💜️20🖤

129 15 33
                                    

" අම්මා ... අම්මා ... යන්නෙපා නේ...අම්මා..."

" සොරි නෙහාන් බබා "

" අනෙ අම්මා...ඔයා ගියාම මට බත් කවන්නෙ කව්ද ...ආ...අම්..අම්ම...යන්න එපා..නෙ අම්මා..."

මං  එ ඇදුමෙ එල්ලිලා කෑගැහුවා... ස්කර්ට් එකේ ලස්සනට තිබ්බ බොත්තමක් ගැලවිලා අතට එන්න තරම් හයියෙන් අල්ලන් ඉද්දි මගේ අත එයා ගසලා දැම්මා... එයත් කදුලු පිහ පිහම ගෙදරින් එළියට බහිද්දි මම තවත් ජනේලේ එල්ලිලා කෑගැහුවා...

" අම්මා...අම්මා !!!! "

කදුලු වැටෙද්දි නින්දෙන් නැගිට්ටේ එකසිය ගානට ගැහෙන මගෙ පපුව ට අතක් තියාගෙනමයි. මම විතරයි ගෙදර ඉන්නෙ කියලා මගෙ ඔළුවට එන්න විනාඩි ගානක් ගියා...වෙන දරුවො හීනෙන් කෑගැහුවට " ඇයි පුතේ " අහන්න මගෙ අම්මා නෑ කියලා හිතෙද්දි හිත ගොඩක් රිදුනා.

" ඔයා සතුටින් ද අම්මා... මාව අමතක උනාද ? ම්ම් ... ඔයාගෙ අලුත් හස්බන් කිව්වද මාව එපා කියලා මගෙ අම්මා ... මම නරක ළමේක් නෙවෙයි නෙ අම්මා..."

මට එහා පැත්තේ තිබ්බ කොට්ටෙත් පපුවට තුරුළු කර ගත්තේ කළුවරෙ ගෙදර ඉන්නෙ මං විතරයි නෙ කියලා මගෙ හිත මටම තරවටු කරද්දි...තාත්තා ත් සුදු ආච්චි ට මාව දාලා රට ගියාමයි ... දැං අවුරුදු ගානකින් කතා කලේ නෑනේ ... ඇත්තට ම ඔයාලට එක විනාඩියකටවත් මාව මතක් වෙන්නෙ නැද්ද ...?තාම අකුණක් ගහද්දි ගැස්සෙනවා අම්මා ... දුවගෙන ඇවිල්ලා තුරුල් වෙන්න ආසයි නේ ... පොඩි කාලේ වගේ රාජකුමාරයොන්ගෙ කතා අහන්න හරි ආසයි නේ ... 

අදටත් අම්මා කෙනෙක් කඩේක උනත් පොඩි දරුවෙක්ට මොනා හරි අරන් දෙද්දි දන්නවද අම්මා ඔයාගේ පුතාට හරි ඉර්සියයි. මට හම්බුනාම මම අහන්නෙ මෙච්චර යි අම්මේ...

" මාව මග දාලා යන්න නං ඇයි මාව අරන් ආවේ..."

එදාට ඔයාට උත්තර තියෙයිද අම්මෙ...ලෝකේ කිසිම දරුවෙක්ට එයාගෙ අම්මා තාත්තා ගේ ආදරේ නැතිවෙන්න හොද නෑ... අඩුම " පුතේ දැං උබ මොකද කරන්නෙ ... " කියලා අහන්න හරි ඉන්න ඕන...හැබැයි හැම කෙනෙක් ටම එක වගේ නැහැනේ... සමහර හිත් හරි ම නිර්භීතයි...ඇයි කියලා හේතු ගොඩයි... එයාලා හිතනවා නං එයාලා ගොඩක් අවාසනාවන්ත යි කියලා...ඇත්තට නැ කියන උත්තර යක් මට දෙන්න තියෙන්නෙ ... මොකද මතක , හදවත හරි ප්‍රභලයි.

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now