💜️01 🖤

1K 70 69
                                    

" නෙහාන්... ඔයා හිතනවද ? මේක පලවෙන්න ඔනේම ලිපියක් කියලා ආහ්....!!

" සර් !!!

මොකද්ද ඉතිං වැරැද්ද ... එකේ...බිම බලං හිටපු මම ඔලුව උස්සලා... මගෙ දිහා මරං කන්න බැල්මක් දාන් හිටපු සර් දිහ බැලුවා..

" සර් නෙවෙයි මිනිහෝ... !! මෙක බලනවකො ඉතිං ... අර රන්දුනු ඇමතියට ගහපු කනේ පාර ... කෝ බං එකේ ෆොටො එක ... "

" ඉතිං ... සර්...එතන කලබලනේ... මම හෙන ගේමක් දීලා මේක අරගත්තේ...බොරු නං අර දීපිකාගෙන් අහන්නකො..."

" දීපිකා...දීපිකා ඉස්පිරිතාලෙ ... දැං ඉන්නේ..."

එහෙම වෙන්න බෑ...මට හොදට මතකයි... මම දීපිකාව ඇදගෙන ආවේ...දෙයියනේ බැරි වෙලාවත් වෙන එකෙක්ද මම ඇදං ආවේ...

" අනෙ කොල්ලෝ...උබ හින්දා මට පෙසර් නැගලා බං මැරෙන්නෙ..."

" සර් !! මෙව්ක මේ පොඩ්ඩක් හෙල්ලිලා විතරයි නේ..."

" ඕකට ද හෙල්ල්ලිලා කියන්නෙ...අර මිනිහට කනෙ පාර ගැහුවේ කම්මුලට ... උබ ෆොටො එක අරං තියෙන්නෙ ඒ මිනිහගෙ පස්සා පැත්ත..."

" ඉතිං සර්...සරමත් ගැල උනානේ..."

" ආආආඅ...නෙහාආන්...උබට මෙ ආර්ටිකල් ලියන්න බැයි නං අස් වෙයං ඔඊ..."

එයා කියයි... මම එපෑ ඔක්කොම කරන්න...ඇයි යකො...තව පොඩ්ඩෙන් මගෙ ප්‍රතිරූපය හානි වෙනවා...මූනට පාරක් වැදිලා..නාකියට නං මොකො...පුටු රත් කර කර ඉදන් ඉන්න එකනෙ තියෙන්නෙ ...අපි එපෑ මෙහෙ ගිහින් විස්තර හොයන් එන්න...

" සර්...!! ආඅ...අන්තිම පාර ප්‍රොමිස් ... ඊලග පාර හොද එකක් ලියනවා...සර් පල්ලා.."

" අනෙ...පුතේ...මගෙ පුතාගෙ දරු මුනුබුරෝ බලන්නැතුව දැම්ම මැරෙන්න බෑ බං..."

දරු මුනුනුරො බලයි...සර්...සර්ගෙ පුතා ඇබලයා වගෙ මගෙ වටෙ කැරකි කැරකි ඉන්නේ... හික්...බලයි...

" මම යන්නං සර්...ගිහිම් හොද එකක් ලියනවා...සත්තයි..."

" යන ගමං ෂෙහාන් ට එන්න කියන්න..."

ඒකට නං මොකො...නාකියා ඔලුව උඩ තියන් එ පගයව හදන්නෙ...ඕකගෙ කෙරුවාව දන්නෙ මමනේ...සෑහෙන අමාරුවෙන් එ පගයගෙන් බේරිලා ඉන්නෙ...වරෙන් කො ආය " අනීඉ...නෙහාන්..ගානෙන.." තාත්තා ට උණ ගැනෙන්න පුතාට දෙන්නෙ...හුම්...

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now