💜️17🖤

152 21 23
                                    

" එන්න "

කියද්දි මම සර් ගෙ කැබින් එකට ගියේ
පොඩ්ඩක් රවාගෙන වෙනකොට ... සුපුරුදු පරිදි උදාරෙන්ම පොර ඔලුවවත් උස්සලා බැලුවෙ නෑ ... ආද්‍යාත්මික සුවය ... කමක් නෑ...ඌ බොසා මම සේවකයා... 

එහෙමයි කියලා බෑනේ...මෙව්වා සේවක අරමුදල් උල්ලංඝනය කිරීමක්...ආෂ්...අරමුදල් නෙවෙයි නෙහාන්...ප්‍රතිපත්ති ...ප්‍රතිපත්ති ... මං යනවා ඉහල උසාවි...ඇයි අප්පා...මුංගෙ ගනන්...මුගෙ තරං ලොකුකම්ක් නැතුව ඇති චාල්ස් කුමාරයටත්...හහ්...

ඔයත් ඔහොමනේ සෙහාන් සෑර්...මාත් මේමයි...හහ්...

දඩස් ! ගාලා පොඩි සද්දෙකුත් දාගෙනම ෆයිල් එක මේසෙන් තිබ්බ මං අත් දෙකත් පපුවට බැදගෙන ඇස් දෙකත් හීනි කර ගත්තේ මගෙත් හෙන ගනං කියලා පෙන්නන්න...

මමත් සැලෙයි ඔව්වට සෙහාන් !

ෂෙහාන් සර් ... ඔලුව උස්ස්ලා බැලුවෙ සද්දෙටමද කොහෙද ... මං දැක්කා ලාවට හිනාවක් එ මූනේ ඇදෙනවා... හරි දගකාර හිනාවක්... මට ලෝබ හිතුනා ඒකට නං..ඇත්තමයි...ෂෙහාන් උබෙ හැම හිනාවකටම මම හෙන ලෝබයි. දාන් උන්නු කන්නාඩි දෙක ගලවල මේසෙන් තියලා ... කම්මුලට අත් දෙකත් තියාගෙන මොකුත් නොකියා මං දිහා බලන් හිටියා.

ස්ලිම් ෆිට් ෂර්ට් එකට අත් දෙක යෝදයෙක් වගෙ කැපිලා පෙනෙද්දි...කෙල ගිලුනෙ නෑ කිව්වොත් බොරුවක්...පෙරේත කමට නෙවෙයි , ලාවට බයට...හී...වගෙ එහෙකට...

මමත් ඉන්න විදිහට ම ,

" ඇයි මූනෙ කලීෆා අක්කවත් නටනවද ? ඔහොම බලන්න "

" මොකො මෙ සුදු බෝලේ පත්තු වෙලා "

" මොකුත් නෑ "

" සුදු බෝලේ රවද්දි තමයි ලස්සනම ...ම්ම් "

" මම රවන්නෑ මෙ ...බලනවා... ඇස් පේන්නෙ නැද්ද ...දැං නාකි නෙ ඉතිං ...නාකියා "

" යකො...මූ... සුගර් අප්ප්ච්චිලා තමා සුදු බෝලෙ දැං ට්‍රෙන්ඩ් එක ...ම්.."

කියල පොර දස වලත්ත හිනාවක් කට නොනින් දාගෙන පුටුවෙන් නැගිටලා මං ගාවට ආවේ මම තාමත් මගෙ ඒකමතික තීරනේ ඉද්දි...

" හුහ්..මේක හරී මගුලක් උනානේ..."

ගස්සලා අහක බලාගත්තු මගෙ ඉනෙන් අල්ලන් ලගට ඇදල ගත්තේ මගෙ කන් ඇතුල ලාවට ප්‍රෂර් කුකර් එකක් වගෙ රත් වේගෙන එද්දි...එහෙමයි කියලා මම සැලෙන්නෑමයි...හහ්

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now