සිව්වන දිගහැරුම
අසල පාසල් කීහිපයක සිසුන් සහභාගිත්වයෙන් සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණය අරමුණු කොට පැවති සෞන්දර්ය විශයන් සදහා වූ වැඩමුලුවට පැමිනි නුරාද් විවේකය අතරතුර සංගීත කාමරයෙන් පිටතට පැමිනියේය.තමාට මදක් ඈතින් යන සරිත්ය දෙස බලා සිටි ඔහුට තම හදවතෙහි ගැස්මට සිදුවූයේ කුමක්දැයි තමාගෙන්ම විමසමිනි.
"නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවද දැනුණා ...."පුරුදුත් නොවන නුපුරුදු නොවන ඔහු සිතක නැවතුනු අපූරුව.දකින විට වේගයෙන් ගැහෙන හද ගැස්මේ රහස කුමක්දැයි නොතේරුණත්.කුඩා කල සිට අන් කිසිවෙකුට වඩා ඔහුගේ රුව නෙත් මානයෙන් දිවෙන හැම විට දැනෙන හැගීම නොහදුනමි. නමුත් සමහර විටෙක දෛවය වෙන්නත් ඇති.ඒත්..ලස්සනයි නේ තාම බ්‍රෑන්ඩ්නිව් ඇන්ඩ් අන්පැකින්ග් ට්‍රයි කරනවද
ෆෙරෝන්ගේ හඩින් නුරාද් තම සිතුවිල්ලෙන් මිදුනි.
පිස්සුද බං
සිරා කිව්වේ ඕනෙනම් හෙල්ප් එකක් දෙන්නම් කොල්ල නරක නෑ
එපා එපා උඹට ඕන නම් සෙට් කර ගනිං
මැණික් ගල් වලට පයින් ගහලා අඩන්න එපා මචෝ...අපි කැන්ටිම පැත්තෙ යනවා එනවද.දැන්ම පටන් ගන්නේ නෑ ඕක...ඔහොම හිටපන්....පොඩී..ඒ...
ඒ අඩෝ පිස්සුද බං...
මෙතෙක් තම හැගීම් වලින් අල්ලා සිටි එම රුවට ෆෙරොන් කල ආමන්ත්‍රණය ඇසී යමින් සිටි දිශාව වෙනස් කරමින් ඔවුන් දෙස පැමිනෙන්නට විය.කෙටි බැල්මක් තමන්දෙසට යොමා මදක් සිනාසුන සරිත්ය නුරාද්ට ලැජ්ජාශීලී හැගීමක් ගෙන අවේය.
අහ් නුරා..
ෆෙරෝන්ගේ අඩගැසුමෙන් අප අසලට පැමිණ දඟකාර ලෙස සිනාසෙන ඒ මුහුණ මා හදවත නැවත නතර කරන ලදී. කීමට කිසිවක් නැතිව ගොළු වූ මගේ මුවෙන් සිනහවක් වත් පිට නොවුණේ මන්ද නොතේරුණත් ඔහු අමතක නොවන මතකයක් බව දැඩිව දැනුණි.ඒත් එයත් පිරිමි ලමයෙක්නේ
අපි කැන්ටිමට යන කොට උඹ නටව නටව යනවා දැක්කා ඒකයි කතා කරේ කීයක් හරි ඉල්ලගන්න

STAI LEGGENDO
උණ පත්‍ර
Saggisticaමිත්‍රත්වයද ආදරයද වටිනා කමින් වැඩි.යාලුවෝ දෙන්නෙකුට පෙම්වතුන් වෙන්න පුලුවන් නම් ඇයි පෙම්වතුන් දෙන්නෙකුට යාලුවෝ වෙන්න බැරි.ආදරේ කරන කෙනාටම ආදරේ ප්‍රකාශ කරන්න අවස්තාවක් හැම වෙලාවෙම ලැබෙනවද.ඒකපර්ශවික ආදර කතා වලට සතුටුදායක අවසනයක් නැද්ද.කවදාවත් කිසි දෙය...