💜️07🖤

243 29 34
                                    

මිස්ටර් ඒකනායක මගෙ පිටටත් තට්ටුවක් දාගෙනම එහෙම කියාගෙන ම නැගිටලා උසාවිය ඇතුලට ගියේ...මටත් නොදැනීම බර හුස්මක් පිටවෙද්දි...

විනාඩි ගානක් යද්දි කැමරා උස්සගත්ත මීඩියා කාරයෝ...උසාවිය වටෙ පිරුනේ ... මාසයක් අදින්න පුළුවන් රේටින් වැඩි වෙන නිවුස් එකක් නිසාමයි ඉතිං ... නිකං යෑ...

ඉහළ කෙනෙක් ගෙ අවසරයකින් තොරව පවුලෙ කෙනෙක් හරි ලෝයර් ට හරි ඇරෙන්න විත්තිකරු ව පර්නසලි හම්බෙන්න චාන්ස් දෙන්නෙ නැ කිසි කෙනෙකුට...ඒත් ඉහළ දැන ඇදුනුම් කමට මට චාන්ස් එක හම්බුනේ....

එයා ආවා...පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නෙක් එයාව  දෙපැත්තෙන් අල්ලන් එද්දි ... එයා හිටියේ බිම බලාගෙන ... එ පොඩි පිරිමි ලමයා හිටියේ බිම බලාගෙනමයි...

මගෙ හිත කිව්වෙම මෙ කොල්ල එහෙම නොකරන්න ඇති කියලා...ඒ උනාට ..සාක්ෂි...ඉස්සරහ සමහර වෙලාවට හෘද සාක්ෂියත් දෙපැත්තට නැවෙනවා... මට බලන්න ඔන උනා ඒ ඇස්...

ලී වලින් වට උන විත්ති කූඩුවට නැග්ග එයා...තාමත් බිම බලාගෙනමයි...


" නඩුකාරතුමා පැමිණෙනවා...."

හැමෝම තමන් ඉදන් හිටපු තැනින් නැගිට්ටේ එයාට කරන  ගෞරවයක්                      හැටියට .

" උසාවියේ කටයුතු ආරම්භ කරන්න "

ගෑනු ළමයගෙ පැත්තේ ඒ කිව්වෙ චෝදනාකරුගෙ පැත්තේ ලෝයර් නැගිටලා ආවෙ මේ වෙලාවේ....

" අවසරයි ස්වාමීනී ... මං මරණයට පත් වුන මේ ගැහැනු ළමය වෙනුවෙන් පෙනී ඉදින ලෝයර් .... "

එයා අවසාන ටික කිව්වෙත් තාම විත්ති කූඩුවේ තවමත් බිම බලන් උන්නු කොල්ලා දිහාට ඇස් යොමු කරලමයි.

" ස්වාමීනී ... මට විත්තිකරු ගෙන් ප්‍රශ්න කිහිපයක් විමසීමට අවසරද ? "

නඩුකාර තුමා දිහා බලාගෙන ඇසූ ඔහු ,

" අවසර ලැබෙනවා "

ලැබූ අවසරයෙන් ... තම කලු කබායත් හදාගෙන කලු සපත්තු දැමූ , කකුල් වලින් බර අඩි තබමින් ගියේ.

" ඔයාගෙ නම කියන්න "

ගැඹුරු සහ අනුකම්පා නොකර හඩින් ඔහු විත්තිකූඩුවෙ සිටින ලමයගෙන් ඇහුවේ.

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now