16

4 3 0
                                    

දහසයවන දිගහැරුම

දැන් ඔක්කොම බඩු ලෑස්තිද .ප්‍රසන්ට්ටෙශන් එකට ඕන කරන ඔක්කොම ගත්තද.අමතක කරල දාල යන්න එපා අපිට හදිස්සියකට ගෙනත් දෙන්න වත් බැහැ.මගෙ ස්කුටියට විසා නෑ.ලොකූ..ඔය මේසෙ උඩ තියෙන ෆයිල් ටිකයි පාස්පෝට් එකයි ගෙනත් දෙන්නකෝ.ම්... නුරා..එහාට සීතල මේ කාලෙ හිම වැටෙනවනේ සීතලට අඳින ඇඳුම් ගන්න. අහ් තව...

රැකියා ස්ථානයේ නිශ්පාදන එතෙරට හදුන්වා දීම සදහා වු ව්‍යාපෘතිය බාරව නුරාද් හට සින්ගප්පුරුව බලා යාමට සිදුවිය.ඔහුට අවශ්‍යය සියලු කලමනා සුදනම් කර දීමට ‍රකිත හා සරිත්‍ය නුරාද්ගේ බෝඩිමට ගියේය.සහෝදරයන් අතර රහසක් නොතිබූ නිසා නුරාද් හා සරිත්‍ය අතර සම්බන්ධතාවය ව්‍යාජ බව රකිත දැන සිටියේය.නමුත් රකිත සැම විටම පැවසුවේ එම සම්බන්දතවය ව්‍යාජත්වය කියන නාගයා විසින් ලොවට නොපෙන්වා රකිනා ලද අත්මිය බැදිමක් බවයි.නුරාද් කෙදිනක හෝ ගැහැනු ළමයකු සමග ආදරයෙන් බැදේවි යැයි සරිත්‍ය නිතර පැවසුවත්,නුරාත් සරිත්‍ය දෙස බලනා බැල්මෙන් ඔහුගේ සිතේ සිටිනා එකම ගැහැනු ලමයා සරිත්‍ය බව රකිත අදුනාගත්තෙය.තම සහෝදරයාගේ වුවද සිත් ඒ කෙරේ ඇති බව හැදිනූ ඔහු නිතර ඔවුන් දෙදෙනා එකතු කිරීමට කටයුතු කලේය. නමුත් සෑම විටම දෙදෙනාම තම තමන්ගේ හැගීම් සගවා කටයුතු කලේය.

නුරාද්ගේ කටයුතු නිමකර සහෝදර දෙපල නැවත තම බෝඩිමට පැමිනෙන අතර තුර රාත්‍රී ආහාරය කඩෙන් ගැනීම සුදුසු යැයි සිතුවේය.

හරි මහන්සියි දැන් ගිහින් උයන්න බෑනේ කොත්තුවක් අරන් යමු.ඔහොමම සිලෝගේ කඩෙට අල්ලපන්

අයියා ෆුල් කොත්තුවක් දෙන්න. චිකන් කටු ටිකක් දාන්න පූසෙක් ඉන්නවා.

ඇත්ත ඒ කටු කන පූසා වත් එක්කගෙනමයි අවෙ සිලෝ ඔය කියන පුසා තමා..ඒක නෙවෙයි නුරාද්ට සින්දු කියන්න චිත්‍ර අඳින වගේම හොඳට ලියන්නත් පුළුවන් නේද.

උඹ කොහොමද දන්නෙ

නෑ මං මේසෙ උඩ තිබිලා උගෙ ඩයිරිය එකක් එහෙන් මෙහෙන් පෙරළලා බැලුවා.

අපෝ ලොකූ ඔය පුරුදු බං ඊළඟ ආත්මේටත් යනවා අනුන්ගේ ඩයරි කියවන්න හොඳ නැ...මොනා උනත් උත් අර දෙවියන්ගේ අසාදාරණ මැවීමක්.අර හලන්න තියන ඔක්කොම බෝතල් ටික හලලා මවපු එකෙක්.මාව මවලා තියෙන්නෙ ඊට පස්සෙ.අර බොතල් වලට වතුර ටිකක් කවලම් කරල හොදලා දාලා.

උණ පත්‍රWhere stories live. Discover now