💜️12🖤

192 23 49
                                    

"නුඹෙ ලෙංගතුකමට
හිතින් මා පෙම් කල තරම්...
නොකිව්වට මං කියයි නුඹ හට
වැව රවුමෙ රොබරෝසියන්...

ගිහින් අහපං ,
අහසින් සෙංකඩ
ප්‍රේමයේ පරිමාව දැං .."

උදේ , කව්ද කෙනෙක් කරපු ඉල්ලීමකට ෂාFM එකේ සිංදු වක් ගියේ උදේ කෑම කකා හිටපු මාව , සිංදු ව ඇතුලටම වද්දගද්දි ,

රොබරෝසියා වසන්තය , සාහිත්‍ය කා වැදුන මිනිස්සුන්ගෙ හරි අපූරු , ජනප්‍රිය මාතෘකාවක් ! මං අහන්නෙ නුවර , එච්චර ප්‍රේමනීයද ? ඔය කියන තරං , හමුවෙලා වෙන්වෙන ප්‍රේමකතා එච්චර ප්‍රේමනීයද ? පත්තර වලට කතා ලිව්වට , සමහර සිද්දි වල සුල මුල නුවර ට වඩා ප්‍රේමනීය උන දේවල් තිබ්බා...
ඒවා හමුවෙලා වෙන්වෙන කතා නෙවෙයි , ඒවා හමුවෙලා බලාපොරොත්තු මැරිලා ඒත් හුස්ම අල්ලන උන්...

මම දැකපු ප්‍රේමනීයම මිනිස්සු හිටියේ අංගොඩ මානසික රෝහලේ... සමහර හදවත් එකම කෙනෙක් වෙනුවෙන් පනගැහෙනවා...බලාපොරොත්තු ඇතුවම...සමහර ඇස් බලන් ඉදලම රිදි රිදී ආයත් බලන් ඉන්නවා...ඉතිං ඒවා හමුවෙලා වෙන්වෙන ප්‍රේමකතාද ?

සෙංකඩගල අහසින් මගෙ ඔලුවට ආව ... කල්පිත ටික මටම තේරුනේ...වෙලාව දැනටමත් අටයි නේද ? කියලා මොලේට ඩෑස් එකක් වැදෙද්දි...

ටසිරි වෙනවනෙ ඉතිං ... ඔක්කොමත් හරි ෂෙහාන් බොසා මොකද කෝල් එකක්වත් නැත්තේ .. සුවර් එකටම බේබදු වර්ෂන් එක ඉවර නැද්ද කොහෙද ?

දොරත් ලොක් කරගෙන , කටත් පිහ පිහම ආවේ කාපු පාන් ටෝස්ට් එකෙ කුඩු කට වටේ කියලා දැනුන නිසා....එතකොට ,

" නිර්වාන් අයියා ..."

කලු පාට Fz බයික් එකේ , එක අතක හෙල්මට් එකකුත් දාගෙන , හිනාවෙවී අපාර්ට්මන්ට් එක ඉස්සරහ ඉන්නවා දැක්ක මං ගැස්සුනා...

" ගුඩ්මොර්නිම් සුදු මල්ලෙ...මොකො බය වෙලා "

" බය නෙවෙයි මම ගැස්සුනා...මොකො මෙහෙ ..."

" නංගි ව ඉස්කෝලෙ දාලා ඉවර වෙලා ආවේ... මම හිතුවා හරි තාම ගිහින් නැ..මම මෙ කොල් එකක් ගන්න ලෑස්ති උනා විතරයි .. ඔයා ආවේ..."

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now