💜️16 🖤

169 18 25
                                    

" ඔහොම නෙවෙයි යකො ! අඹ ඹයන්න අඹයක් වගේ දානවද...ෆොන්ට් එක අඩුකරපං..මට නිකං කලන්තෙ වගෙ යකොව් "

ෂෙහාන් සර් ට හිතින් දෙහි කප කප නිර්වාන් , දෙව්නිත්ට වැඩ උගන්නන ගමන් හිටියේ ... කීවෙනි පාරටදො මන්දා කොල්ලා , මට නිකං කලන්තෙ වගෙ කියලා...ජාතික වාක්‍ය විදිහ දෙව්නිත් ට මහ සද්දෙන් කියලා.

" ඉතිං අනේ...කෑගන්නෝනෑනේ...ලොකුවට දැම්මේ පත්තරේ කියෝන මිනිස්සු න්ට අකුරු පේන්න එපෑ....හතලිස් ඇදිරිය මනුස්සයෙක් එහෙම කියෙව්වොත්...ඉතිං ...පත්තරෙ ඇස් වලට ලං කරලා තමා කියවන්න වෙන්නෙ.."

" කන්නාඩි කියලා ජාතියක් තියෙන්නෙ ඒකට..."

" ඉතිං අයියෙ හැමොටම කන්නාඩි තියනවෑ.."

"උබට එ පැයිච්චකං වැඩක් නෑනෙ මල්ලි...මෙන්න මෙ වැඩේ කරහන් "

" හුම් ! පොඩි දරුවන්ට සැර කරන්න එපානේ...අප්පා...හිත රිදෙනවා නෙ "

තොලත් නොපිටට හරවගෙන ඇසුත් හීනි කරගෙන කිව්ව දෙව්නිත් දැකලා , නිර්වාන්ට හිනා යන්න ආවත් ආයාසයෙන් හිනාව පාලනෙ කර ගත්තේ කොල්ලා එයාව තවත් විහිලුවට ගනී කියලා හිතාගෙන.

" උබ හෙන දගයි "

" මං දන්නො අපෙ අම්මත් කියනවා "

" එහෙනං දැං මෙ ආර්ටිකල් එක හදලා දියං "

" මේ නිර්වාන් අයියේ ... "

දෙව්නිත් ආය ලැප් එකේ වචන තුනක් හතරක් ටයිප් කරලා නිර්වාන් ට ඇමතුවත් , මෙවර නිර්වාන් තම ලැප් එකෙන් හිස ඔසවන්නෙ නැතිවම දෙව්නිත් ඇමතුවේය.

" හ්ම් "

" මෙහෙ බලනවකො ..."

" පේන්නෙ නැද්ද මම වැඩක් , ඔයත් ඔය වැඩේ කරලා ඉක්මනට ගෙදර යන්න..."

"  බෑ මං යන්නෑමයි...මම හෙටත් එනවා , ආය අනිද්දත් එනවා...ඊලග සතියෙත් එනවා , මාසෙත් එනවා අවුරුද්දේ ත් එනවා...අහ්හ්...."

" අනෙ  පොඩි එකෝ ! හරි කියනවකො ඉතිං අහන්න තියෙන දේ "

" මේ....ඔයා.......... බැදලද ඒයි "

දෙව්නිත් ඇදලා පැදලා ඇහුව විදිහට ආයත් නිර්වාන්ට හිනායන්න  ආවත් ,

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now