21

10 4 0
                                        

විසි එක්වන පත්‍රය

එක දවසක අපි නූපූරුදූ සුවඳක
හිත හෙමිහිට බැඳුනා
අප හමුවුණු හිනැහුණු මතකය
සසර පුරුදු හැගුනා
ජන්මෙන් ජන්මේ
ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
ඔබේ සූවඳ දැනුණා...

එෆ්බී මිතුරා වූ සිදුහෝප්ස් එවූ ගීතය තමා ව පියවි ලොවින් ඈතට ගෙන ගිය බවක් යුවිත් නොදත්තේය.ඔහු දෑස වසා ගෙනම හොඳින් ඒ සිංදුවට සවන් දුන්නේය.හිමිනොවනා කල්හිද මතු ජන්මයේ හෝ පතන,හිමි වූ කල්හිත් මතු උපදින ආත්මයක් පාසා ප්‍රාර්ථනා කරන සසර සත්වයෝ දුක,සතුට,බය,වේදනාව,වින්දනය යන සියළුම හැඟීම් එකට මිශ්‍රව තැනී ඇති තනි වචනයකට කොතරම් ලොබ කරන්නේ දැයි ඔහු සිතුවේය.හිමි වූ ආදරයක් අහිමි කරගෙන තැවෙ,අහිමි ආදරයක් නිසා තැවෙන, හිමිකර ගැනීමට නොහැකිව තැවෙන,හිමි වූ නිසාවෙන් තැවෙන හදවත් අතර,නොලැබීම බලා හිඳීම, පරිත්‍යාගය ,සුසුම් ලමින් දරා ගනිමින් එය ප්‍රේමය යැයි කියනා හදවත් ලොව ඇත. ප්‍රේමය මෙයයි කියා කිසිවෙකුට පැවසිය නොහැකි වන්නේ එය මුණගැසුනු හෝ එය විදි අයෙකුටවත් එය හඳුනාගත නොහැකි නිසා දැයි සිතිය හැක.

අඩෝ යුවිතා...

ධනූර්ගේ හඬින් නැවතත් cafe එකට පාවී ආ යුවිත් තම දෙඇහි බැම් ඔසවා මන්ද යනුවෙන් ඇසුවේය.

ඒ අතන ඉන්නවා කෙල්ලො ටිකක් දැන් ටික වෙලාවක ඉඳන් අපි දිහා බල බල.

ඒක එච්චර දෙයක් ඇයි. උඹේ පාඨක රසික රසිකාවියෝ වෙන්න ඇති.තව ටිකකින් එවී මොකක් හරි උස්සන් අනේ අයියේ මේක සයින් කරලා දෙන්නකො මට . මම ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක් කියලා.

ම්ම්ම්ම්.. අර සුදු පාට ගවුම හරිම හුරුපුරුදුයි වගේ.

මම උඹට කිව්වා ඔය ගෙවල් වල වැල වල් වල තියන රෙදි හොරකම් කරන පුරුදු මෙහාට ගේන්න එපා කියලා

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මටනම් දැන් එපා වෙලා ඉන්නෙ බං තනිකඩයි කියලා මෙහෙම ජීවත් වෙන්න ඕනෙද.අම්මට කියන්න ඕනේ කේන්දරය වත් බලලා දෙන්න කියලා.

අනේ අපේ කෙල්ලට දුක හිතිලා..

දුක නැද්ද බං ඉපදුන දවසේ ඉදන් එකෙක් මගෙන් යාලු වෙන්න අහලා නෑ.මම කොල්ලෙක් වෙලා ඉදිය නම් දනී කෙල්ලො හතර පස් දෙනෙක් එක්ක යාළුවෙලා මෙලහකට.

පව් උඹ.කවද හරි උඹේ එකා ආවම ඉස්සෙල්ලම ගහපන් කනට මෙච්චරකල් කොහේද හිටියේ කියලා.

ඇත්ත දෙනවා මම...

මේ ඒක නෙමෙයි අතන ඉන්න බෝයිස්ලා දෙන්න.අර එතන ඉන්නේ උබේ ක්‍රශ් එක නේ. අර උඹ එකක් නෑර කියවන්න පොත් ලියන එක්කෙනා නේද.

ඔව් ඔව් අනෙ කෑගහන්න එපා. එයා තමයි මම කීප සැරයක්ම ඒ පැත්ත බැලුවා කෝ කොහෙද..

දෙන්නම මාර හැන්ඩි නේ...

 කැෆේ එකේ කොනේම මෙසේ වාඩිවි තම කටයුතු වල නියැලී සිටින තරුණයන් දෙදෙනා දෙස නිහාරිකා බලා සිටියේ සතුටෙනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කැෆේ එකේ කොනේම මෙසේ වාඩිවි තම කටයුතු වල නියැලී සිටින තරුණයන් දෙදෙනා දෙස නිහාරිකා බලා සිටියේ සතුටෙනි.කඩවසම් මුහුණක් හා මනා ශරීරයකින් යුතු ධනූර් දෙස තම ඇස් වඩාත් යොමු වන බව නිහාරිකා සිතුවත් අනෙක් ගැහැණු ළමුන් තමාට උසුළු විසුළු කරයි යැයි බියෙන් ඒ දෙස නොබලා සිටිය යුතුයි සිතා කැෆේ එකේ ගායනයෙහි යෙදී සිටින තරුණයා දෙස ඈ දෑස යොමු කලාය.

ලියවුනා ඔබ කවි පෙලක්
මැල වුනා තුන් යාමයක්
හද පලා යන දුක එක්ක
ඉන්නවා මම මග බලන්
හේතුව හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන්සඳක් පායන්නේ කොහොමත්
මාසෙකට සැරයක් නේ බං
ඔබෙ ආදරේකට ආසයි වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද...

විසි දෙවනපත්‍රයට

හරි හරි යමු යමු...වින්ගාඩියම් බිබිඩි ලෙවියෝසා බබිඩි බූ...කාල යාත්‍රාව අතීතට...

උණ පත්‍රWhere stories live. Discover now