💜️23🖤

123 17 9
                                    

" ම..මට ඉන්න දෙන්න...අනේ...මං..මට ගහන්න එපා...මං..."

කොල්ලා මගෙ ඉස්සරහ හූ තිය තිය අඩන්න ගත්තේ , මේක ඇහුනා නං අම්මපයි මේ වත්තේ හොල්මන් ඉන්නවා කියලා ඊගාව දවසේම හොද සන්නියක් නටයි කියලා හිත හිතාම මම හෙමින් සැරේ කොල්ලට කිට්ටු කලේ...

" මේ මේ...ඒයි මම තමුසෙට ගහන්නෑ...මේ බලනවා මම මනුස්සයෙක් ..."

කොහෙද කොල්ලා ඇහුවේ නෑ... ආයත් මේකා මොනාදෝ කිය කිය අර මුල්ලට ගුලි උනේ , පූසෙක් වගේ...ඒ මදියට මූව ගැහෙනවා...

" මොන හුත්තක්ද යකො ...අඩවැඩියාව... මෙතන විතරයි නිදාසෙ උන්නේ...මේකා ඒකත් කෑවා...තමුසෙ නිකන් ඇනබෙලා බෝනික්කා වගේ..."

ඉන්න බැරි ම තැන මම හයියෙන් කෑගැහුවේ කොලල අඩන එක නවත්තනා ... නහය හුරුස් ගාලා ඇදලා ...නහයත් පිහදාගෙන..

" මං... මං එච්චර බය හිතෙන කෙනෙක් ද ඒයි..."

කොල්ලා ඇහුව විදිහට හිනත් ගියා...අඩන එක පැත්තකද දාලා ඇනබෙලා වගෙද ඇහුවා... මූ හරි හුරතල් කොලු පැටියෙක්...

" කෝ ඔතනින් එළියට එනවා..."

මම ආයත් ටෝච් එක කොල්ලා ඉන්න තැනට ඇල්ලුවේ අස්සෙ හිටපු එකාට එළියට එන්න...
පස්සෙ කොල්ල මං දිහා ටික වෙලාවක් බලා ඉදලා හෙමීට පඩිපෙල යටින් එළියට ආවේ , ඇස් දෙකත් පිහන ගමන් මං දිහා හොරෙන් බල බල... මට හිනා යන්න ආවත් ... උට නෙවෙයි වගෙ හිටියේ ... නැත්නම් උට නෙවෙයි මගෙ තත්වෙට හරි නෑ...මොනා කරන්නද ඉතිං පරම්පරා මාන්නෙ නේ...බැක් සයිඩ් එකේ ඉදම්ම...

එහෙම්ම දෙන්නා එක්කම එළියට ඇවිල්ලා ඉස්සරහට පිලේ ඉදගත්තේ...මම ටෝච් එකත් ඕෆ් කරනකොට...කලුවරයි...මට ඇහෙනෙ ඒකාගේ උඩ පහල යන හුස්ම විතරයි ... හරි බර හුස්ම ඒකා යැව්වේ...විනාඩි ගානක් අපි දෙන්නා අතර නෝ කතා නෝ සිනා...මමම කතා කරන්න තීරනේ කලා...

" තමුසෙ ඇයි ඇඩුවේ ..."

" ........ "

ඒකා කලේ නහය උඩට අදින එක ...

" තමුසෙ කියන්න අකමැති නං මට මොකො...නම මොකක්ද ...තමුසෙ ගොළු නෑනේ...දැං ඔය හොදට ඇඩුවේ..."

කළුවරෙ උනත් , ඇස් හුරු උනාට පස්සෙ මම දැක්කා උගෙ කම්මුල් හෙලවෙනවා...ඒකා හිනා උනා...මට ලෝබකමක් ආවා උගෙ හිනාව බලන්න...ඇහැල මල් හිනාවෙනවා වගේම ඇති ...

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now