැරලි කාරයන්ගෙ නායකයාගේ සහෝදරිය... ඉතිං තාලියා හයසින්ත් ඔටුන්න පළඳින්න සුදුසු නෑ...

"කමක් නෑ... තව කීප දිනයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ..."

සයිරස් එයාටම මුමුණගත්තා. එයා මනුස්ස ලෝකෙට ඇවිත් කරපු රාජකාරි ඉවර වෙන්නත් තියෙන්නෙ ඒ තරම්ම කාලයක් විතරයි. ආයෙමත් වතාවක් ස්ටයික්ස් ගංගාවට යන්න කෙරෝන්ට පුළුවන්...

"කුමක්ද ඒ පාර..."

ආර්සන් ඇහුවේ නළල ඇඟිලි තුඩු වලින් තදින් තෙරපගන්න ගමන්. තාලියා මෙහෙම කඩාපාත් වෙනවා කියන්නෙ මොකක්ම හරි ගැටළුවකට පෙර නිමිත්තක් තමා... ආර්සන් විඩාපත් වුණු ඇස් වලින් තාලියා දිහා බලනකොට තාලියා ආඩම්බරෙන් ඉස්සරහට ඇවිදගෙන ආවා.

"අපි හෙටම කේරන් උතුමාණන්ව හමුවෙන්න යමුද..."









𝗣𝗿𝗶𝗻𝗰𝗲 𝗼𝗳 𝗗𝗔𝗥𝗞𝗡𝗘𝗦𝗦 | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now