💜️21🖤

131 14 35
                                    

මම එහෙම අහද්දි එ මූනට හිනාවක් ආවා...හැබැයි එක විනාඩියෙන් කොල්ලා තොල කොනකින් හපාගෙන මං දිහා බැලුවා...
ආයත් බර හුස්මක්...

" එයා.... කව්ද කියලා මං දන්නෑ..."

" හ්හ් "

ඇහැල ගහ දිහා බලාගෙන , විනාඩි යක් දෙකක් තුනක් , හිනා උන ඇස් ආයත් බිමට හැරවිලා මගෙ ඇස්මානෙන් යන විදිය මම බලන් හිටියා. කව්ද ඒ... කියන කුතුහලෙත් එක්කම ඒහෙම්ම දොරත් ඇරගෙන පඩිපෙල බැහැගෙන පිටිපස්සෙ තාප්පේ ගාවට ගිහින් එතන පඩියට කකුල තියලා තාප්පෙට නැග්ගේ  ... එ කව්ද බලාගන්න ... එහෙම්ම පිටිපස්සෙ බොරළු පාරට පැන්නත් කහ කුඩේ අතුරුදන් වෙලා තිබ්බා...

" ෂිට්..."

වටපිට බැලුවත් ඇත්තට ම කවුරු ත් හිටියේ නෑ...

යොහ් බූතයක් ද ආහ් ... ඈ...මළගිය පරාන කා‍රේක්ද...ඇහැට කනට පේන මං වගේ කොල්ලො පස්සෙ එන්නෙ...ආහ්...මෝහිනී අක්කගෙ මේල් වර්ෂන් එකද... අත් දෙකත් ඉනට තියාගෙන බොරලු පාර එහෙ මෙහෙ ඔලුව හරව හරව බැලුවේ ... ඇත්තට සෑහෙන කුතුහලෙන් .

" ඈහ් ... පොඩි අයියේ..."

පාරෙ ඉස්සරහ බලන් හිටපු මං හෙමීට පිටිපස්ස බැලුවේ මට ඇහුන ස්ත්‍රී කටහඩට...

" ඔහ්... නෙතූ... මොකො මෙතන කරන්නේ "

" මමයි අහන්න ඕන..."

මොනවද පොත් තුනහතරක් තුරුළු කරගෙන හිටපු කෙල්ල මගෙ උඩ ඉදන් පහලට බලලා කින්ඩි හිනාවක් දැම්මෙ නැතෑ...

" මොනාද බලන්නෙ උබ ..."

" උබේ සෙස්සි බොඩි එක දිහා බැලුවේ...පරිප්පු ඇට දෙකත් එලියෙ දාගෙන මොකක්ද උබ මේ මහ පාරෙ කරන්නෙ...ඈ...අයියේ..."

" ඈහ්...මේකි..යකො....මොකක්ද කියන්නේ..."

හරි නෙනේ...ඉතිං ...දැං නෙ මතක් උනේ...කලබලේට උඩු කය නිරුවත පෙන්නගෙනනේ මෙ එළි බැහැලා තියෙන්නෙ ... ලැජ්ජාව බාල්දියෙන් එකක් මදි ...දෙකක් හොදටෝම ඇති ... ආයත් මේකි මගෙ මූන දිහා බලලා හෙන කින්ඩි හිනාවක් දැම්මෙ නැතෑ ...

" ආආආ...මම උබෙ අයියා ...  කොහෙද යන්නෙව්...ආහ්..."

"  අයියා උනත් මොකෑ...අපේ පොඩි හිත් අයාලේ යනවා උබලා හින්දා ... සමුදි අක්කලෑ ගෙදර ගිහින් එන්නං "

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now