past life 13 💞

24 8 0
                                    

"ඔවුන් පැමිණිලා"
"කවුරුන්ද පැමිණියේ"  මම taehyung ගෙන් අහද්දි අදුරන්නෙ නැති කෙනෙක් ඇවිත් taehyung ගෙ කනට ගැහුවා. මම එ කවුද කියලා හොයන්නෙවත් නැතුව එ කෙනාගෙ ඇදුමෙන් අල්ලගත්තා.
"නුඹ කවුද මගේ මිතුරාට ගහන්න "
"Yoongi කුමක්ද ඔය කරන්නෙ ඔහුව අත අරින්න නැතිනම් ඔවුන් ඔබව මාරලා දමයි" බිම වැටිලා හිටපු taehyung නැගිටිලා suga ගේ අතින් අල්ල ගෙන කිව්වා.

"කුමක්ද මෙතන සිදුවන්නෙ"  කවුද කෙනෙක් මුණත් වහගෙන එතනට ආවා.
"උතුමානනි කවුරුන්ද කෙනෙක් අපේ සෙබලුන්ට පහර දෙනවා."
එ මුහුණ වහන් හිටපු කෙනා මගේ ලගට ඇවිත් මගේ අතින් ඇදලා මට ගැහුවා. මට මුකුත්ම කරගන්න වෙලවක් තිබුනේ නැ එයා ගොඩාක් ශක්තිමත් වගෙම වේගවත්.
"නුඹ කවුද මගේ සෙබළුන් ට ගහන්න ආ..."

එයාගෙ කකුලෙන් මගේ බඩට හයියෙන් ගැහුවා. මට ටික වෙලාවකට හුස්මනතර උනා.  මටනම් හිතුනේ මගේ හුස්ම නවති කියලා. එත් එක්කම ඒ මුණ වහන් හිටපු කෙනා එයාගේ මුණෙ තිබුනු රෙදි කැල්ල ගැලව්වා.

°°jk°° මම ඇස් දෙකත් ලොකු කරන් හිතුවා. එයා මගේ හොදම යලුවා එත් දැන්...

"මේ අහනවා තමුන් උබ දන්නවාද මම කවුද කියලා මම තාමා මේ රටෙ කුමරු"
"කු..මක්ද... නුඹ පවසන්නෙ.... නුඹ නෙමේ කුමාරයා.... "
"එය සත්‍යයක් yoongi මෙතුමා උප බිසවගේ පුත් කුමරු"
"නුඹට කවුද කතා කරන්න කිව්වෙ දැන්" 

jk ගේ සෙබලෙක් ගිහින් taehyung ව අල්ලගෙන එයව jk ඉස්සරහා දන ගැස්සුවා. Jk taehyung මුණ ලගට එබුනා.

"කොහෙද එය " jk taehyung ගෙන් ඇහුවා.
" මට එය සාදාන්න කල් ඔන කුමරුනි "
"නුඹට මං කියපු කාලෙට එය සදාගන්න බැරි ඇයි"
"එයට අවශ්‍ය ද්‍රව්‍ය මේ කාලයේ සොයාගන්න බැ කුමරුනි මට සමාවෙන්න."
"එසෙද? එහෙනම් මං නුඹට තැග්ගක් දෙන්නම්"
"නැ එපා.... taehyung.... ......."  මගේ ඇස් ඉස්සරහම taehyungට කඩුවෙන් ඇන්නා taehyung වෙදනාවෙන් කෑගහද්දි jk හිනා උනා."
"අපි යමු මොහුව ගැට ගහන්න එතකොට මොහුට taehyung ට උදව් කිරිමට බැරිවෙයි."
"හොදමයි කුමරුනි"

Jk යන දිහා මං තරහයින් බලාගෙන හිටියා. මම taehyung දිහා බැලුවා එයාගෙ තුවලයෙන් හොදටම ලේ ගලනවා මාව ගැටගහලා නිසා මට මුකුත් කරගන්න බැරි උනා මම ගැටගහාලා තියන ලණුව ගලවන්න හැදුවත් එක ගොඩාක් තදට ගැට ගහලා තිබුනා.  මං එත් එක්කම දැක්කා taehyung ගේ ඇස් දෙක වැහෙනවා.

"මිය යන්න එපා taehyung දිරිමත්ව සිටින්න මා නුඹව බේරා ගන්නම් " මගේ ඇස් වලින් කදුලු අවා මොකද මට කිසි දෙයක් කරගන්න බැරි නිසා.
"ආ.. මට අමතක උනා... කුමක්ද මේ සිදු උනේ... " ඒ rose එයා අපහු ඇවිත් දෙවියන්ට ඉස්තුති වෙන්න එයා හරි ආවා. Rose taehyung ලගට ගියා.
"කුමක්ද සිදුවුනේ taehyung ඔබ හොදින්ද?. කොහෙද yoongi."
"මා මෙහි ඉක්මනින් මාව ලිහා දමන්න ඔහුව බේරා ගත යුතුයි"
"එසෙයි"

Chaeyoung මාව ලිහලා දැන්මා මම ඉක්මනට taehyung ව වාඩාගත්තා.
"කොහෙද රොහල තිබෙන්නෙ"
"එන්න මා සමග"

මම chaeyoung ගේ පස්සෙ දුවගෙන ගියා. ටික වෙලාවකින් අපි රොහලට ආවා වෙදදුරු taehyung ට බෙහෙත් කරනකම් මමයි chaeyoung යි එලියෙන් හිටියා.  මම තරහයින් හිටියේ මගේ අත මම තරහයින් මිටිමොලව ගන්නවා chaeyoung දැක්කා.

"ඔයා තරහයින්ද ඉන්නෙ"  chaeyoung මගේ අතින් අල්ලගන්න ගමන් කිව්වා.
" ඔව් මම ගොඩාක් තරහයින් ඉන්නේ මම කෙසෙහෝ ඔහුව විනාශ කර දමනවා"
"කවුරුන්ද? "
"කුමරුව "
"Yoongi කුමරුද, jeon කුමරුද?"
"Jeon කුමරු"
"හ..හ් එය ඔබ සිතන තරම් ලෙසි නැ"
"ඇයි.. ඔහු කවුද ?"
"ඔහු තමයි මෙ රටේ ඉන්න ශක්තිමත් ම පුද්ගලයා ඔහුව පරද්දන්න yoongi කුමාරයාටවත් බැ"
"Yoongi කුමරුත් දක්ශ සටන් කරුවෙක්ද? "
"එසෙයි ඔවුන් දෙන්නාම දක්ශ සටන් කරුවො දෙදෙනාම එකම වයස එ වගේම දෙදෙනාම එකට වැඩ කරන්නෙ සමහර විට taehyung ව මරන්න කියලා අණ දෙන්න ඇත්තේ ඔහු වෙන්න ඇති"
"කුමක්ද yoongi කුමරු එසෙ වෙන්න බැ ඔහු කෙසෙද එසෙ කරන්නෙ ඔහු පෙනුමෙන් නම් ඉතාම කරුණාවන්තයි වගේ"

මම එහෙම කියද්දි chaeyoung හයියෙන් හිනා උනා.

"නුඹ මට සරදම් කරනවාද ?. මා ඔබට දෙයක් කියන්නම් මෙය ඉතාම රහසි ගත්දෙයක්. "
"හොදයි කියන්න"  chaeyoung වට පිට බලලා මගේ කනට ලං උනා
" yoongi කුමරු ඔහුගෙම මවයි පියාවයි තව ඔහුගේ අයියාන්ඩිවත් එ කියන්නෙ හිටපු ඔටුන්න හිමි කුමරුව ඔහුගේ අතින්ම ඝාතනය කරලා"
"කුමක්!!!!"

Past Life 🕞💕 ||MYG||completed✔ ✔|| Where stories live. Discover now