💜️15 🖤

171 21 55
                                    

" අයියා හයියෙන් අල්ල ගන්නෝ "

හෙමින් යනවා කිව්ව පොඩි එකා...ඇරලා ගියේ මගෙ කුලුදුල් ජීවිත කතාව මෙතනින්ම ඉවර වෙයි දෝ කියන බයත් මගෙ හිතේ මුදුන්පත්වෙද්දි...

" මළ ගෙදරක්...."

කොල්ලා ෆුල් ෆේස් දාගෙන බයික් එකේ යන ගමන් මොකද්දෝ කිව්වා...එහෙම්ම අහගන්න මම කොල්ලගෙ උරහිස ගාවින් ඔලුව දැම්මේ...මොකක්ද මළ ගෙදර කියලා අගහගන්න...

" කෙල්ලෙක්....කෝ....කොහෙද ? "

කොල්ලත් මොකක්ද කිව්වා

" හත් දවසේ දි මිනිය නැගිට්ටා "

හුලං කපාගෙන යන බයික් එකෙදී හත් දවසේ දි නැගිට්ට මනුස්සය කව්ද කියලා අහගන්න මමත් හෙන කුතුහලෙන් හිටියේ ,

" මම තාම වර්ජින් අයියේ..."

" කොහෙද ?"

" දැං බෑ අයියේ "

" බෑ...ඇයි කියන්න බැරි ?"

" බැන්දොත් එකයි නොබැන්දොත් ගොඩයි අයියේ "

" බැන්දා...මිනියවද ? "

මූ මාර යකෙක් නේ...මිනියක් කසාද බදින්න...හෑ...වෙන්න බෑ...හැබැයි මූ ඒකත් නොකරන එකෙක් නෙවෙයි ...දෙයියනේ ...අර මනුස්සය පපුවෙ අමාරුවක් නොහැදුනා ඇති. එතකොට මූ මිනිය එක්කද අර වැඩේ කරලා තියෙන්නෙ ... සික් සික්...නෙහාන් ...කැත කතා හිතන්න එපා...වෙන්න බෑ...වැරදි යට ඇහුනද දන්නෑ...

" අයියේ ඔයා බැන්දද ? "

මෙන්න ආයත් බැන්ද කතාවක් අහනවා...ඇත්තට ම...මට නිකං පැනික් වගේ...

කෝහොම හරි තවත් විනාඩි ගානක් යද්දි , වෙහිකල් පාර්ක් එකේ බයික් එක නැවැත්තුවේ මම සැනසුම් සුසුම් හෙලද්දි...

" අයියේ ! බැන්දේ කාවද ?"

බයික් එකෙන් බැහැල හෙල්මට් එක ගලවන ගමන් කොල්ලා මගෙන් ඇහුවේ මම උඩ බිම බලද්දි ,..

" මං .."

" ඔව් ඔව්..ඔය කිව්ව්වෙ මොකක්ද "

" මම යෑ උබනේ මළ ගෙයක් ගැන කිව්වේ ?"

" හෑ...කාගෙද "

" මිනියක් බැන්ද කිව්වේ "

" මගෙන් කෙල්ලෙක් ඉන්නවද ඇහුවේ "

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now