💜️22🖤

117 18 17
                                    

මොහාන් රාජ් මඩවල ... මට හම්බුන තවත් පුදුම සහගත කතාකාරයෙක්... මගෙ ලිස්ට් එකේ මම කැමති ම පොත් රචකයෙක්...මහ අමුතු වයිබ් එකක් ඒ කතාවල තිබ්බේ...බෑග් ඒකෙ දාගෙන ආව " ලොවීනා " අතට අරගෙන කියවන්න ගියේ..කතාවේ අවසානේ දකින්නත් මට තිබ්බේ පිටු දෙක තුනක් උන නිසා.

පොතේ නම ලොවීනා , කෙල්ලේ උඹෙ නමින් ලියවුනාට මුලු කතාවම පුන්නිගේ නේද...ඇත්ත ඒකි යකඩ ගෑනියක්...මම පොත පුරාම දැක්කේ මාළිගාවෙන් , රොඩී පැල්පතට ආව යකඩ ගෑනියකගෙ සිතුවිලි , කොච්චර බාදා ආවත් සනුහරයක් වෙනුවෙන් ඒකි යුතුකම් ඉස්ට කලා... ලොවීනා කියලා පොතේ නම තිබ්බට මොකද ලොවීනා , උඹ ගාව මේට්ලන්ඩ් ට දෙන්න ප්‍රේමයක් තිබ්බෙ නෑ...අවසාන පිටුවේ මේට්ලන්ඩ් නැව් නගිද්දි , උබට දුන්න ප්‍රේමේට , උබ දුකට නැව්තොටුපොලට ආවෙ නෑ කියලා හිතුවේ...හැබැයි ඇත්තම කාරණෙ උබේ හිත තිබ්බේ උතියා ගාව...

අවසාන පිටුවත් හිතේ මහ ගොඩක් දේවල් තියාගෙන කියෝපු මගෙ අවසන් නිගමනය උනේ... පුන්නි ඒකිගේ සනුහරේ වෙනුවෙන් පුළුවන් උපරිම කලා...ඒකි ගලේ ගහලවත් මරන්න බෑලු...අන්තිමේ ඒකිගෙ අන්තිම හුස්ම ඒකිම යවාගත්තා...එතකොට ලොවීන... උතියා හොයාගෙන රටේ කෙලවරටම යන්න ඇති .

ඉතිං , කිව්ව තරං ප්‍රේමයක් , ප්‍රසිද්ධ වෙන්න , උබට තිබ්බද ? රොඩී ගෑනු උඩුකය වැහෙන්න රෙදි  ඇන්දේ උඹ හන්දා...මේට්ලන්ඩ් උමගක් හෑරුවා උඹව හම්බේන්න , රට්ටු කතා කීවා මේට්ලන්ඩ් රොඩී මායාකාරියක්ට රැවටිලා කියලා... උන්ගේ සනුහරේ දැලි ගානවා කියලා එතකොට ලොවීනා...කෝ කිව්ව තරං ප්‍රේමයක්...! මේට්ලන්ඩ් රැවටුනා..!! උඹ ඇග මේට්ලන්ඩ් ට දුන්නා...උබේ හිත උතියා ගාව නැවතුනා !!

ඉතිහාසේ හැමදේම ඇත්ත නෙවෙයි නේ ...ඒක

රියැලිටිය හංගන මනක්කල්පිතයක්...!!

අන්තිම පිටුවත් කියවලා ඉවර වෙලා , බුක්මාර්ක් එකත් එලියට අරං පොත වහලා , ආයත් පොත හරව හරව බැලුවේ,පිට කරවරේ... දුඹුරු කෙල්ල , ලොවීනා. ඒකිගේ  රූපේ කොහොමද කියන්න මට මැවුනා ... අංගසම්පූර්ණ දුඹුරු රොඩී කෙල්ල !!

" ආශූඌඋ..."

හෙවිල්ලක් බැලිල්ලක් නෑ , දොරත් ඇරගෙන ඇතුලට ආවෙ නෙතුම්‍යා ... ඇත්තට ම කොල්ලෙක් වෙන්න ගිහින් අනූමයයි දසම ගානෙන් මිස් වෙලා තියෙන්නෙ ...

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now