🕯️නවවන හුස්ම⏳

222 19 6
                                    


සැ.යු : බයයිනම් කියවන්න එපා ලමයි.. පන්සලත් ගෑව්වෙ බයවෙයි කියලා.. ආගමේ අයත් ඉන්නවනම් ඒ අයත් කැමතිනම් කියවන්න නැත්තන් එපා..

                                                  මීට Kim soo min ඔතරී

-------------------------------------------------------------------

එන මගදිගටම නිතේෂ් ආවෙ මං කියන කතා වලට 'අනෙ මට ලැජ්ජයි' කිය කිය වෙනකොට දන්නෙම නැතුව පන්සල ලගටම ඇවිල්ලා හිටියා.. මෙච්චර වෙලාම හුරතල් වෙච්ච නිතේෂ් වෙනුවට දැන් මේ වෙනකොට හිටියෙ තනිකරම ගොලු නිතේෂ් කෙනෙක් වෙද්දි මමත් එයාගෙ මේ මූණු වෙනස් කිරිල්ල බලාගෙන පුදුමෙන් හිටියෙ..

මුලින්ම චෛත්‍ය ගාවට ගියපු අපි මල් පූජ කරලා ආවෙ ඊලගට බෝධීන් වහන්සේ නාවන්න.. බෝධීන් වහන්සේත් නාවලා අපි ගියා පහන් පත්තු කරන්න..

තෙල් එකත් මගෙන් ඉල්ලගත්ත නිතේෂ් දිහා සැරින් සැරේ බලන්න මගේ හිත වද දෙද්දි අමාරුවෙන් උනත් බෑග් එක දිහා බලලා තෙල් එකයි පහන් තිරයි තෙල් එකයි මාරුවෙන් මාරුවට දෙන්න ගද්දි එයා මගේ දිහා බැලුවා.. දැනුයි එයා මගේ දිහා බැලුවේ..

ඒ වෙලාවෙ එතන හිටපු මිනිස්සුත් ටිකක් එහෙට මෙහෙට වෙච්ච හින්දා එයා මගේ මූණට අත තියලා ,

"මොකද? "

අනේ මන්දා මට තේරෙන්නෙ නෑ මගේ හිත හැමතැනම දුවනවා.. එකතැනක නවතින්නෙම නෑ.. හරිම අමුතුයි.. ඊලග පාර හිනාවෙලා අහපු නිතේෂුත් බයවෙලා මගෙන් ආයෙත් අහනවා..

"ධනූද්‍ර? මොකද? සුදු මහත්තයා?"

මගේ කම්මුලට හිමින් තට්ටු කරන ගමන් ඇහුවාම මම එයා දිහා බැලුවා..

"මුකුත් නෑ.. මම හොදින්"

"ම්ම්"

හිනාවෙච්ච එයා පහන් දෙකක් තුනක් පත්තු කරලා අතේ ගෑවිච්ච තෙල් ටික අරන් මගේ ඔලුව අතගෑවා.. එයාගෙ ආදරේ දෝරෙ ගලනවා.. අද උදේ වගේමයි..

"මගේ සුදු මහත්තයගෙ කරදර සේරම ඉවරයි.. ඒ ගැන හිත කරදර කරගන්න එපා හොදද? දැන් යං වදින්න"

මම ආයෙ උත්තරයක් දෙන්නත් කලින් මගේ අතින් අල්ලගත්ත එයා බුදු මැදුරට මාව එක්කරගෙන ගියා..

The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo minWhere stories live. Discover now