අටවන පත්රය
රෝහල් ගත කර සිටි තම සීයාට සිහිය පැමිණි බවට ලද දුරකතන ඇමතුම පිළිබඳ අනෙක් සීයාට පැවසීමට යුවිත් නිවස පුරා දිව්වේය.
"සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු
ජීවන මං පෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමු වුයේ"........
සීයේ..... පපූ..... මෙ ඉන්නෙ සින්දු අහ අහා...ඇයි මේ බෙරිහන් දෙන්නේ
ඩැඩාසීයට සිහිය ඇවිත් හොස්පිට්ල් එකෙන් කතා කළා.හොඳට කතා කරනවලු දැන්.
ම්....එහෙනම් කාලේ හරි
අපි ඉක්මනට යමු ලෑස්ති වෙන්න අම්මා අරහේ සතුටු ටැප් එක ඇරගෙන..ඉක්මනට ලෑස්ති වෙන්ඩෝ.
රොහලට පැමිණි මොහොතේ සිට අදරයෙන් වෙලි සිටින තම මුතනුවන් දෙපලට ඔවුන්ගේ ලොවෙහි තනිවන්නට ඉඩදී අන් පිරිස වෛද්යවරයා මුණගැසීමට ගියේ ඉදිරි කටයුතු ගැන විමසීමටය.තම තුරුණු දිවිය ගතකර මහළු වියේ පසුවන එසිදු හා දිසස් රෝහල් කාමරයේ එකිනෙකගේ දෑත් අල්ලා එකි නෙකා දෙස බලා සිටියේ දැඩි ආදරයෙනි.
මම දැනගෙන හිටියා මුකුත් නොකියා යන්නේ නෑ කියලා
යන්න හිත දුන් නැහැ..ඒත් ඉන්නත් බෑ
අපේ කාලේ දැන් ඉවරයි
හ්ම්....යාළු වුණා තරහ වුණා රණ්ඩු වුණා පිස්සු වැඩ කරා ආදරේ කළා කසාද බැන්දා ළමයි හැදුවා මුණුබුරොත් බැලුවා පසුතැවිල්ලක් නෑ...
ඇත්ත...
ම්ම්..මට..ඔයාට කියන්න කලින් නොකියපු දෙයක් තියෙනවා...ඔයා දන්නවද මම ඉස්සෙල්ලම ආදරේ කලේ සරිත්යට.
ඔව් මං ඒක දැනගෙන හිටියා
කොහොමද ඒක කවුරුත් දන්නෑ අඩුම ගානේ....
ඒක මම දැන ගත්තේ.. නුරාද්ගෙන්....පලවෙනි පාරට මං ගොඩක් ආත්මාර්ථකාමී වුණා.මම පොඩි කාලේ ඉඳන් ඔයාට කැමැත්තෙන් හිටියේ.ඒත් ඔයා පොඩීව තෝරාගනී කියලා හිතුනෙම නැහැ. මම හිතුවේ ඔය දෙන්නා අතරෙ තියෙන්නෙ යාළුකමක් කියල විතරයි.සමාවෙන්න මට දිසස්.

أنت تقرأ
උණ පත්ර
غير روائيමිත්රත්වයද ආදරයද වටිනා කමින් වැඩි.යාලුවෝ දෙන්නෙකුට පෙම්වතුන් වෙන්න පුලුවන් නම් ඇයි පෙම්වතුන් දෙන්නෙකුට යාලුවෝ වෙන්න බැරි.ආදරේ කරන කෙනාටම ආදරේ ප්රකාශ කරන්න අවස්තාවක් හැම වෙලාවෙම ලැබෙනවද.ඒකපර්ශවික ආදර කතා වලට සතුටුදායක අවසනයක් නැද්ද.කවදාවත් කිසි දෙය...