💜️06🖤

240 31 20
                                    

" පැය බාගයක්ම ගියානෙ..අප්පා...."

මාත් ඔලුවත් පෑනෙන්ම කස කසම කල්පනා කලෙ වෙන මොකුත් නෙවෙයි ෂෙහාන් සර් දැං අනුහස් අයියා එක්ක සෑහෙන වෙලා ඉදන් කැබින් එකේ...

ගහගෙනද දැන්නෑ...හැබැයි ...හෙන කදයා එක සොට් එකක් දෙයිත දන්නෑ ...මගෙ කස් එකට...අනෙ...මගෙ බඩ කීං කීං ගානවා...අප්පා...

නෑ...නෑ...ගහන එකක් නෑ...හෙන කදයා මොනා උනත් නරක නෑනේ...



" සුදු මල්ලේ මොනවද මෙ අහස පොළව අල්ලන්න කල්පනා කරන්නෙ "

බීසන සිතුවිලි දාමය ට නැවතීමෙ තිතක් තියලා...මෙච්චර වෙලා ඔලුව කස කස හිටපු පෑනෙ කොපුව පැත්තකින් ගලවලා තියලා පෑන කටේ ගහගෙන හපන්න ගත්තේ ... ආව කෙනාගෙ මූනත් බලාගෙන...

" නිර්වාන් අයියේ "

මගෙ පොඩි කැබින් එකේ දොරට හේත්තුවක් දාගෙන හිටියේ නිර්වාන් අයියා... මෙහෙට ආව දවසෙ ඉදන් එයාගෙම සහෝදරයෙක් වගේ මම ගැන හොයලා බැලුවේ එයා.

" ම්ම් මොනවද කොල්ලා හිතන්නෙ ..."

මගෙ ඔලුවටත් තට්ටුවක් දාගෙනම ඇවිල්ලා මගෙ මේසෙට හේත්තු උනෙ අත් දෙකත් පපුවට බැදගෙනමයි.

" ම්හුක්...මොකුත් නෑ...."

"ම්ම් නැති වෙන්න බෑ....ඇයි කුකුලා බැන්නද ආය..."

" මොන කුකුලා "

මම ආයෙත් ඇහුවේ අයියා කියන කුකුලා කව්ද අහන්න...

" හහ්...වෙන කව්ද ඉතිං ෂෙහාන් සර් මිසක් "

" අනේ....."

" මොකද උබ ...ආහ්...."

" හුහ්...මොකුත් නෑ..."

" උබේ හුරතලේ හින්දා කවුරු උබව උස්සන් යයිද දන්නෑ "

" කමක් නෑ "

" එහෙම බෑ "

" ඇයි ....ඒඒඑ..."

" හා හා උබට එ පැහිච්චකං වැඩක් නෑ "

" යෝ මොන පැයිච්චකංද මගෙ "

" මල්ලි කාලද ඉන්නේ ?"

" ඔහ් ඔහ් "

" හ්ම් හ්ම් මං යනවා එහෙනං "

කියලා උදේ පාන්දර ලස්සනට පීරපු කොන්ඩෙ නපුරු බොසා අව්ල් කලාට පස්සෙ ...නිර්වාන් අයියත් අව්ස්සගෙනම ගියෙ...

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now