💜️02🖤

422 52 33
                                    

" මෙ මොකක්ද මේ..."

නිවුස් එක දැක්ක ගමන් ම මට කියවුනා...යකො මූ මාර ඩෑල් එකක් නෙ...

මල්ෂා -: " අම්මටසිරි වෙනවා ඈ..."

නැතුව ඉතිං ... මෙ යකාට පිස්සුද මන්දා...අනික මූ කෙල්ලව මරලා කැලණි ගගටත් පයින්න ගිහින්... හීක් ගෑවෙනව නෙ ඉතිං ...

" සිරා ඔඉ.."

මල්ෂත් එහෙම කියද්දි... මම කල්පනා කලෙ... ඇත්තට මුන්ට තියෙන අමාරුව මොකක්ද කියලා... ඇයි යකො...ලව් කරන් පාඩුවෙ ඉන්නැතුව මරන්න යන්නේ...අනික යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් ... තව කොච්චර තියෙනවද ජීවත් වෙන්න... මෙ ළමයගෙ දෙමව්පියෝ ...නෑදෑයෝ... සමාජෙ උන් කොච්චර දේවල් කියනවද...ඒවා දැන දැනත් මේ යකා කෙල්ලව මැරුවේ...දැං ඉන්න ළමයින්ට හැගීම් දැනීම් නැද්ද කොහෙද...

මම එහෙම කල්පනා කර කර ඉන්න අතරේ මගෙ කල්පනා ලෝකේ ආය බිදුනේ මල්ෂගෙ කටහඩින්...

" දැං ඉතිං පෑස්බුක් මල් යායවල් වල හෑලි තියෙයි මදි නොකියන්න..."

ඒකි කියන එකත් ඇත්ත තමයි ඉතිං ... මොනාව හරි ලව් කේස් එකක් උනොත් හෑලි ලියන එක අපෙ මිනිස්සුන්ගෙ පුරුද්ද නේ...පාරෙ අයියයි , නංගි අත් අල්ලන් ගියත් හෙට වෙද්දි නංගිව බඩ කරවන්න හෑලි ලියන සමාජයක් වෙච්චි කොට ඉතිං ආය අහන්න දෙයක්ද...?

" ඒයි...සුද්දා ...ආන්න... උබට ලොක්කා කැබින් එකට එන්නය කිවව"

මගෙ කැබින් රූම් එකේ දොරත් ඇරන් බාගෙට ඔලුව දාන් යුරේන් කිව්වෙ මල්ෂට ඇහැක් ගහන ගමන්... මුන් යකො...හුහ් ... අපිට මොකෑ...මොනවා උනත් යුරේනයා මල්ෂගෙ පස්සෙ ඇබලයා වගෙ යනවා කියන එක මුලු ඔෆිස් එකේ ප්‍රසිද්ධ රහසක්...

කොහොම උනත් දෙන්නා ගැලපෙන ජෝඩුව...එක අතකට ....

මාත් ඉතිං යුරේන් කිව්ව එකට හිනාවක් දාලා ඔලුව වනලා පුටුවෙන් නැගිට්ටේ..ආය නාකියට මාව ඔන වෙලා තියෙන්නෙ ඇයි බලන්න...මෙහෙම ගියොත් නාකියා හෙට අනිද්දා ගෙදර ට බඩු ගෙන්නත් මාව මාකට් යවයි...
හිත හිත දැං ටිකකට ඉස්සල්ලා බැනුම් අහලා ගිය කැබින් එකේ දොරට ගැහුවේ ...

" හ්ම්...එන්න..."

කියලා සුපූරුදු විදිහට ම නාකියාගෙ වොයිස් කට්ට ඇතුලෙන් ඇහෙද්දි...

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now