🕯️දහවන හුස්ම⏳

240 19 15
                                    


වලව්වෙන් දෙන්නා පිටවෙද්දිම කවුදෝ කෙනෙක් වලව්වට ඇතුල් වුනේ නිතේෂ්ව හොයාගන වෙන්න ඇති.. වලව්ව කවමදාවත් මේ විදියට ඇරලා දාලා තියන්නෙ නැතිබව ඒ කෙනා හොදටම දන්නවා..

"පුංචි මහත්තයා"

කටහඩ අවදි කරපු ඔහුට ඇසුනේ අහස ගුගුරා යන වෙඩි හඩක් වෙනකොට ඒ කෙනාගෙ කකුලෙ ඇවිත් වැදුනෙ පොතක්.. ඒ පොත කියවන්න ගත්ත ඒ පුද්ගලයා විටෙක හීල්ලිලිත් බය වූ බවකුත් ඔහුගේ මුහුණෙන් පෙනී ගියා.. නැවත වෙඩි හඩවල් දෙකකින් අහස ගුගුරා ගියේ ඒ පුද්ගලයා හසුනෙන් නැගිටිද්දි.. පොත හරහට එල්ල ගත්තහම නිල් මැණිකක් වට කරගෙන පාට අටක මැණික් ඔබ්බපු මුද්දක් වැටුනෙ පොතේ කියලා තිබ්බ ඒ මුද්ද එයාට මතක් වෙනකොට.. වලව්වෙ මුලු බිමම එලිය කරපු ඒ මුද්ද වෙදැගිල්ලට දාගත්තු ගමන් මූනටම අර ආත්මෙ එබුනෙ එයාට මරණ බය දැනෙද්දි.. හුස්ම ගන්න බැරිවෙන්නම බෙල්ලෙන් ඇල්ලුව ඌ අර රතු ඇස් වලින් එයාට මොකක්ද කරේ පපුව අල්ලගන දගලද්දි වගේම උල් දත් තිබ්බ ආත්මෙ ලේ තැවරිච්ච කටෙන් කුරිරු හිනාවක් දෙද්දි..

එයා බෙල්ල අල්ලන් හිටපු අත ගලෝගන්න අර ආත්මෙ අතින් අල්ලන්න හදද්දි ආත්මෙ බයවුන බවක් පෙන්නලා වේගෙන් එයා දිහාවට ආවෙ දියලුම ඇල්ලට එයාව තල්ලු කරන ගමන් වෙනකොට අර මනුස්සයා කලේ මොන මොනවදෝ මතුරලා අර අතේ තිබ්බ පොත අර ආත්මෙ පැත්තට විසික් කරපු එක.. ඒ විනාඩියේම ආත්මෙ අර පොත ඇතුලට ඇදිලා ගියා වගේම විදුලි වේගෙන් පෙට්ටගම ඇතුලට පොත ගියේ අර මනුස්සයා අන්තිම වචන ටික ඇල්ලට වැටෙන ගමන් කියද්දි..

"ඔයාලා ආරක්ෂිතයි දැන් චූටි..! ඔයාට තුරුණුවන්ගෙ පිහිටයි.."

ඇල්ලට වැටුන කෙනාගෙ ඔලුව ගලක වැදෙන්නේ ඔහුව උඩු අතට සැඩ පහරත් රක්ත පැහැයට හරවන ගමන් පාවෙලා යද්දි..

.


.


.

ධනූද්‍රයි තිතේෂුයි දෙන්නම වලව්වෙන් පිටත් වුනේ එයාලට අද තියෙන අපලෙ ලෝකෙ තියන ලොකුම අපලෙ බව දැනගෙන.. ධනූද්‍රටයි දෙන්නටම කන්ද උඩදි ලොකූවයි චූටි මල්ලිවයි දෙන්නවම හම්බවුනේ අහස ගුගුරා ගිය තුවක්කුවක හඩක් ඒ දෙගොල්ලොන්ටම ඇහෙද්දි.. ඒ වගේම එතන්ට නන්නාදුනන මනුස්සයෙක් ආවෙ ලේ පෙරෙන අතක් එක්ක..

"චූති මහත්තයා.. ඉක්කෝලෙ මාත්තියයි ඉක්කෝලෙ නෝනයි අම්මා.."

"ඇයි බොල අම්මටයි අපුච්චටයි මොකද?"

සරමත් අතින් උස්සගන දුවගන ආවෙ දේවක!

"කවුත මන්ද එකෙක්"

"හති ඇරලා ඉදිල්ලා.."

"චූති මහත්තයලෑ අපුච්චට දෙදි තිබ්බා දිශුම් ගාලා.."

අන්තිම වචන ටික නොතේරුම් කමට දේවකයා කියද්දි නිතේෂ්ට කළන්තයක් ඇල්ලුවා.. පිටිපස්සෙන් හිටපු ධනූද්‍ර නිතේෂ්ව අල්ල ගත්තත් නිතේෂ් බිම දණ ඇණගත්තෙ තමන්ගෙ අප්ච්චිට වෙඩි තිබ්බ බව දරාගන්න බැරුව.. චූටි මල්ලිත් එහෙම්මම පාර මැද්දෙ ඉද ගනිද්දි ඒක දරාගන්න බැරි වුන ලොකූත් පපුව තදකරගන ධනූද්‍රගෙ බයික් එකට බර වුනා..

අකුණක වේගෙන් ආයෙම තුවක්කු හඩවල් දෙකක් පත්තු වෙද්දියි නිතේෂ්ට පොඩීව මතක් වුනේ..

"ලොකූ?! කෝ පොඩී?"

"චූටි! පොඩී"

අපි බැලුවෙ කන්ද උඩට පේන අපේ ගෙදර දිහා.. හාමු ගෙදරින් එලියට ආවෙ සුදු ඇදුමෙ ලේ පැල්ලම් එක්ක! ඌ එකපාරම කන්ද උඩ බැලුවෙ රතුපාටට දිලිසෙන ඇස් එක්ක! මට ඌව කොච්චර ඈත ඉදන් දැක්කත් අදුරන්න පුලුවන්.. ඒ අර ආත්මෙ.. අපේ පවුල් ඔක්කොම කාලකණ්නි කරන්න ආපු ආත්මෙ..

"පුතේ ඔයාලා ඉක්මණින් මෙහෙන් යන්න අද මේ දැන්ම.. ඊළග ගොදුරු ඔයාලා .. අපි දැන්ම යන්න තියෙන්නෙ කොළඹ.. මේ ගමෙන් පිට මූට කොහෙවත් යන්න බෑ.. පෙට්ටගමේ යතුර කෝ?"

"මේ තියෙන්නෙ"

"මොකක්ද මෙතන වෙන්නෙ.. මොන පෙට්ටගමක්ද?"

"ඔයාලා මේකෙ එන්න.. ඔයාලා යමු මාත් එක්ක!"

"කොහොමද ඔයාව අපි විශ්වාස-"

"විස්වාස කරන නොකරන එක වැඩක් නෑ ලොකූ යමන්"

ධනූද්‍රත් එක්ක බයික් එකට නැග්ග නිතේෂ් එක පිම්මට කොළඹ ගියේ මහන්සිය නොබලා.. ගම පහුවෙනකම්ම අර ආත්මෙ පස්සෙන් ආවත් මගින් මගටම තැන් තැන් වලින් මතුවුනේ උගේ අවස්ථාව ඒ තැන්වලින් හරි ගන්න බලාගන.. අර නන්නාදුනන මනුස්සයා කිව්ව විදියට අද ඉදන් අවුරුද්දක් යනකන් ඌට ඇස නොගැටී ඉන්න නම් කොළඹම යන්න වෙනවා.. මොකද නින්දෙන් , මෝහනයෙන් වගේ දේවල් වලින් ගම් පහක් පන්සල් , පල්ලි හතක් පහු වෙනකන් නිතේෂ්ලව බිලිගන්න වරම් තියෙනවලු..

හොද රෙස්ටුරන්ට් එකකින් ලන්ච් ගත්ත අපි ඇදුම් පැලදුම් ගත්තෙ එක පිම්මට කොළඹ ආවෙ ඇදන් හිටපු ඇදුමින්ම වෙනකොට.. ධනූද්‍ර එක්ක හරි හරියට කතා කරපු අර මනුස්සයාට ධනූද්‍ර වැන්දම නිතේෂ්ගෙ ඇස් උඩ ගියා..

"පුතා මම නැන්දට කතා කලා ඔයා අද ලන්ඩන් යන්න.. අද පාන්දර දෙකට ෆ්ලයිට් එක.. සේරම ලෑස්ති කරලා තියෙන්නේ.."

"ඒත් තාත්තෙ"

"පුතේ.. උඹේ ආරක්ෂාව මට භාරයි.."

"හරි තාත්තෙ.. මම යන්නම්"

එහෙම කියලා ධනූද්‍ර ඊළගට ගියේ නිතේෂ් ගාවට..

ඊළගට ධනූද්‍ර නිතේෂ්ව තදට වැළද ගත්තෙ මේක කොහොමද මම කියන්නෙ කියලා හිත හිත වෙනකොට ධනූද්‍ර හෝටලේදිම කියන්න හිතා ගත්තා..

"නිතේෂ්"

"අහ්? ධනූද්‍ර? ඔයා?"

"මගෙ මැණික! උඹ නැතුව කොහොමද මම ඉන්නෙ රත්තරනේ?"

"මො..මො.. මොනවද ධනූ මේ කියවන්නෙ?"

"මම අද රෑ රටින් යනවා!"

"මො? ධනූ? ඔයා දන්නවා මට ඔයා නැතුව ඉන්න බෑ කියලා ධනූ.."

"මම මගේ වැඩ ටික කරගෙන ඉස්සෙල්ලම එන්නෙ ඔයාව බලන්න හොදද?"

"අනේ එපානෙ යන්න ධනූ.. ආහ්.. ආාහහ්හ"

කෑ ගහලා නිතේෂ් අඩන්න ගත්තෙ එක පිම්මටම අයියයි අම්මයි අප්පච්චියි නැතිවුන දුකත් එක්ක ධනූද්‍රත් යනවා කිව්වම ඒක දරාගන්න බැරුව.. පැය බාගයක් තිස්සෙ ධනූද්‍රගෙ පපුව බෙල්ල නිතේෂ් කදුලු වලින්ම නාවද්දි ධනූද්‍ර කලේ නිතේෂ්ව නලවන එක..

"අනේ පපුවට තියලා ඉකි ගහන්න එපා බන් මට දරාගන්න අපාරුයි බන් පපුව කකියනවා.."

.



.



.



.



.



.



.



.



.


හලොව්..😘


කොහොමද ඉචිම්..🤗


කතාව හොදද.. 

මම දන්නවනේ ඔයාලා හොදයිනේ.. කමේන්ටුවක් හලන්නකෝ..😉

ගිහිම් එන්නම්ද ඉතිම්..😊

Have a nice day babys 💜

my taekookies write something about my story.. see you again.. bye💕


Kim Soo Min✍🏻

The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo minWhere stories live. Discover now