11

10 5 0
                                    

එකොලොස්වන පත්‍රය

ධනූර් පොතෙහි වැඩ සම්පාදනය කරනතුරු යුවිත් තම ජංගමදුරකතනය දෙස බලා සිටියේය
M.k.
පණිවිඩ තිරයේ සටහන්ව තිබුණු පැරණි පණිවිඩය දෙස යුවිත් බල සිටියේ සිනාසෙමිනි.

ඒක නෙමේ අයියෝ.. අහනවා කෝ අද අපි ගියා අලුත් කැෆේ එහෙකට එකේ බබල් ටී කියල එකක් දුන්න මෙලෝ රහක් නෑ.නිකන් අපෙ අම්ම උදේට හදල දෙන කිරි එක හදල පැය පහකින් විතර බොනකොට දැනෙන අන්න ඒ රහමයි.අහ් කියන්න අමතක උනානේ.. මාර වැඩක්නෙ වුණේ.. අපේ අක්කා ඉන්නේ එ..මෝඩ ..

තමා කවුදැයි වත් නොදැන තොරතෝංචියක් නැතුව දවසේ සිදුවන සියලු දේ තමා හා පවසන ඉන්නේ කොහෙද කවුරුන්ද මොනවද කරන්නේ නොදැන එකිනෙකා සමග මිත්‍රව සිටින ෆේස්බුක් මිතුරා හමු වීමට යුවිත්ට වුවමනා විය ය.තමා මෙරටට පැමිණි දිනයේදී නිකමට මෙන් තැනූ ව්‍යාජ ෆේස්බුක් ගිණුමෙහි මිතුරන් අතරින් නිතර නිතර තමා හා කුළුපගව කතා කරන සිදු හෝප්ස් ගිණුමට ඔහු සිතින් දැඩි ලෙස බැඳී සිටියේ.එකිනෙකා හොඳින් හදුනන කලක් මෙන් සිතුම් පැතුම් පවා හොඳින් ගැලපුනත් නිතර නිතර පොර කුකුළන් මෙන් ඇණකොටා ගැනීම ඔවුන් පණිවිඩ හරහා සිදු කළේය.වරක මේ ධනූර් තමාව විහිළුවට ලක් කරන්නේ දැයි සැක කළත් ඒ ඔහු නොවන බව යුවිත් දැඩි සෝදිසියකින් සොයාගත්තේය. පණිවිඩයක් නොලැබුණහොත් තමා අසනීප වේ යැයි සිතන තරමට ඔහු එම පණිවිඩ වලට ඇලුම් කළේය.

පොඩි එකෙක් අවුස්සන එකෙත් ආතල් එකක් තියනවා. පොඩි කිය කියා මැසේජ් දැම්මට හද්ද නාකියෙක් ද දන්නෑ.

ධනූර් හා යුවිත් දෙදෙනා පොත පිළිබඳ සාකච්ඡා කරමින් සුපුරුදු ස්ථානයේ සිටියේය.ධනූර් දුරකතනය දෙස බලා සිනාසෙන යුවිත් දෙස කම්මැලිකමින් බැලුවේය.

ඒක නෙමේ මහා කම්මැලි බං මේ පොත ලියන වැඩේ.

කම්මැලියි...එතකොට ඕක කියව කියව වැරදි හදන මට කොහොම කම්මැලි ඇත්ද. ඔය පොත ලියන වැඩේ නවත්තල දාල කසාදයක් බැඳපන්කෝ ළමයි දෙන්නෙක් හදාගෙන ගෙදරට වෙලා ගෑනි බලාගෙන ඉදපංකෝ.

බලාගෙන ඉන්න හරි ගෑනියෙක් නෑනේ බං. මේ ලංකාවෙ කෙල්ලන්ගෙ මාර ඔලුවක් තියෙන්නේ එහේ වගේ නෙමෙයි මෙහෙ.

උණ පත්‍රOnde histórias criam vida. Descubra agora