14

8 4 0
                                    

දාහතරවන දිගහැරුම

කාලය සෙමින් ගෙවී ගියේය.සියල්ලොම අධ්‍යාපන කටයුතු අතරතුර රැකියා සදහා ඉල්ලුම් කලේය.මාධ්‍යවේදියකු වීමේ දැඩි ආශාවෙන් සිටි රකිත ගුවන්විදුලි ආයතනයක රැකියාව සදහා සම්මුකසාකච්චාවකට යාමට තම සහෝදරයා සමග පෙර පුහුණුවක යෙදුනි.

හොඳයි රකිත විදුත් දැන්.... යකෝ තමුසෙ පුටුවෙ ඉදගෙන ඔහොම එහාට මෙහාට සක බඹරෙ වගේ කැරකෙන්න එපා. ඉන්ටවිව් එක එකෙන්ම ෆේල් වෙනවා.නිකන් පලවෙනි පාරට කැරකෙන පුටුවක අද ඉදගත්තා වගේනේ.

දැන් ඇති බං මහන්සි. ඔච්චර ප්‍රශ්න අහන්නේ නෑ අහනවනම් මං ජොබ් එක එපා කියලා එනවා

අම්මාහ්...මේ ලොකු..කියන දේ කරන්නෑ.. ගොනෝ ඉඳපං අවසාන එක.රකිත අවසාන වශයෙන් අපි ඔයාට දෙන ටාස්ක් එක තමයි ප්‍රහසන විදියට රටේ ප්‍රසිද්ධ කෙනෙක් අනුකරණය කරලා ඔයාගේ වැඩසටහන අතරතුර චැනල් එක ප්‍රමෝට් කරන්න

ටිංකියු සදරු අයියාහ්... අපිට කෝල් කරාට... ඔයා මේ අහන් ඉන්නේ තරු රැගෙන ඉගිලෙමු වැඩසටහන අපේ ෆේස්බුක් එක පැත්තට ගිහින් ලයික් කරන්න කමෙන්ට් කරාන්න ආහ් මතක ඇති අපේ යුටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරාන්න.

ඒක බාර....

______________________________________________________________________

එක්ස්කියුස්මී මී සර්..

ආහ් රකිත මම ඔයාට කතා කරන්න තමයි හිටියෙ. නියමයි කොල්ලො  ඔයාගේ වැඩසටහන නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා මාසයක් ඇතුලත ටීවී එකේ ඉස්සරහා ඉදගෙන හිටපු ලොකු පිරිසක් අපේ වටේ එකතු කරගන්න. මිනිස්සු පිස්සුවෙන් වගේ වැඩසටහන් අහන්නේ. කෝල් දිදී එයාලගේ කතාවට වෙලාව ඉල්ලනවා. බලන්න එන ලියුම් ප්‍රමාණය.

ඇත්ත සර් එකෙන්ම පේන්නේ සමාජය කාන්තාවන්ට ලැබිලා තියෙන තැන.

හරි බන් එහෙනම් වැඩසටහනට යන්න පස්සේ කතා කරමු. 

 ___________________________________

කොච්චර කල් ගෙවිලා ගියත් කාන්තාවන්ට දිගටම අපරාධ වෙනවා. ශක්තිමත් කෙනාගේ පැවැත්ම තමයි නීතිය වෙලා තියෙන්නෙ. අදත් සුපුරුදු වෙලාවටම death end අරන් මම ආවා. අද කතාව ටිකක් වෙනස් අද කතාවේ ගොඩක් මට තනියමමයි කියන්න වෙන්නෙ අද අපේ කතාවේ ප්‍රධාන චරිතය සෙනුරි. එයාගේ කතාව අපිට හම්බ උනේ එෆ්බී පෝස්ට් එකකින්. පෝස්ට් එකක් කිව්වට සියදිවි හානි කරගන්න ලියපු ලියුමක්. ලෝකේ ලොකුම සත්‍යය මරණය. නමුත් නියම වෙලාවට මැරුණොත් පමණක් ඔයාට සාමෙන් විවේක ගන්න පුළුවන්. කවුරුහරි අකල් මරණයකට සූදානම් වෙනවා නම් එයාගේ මානසිකත්වය ගැන හිතන්න. නමුත් සියදිවි නසා ගන්නවා කියන එක වරදක්. එක්තරා ආකාරයට පැනයෙන් පැන යාමක්. නීතියෙන් අපරාධයක්..... ඉතින් ඉන්න දිගටම මාත් එක්ක සෙනුරි ගේ කතාව නැත්නම් මේක ඔයාගේ කතාව වෙන්නත් පුළුවන්. අපි කතා කරමු.

උණ පත්‍රحيث تعيش القصص. اكتشف الآن