💜️03🖤

317 37 39
                                    

" හිරු සදුත් හමුවෙන් නැති ,
එකම අහසේ පායනා
ඉතිං දුක් වෙන්නෙ කිමද අපි
දිනක් එයි අප හමුවනා..."

කාර් එකේ කැසට් එකේ ගිය සිංදුව ෂෙහාන් හෙමින් හෙමින් මුමුනන ගමන් වාහනේ ඩ්‍රයිව් කලේ... ඇත්තට ... එකම  අහසෙ පායන ඉරයි හදයි කවදාවත් හම්බවෙන්නැත්නම් , සමහර ආදර කතා ගැන ආය මොකටද කතා කරලා... ඉරයි හදයි හම්බවෙන්නැති එකත් හරියට පලවෙනි ආදරේ වගේ... කීයෙන් කී දෙනාටද සාර්ථක වෙන්න පුළුවන් ... ඇත්තමයි ... සමහර  මිනිස්සු න්ට හම්බ වෙන්න ඔන පතොක් ගස් වගේ මිනිස්සු ... හෙම්බත් වෙලා බැරිම තැන ඉන්න මිනිස්සු න්ට පතොක් ගස් වගෙ මිනිස්සු හම්බෙන්න ඔන...ඉඩෝරෙත් දලු දාන හන්දා...සිංදුව ක් නෙවෙයි අධිමාත්‍රාවක් ... ඇහෙද්දිත් පපුවට තේරුම් ගන්න බැරි බරක් අප්පා....

" සුදු බෝලේ..."

ඒ නමමයි... සිංදුවෙ බර ට තාම පපුව ඇදුම් කද්දි ... ෂෙහාන් කියන තාමත් මට අධි නැති මාත්‍රාව කතා කලේ...මම හිතන්නෙ සිංදුව ඉවර හින්දද කොහෙද...

" හ්ම්ම්ම්"

" සුදු බෝලේ දන්නවද ? "

" මොකක්ද ?"

" හම්බවෙන්නැති බව දැනගෙන කරන ආදරේ හරියට දැනෙනවලු ... "

එයා කිව්වා... ඇත්තට ...

" හම්බවෙන්නැත්නම් ඇයි ඉතිං ආදරෙ කරන්නෙ ...නිකන් වේදනාවක් විතරයි සර් ඒක..."

මම දැක්කා එයා හිනාවෙනවා...මම හිනාවෙන්න දෙයක් කිව්වෙ නෑනෙ ... ඇත්ත නෙ කිව්වෙ ... එකතු වෙන්න බෑ කියලා දැන දැන නං ආදරේ කරන්නෙ ... ඇයි ආදරේ කරන්නෙ...දෙන්නට ම වේදනාවක් විතරයි ...

" උන් හරි නිර්භීතයි සුදු බෝලේ... උන්ගෙ හිත් දන්නව ... කවද හරි දවසක මට දාලා යන්න වෙනවා කියලා ... උන් හරි ලෝබයි සුදු බෝලේ..."

කදුලු ... එ ඇස් වල කදුලු ... එයා අඩනවද...ඇයි අඩන්නෙ...එයා...මම ආයෙත් එ ඇස් දිහා බැලුවෙ කුතුහලෙන්...කෝපි පාට ඇස් තෙමෙනවා... ඔය ඇස් තෙමන්න එපා සර් ...

" සුදු බෝලේ ආදරේ කරලා තියෙනවා ද "

එයා මම දිහා නොබලා මගෙන් ඇහුවේ...මම ආදරේ ... මමයි ආදරේ යි අතරේ සෑහෙන දුරක් තියෙනවා... හැබැයි ...

💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)   Where stories live. Discover now