ƈԋαρƚҽɾ 31

871 116 84
                                    

මං එයා ගැන , එයා ඔය කියන ප්‍රශ්න මොනවද කියන එක ගැන අහන හැම වෙලාවකම එයා කරන්නෙම උත්තර නොදී ලිස්සලා යන එක.මේ දැන් උනෙත් ඒක. මොකද්ද මන්දා සින්දුවක් ගැන කියලා එයා යන්න ගියා.. සුවඳ විතරක් මගෙ ගාව ඉතුරු කරලා.. වැරදුනා ! සුවඳ විතරක් නෙමෙයි. බ්‍රේස්ලට් එකකුත්. ආයෙ හම්බුනාම දෙන්න හිතාගෙන මං ඒක පොකට් එකේ දාගත්තා.

එදා එයා එව්වයි කියපු සින්දුව අහන ගමන් මං කල්පනා කරේම එයා එයාගෙ හිතේ තියෙන ඇත්තම ෆීලින්ග්ස් ගැන කියන්න කියන්න ඒක එව්වද නැත්තම් නිකන් එව්වද කියන එක. එයාගෙ ඇස් වල තියෙන දුක හිතෙන කතාව මොකක් වෙන්න ඇතිද ?

ඊළඟ දවසෙ එයා ශොප් එකට ඒවි කියලා බලාපොරොත්තු උනත් එයා ආවෙ නෑ. හිතට හරි නැති ගතියක් දැනුනා. එයා එනකන් බලන් හිටියෙ මගෙ උවමනාවකට නෙමෙයි බ්‍රේස්ලට් එක නිසා කියලා විකාර හේතුවක් හදාගෙන මං හිත සනසගත්තා. ශොප් එකේදි ගෞරි අක්කා එක්ක කතාවට වැටුනෙ එයා ගැන තව විස්තර ටිකක් දැනගන්න පුලුවන් වෙයි කියලා හිතලා.මං කවදාවත් අනුන්ගෙ දේවල් ගැන උනන්දු වෙච්ච කෙනෙක් නෙමෙයි.එහෙම එකේ මං මේ හැසිරෙන විදිය මටම ගෙනාවෙ පුදුමයක්. ඒ කොහොම උනත් කතාව ඉවර උනේ හිතේ තිබ්බ සැනසීම නැත්තටම නැති කරල දාලා. නුවේද්ගෙ අම්මා නුවේද් ස්කූල් යන කාලෙ නැති උනාලු. ඔය සුදු ලිලී මල් පොකුරක් අරන් යන්න එන්නෙ එයාගෙ නැති උන අම්මව බලන්න සෙමෙට්‍රි එකට යන දවසටලු. තාත්තා ලොකු හොටෙල් චේන් එකක ඕනර් කෙනෙක්ලු. පවුලෙ විස්තරනම් කිව්වෙ එච්චරයි.

" හිනාවෙලා විහිලු කරලා ආතල් එකේ හිටියට නුවේද් ඔය ඉන්නෙ හිතේ මොනාහරි හංගගෙන මල්ලි. ඌ ඒව ගැන කිසිම දෙයක් අඟවන්නෙවත් නෑ.. එහෙමමමත් නෙමෙයි.අපිට අඟවන්නෙ නැතුව ඉන්න සෑහෙන ට්‍රයි කරනවා. මූ හිතන්නෙ අපි කිසි දෙයක් නොතේරෙන බබ්බු කියලා වෙන්නැති. මෙච්චර ලඟින් ඉඳලා ඌව නොතේරෙනවනම් අපේ යාලුකමෙන් ඇති වැඩේ මොකද්ද හසරැල් ? ඒත් එයා ඒ ගැන කතා කරන්න අකමැති නිසා ගොඩක් වෙලාවට මූඩ් එක අවුල් නම් ඒක ෆික්ස් කරන්න මොනාහරි කියනව , කරනව මිසක් අපි ආයෙ ආයෙ ඒක අහන්න යන්නෙ නෑ. ඒකෙන් ඌව තවත් අවුල් වෙනවා. පිටින් පේන තරම් ලස්සන නෑ උගෙ ජීවිතේ "

සුළඟ නුඹDonde viven las historias. Descúbrelo ahora