Q & A
ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද?
මේකට තමා ඔයාලගෙ ප්‍රශ්න දැන් අහන්න පුළුවන් ලමයි..
01. ධනූද්‍රටයි නිතේෂ්ටයි සිහිය නැතිවුනා යුද්ධෙදි.... ඉතින් ඊටපස්සෙ?
ඔන්න එදා උනේ මෙන්න මේකයි..
බ්ලැක් හෝල් එකක් ඔ්පන් උනාම වෙන දේ අපි හැමෝම දන්නවනේ.... නිතේෂ්ට අමතකවීමේ ලෙඩක් තියෙනවා.. ධනූද්‍රට නිතේෂ්ට අනිත් මනුස්සයින්ට හැමෝටම සිද්දවෙච්ච දැක්ක කිසිදෙයක් මතක හිටියෙ නෑ.. හැමදෙයක්ම මතකයෙන් අමතක වෙනවා..
***
ධනූද්‍ර නිතේෂුත් එක්ක තාත්තගෙන් දෙවෙනි පාරත් කොහොමහරි බෙිරිලා හැංගිලා හිටියෙ.. ගරාවැටිච්ච ගෙදරක් වෙච්ච ඒ ගෙදර තනිකරම මිනිස්සුන්ගෙ දුක් අදෝනා වලින් පිරිලා ගිහින් තිබුනා..
"හැමදාම මෙහෙම හැංගිලා ඉන්නද හදන්නෙ සුදු අයියෙ?"
"ඇයි උඹට ඔ්න මෙතනිනුත් එළියට බැහැලා ගිහිල්ලා තාත්තට අහුවෙන්නද"
"එහෙනම් සුදුඅයියෙ මෙතන ඉදලා පුලුවන් හාමු මහත්තයගෙ ලයිසන් තුවක්කුවෙන් පත්තුවෙන උණ්ඩෙ සුදුඅයියගෙ කෙසේවෙතත් මගෙ පපුව පසාරු කරගෙන යයි කියලා විශ්වාස කරන්න"
"කටවහපන්!!"
*චටස්
"තව හයියෙන් ගහපන් සුදු අයියෙ..ඒ වුනාට අපි මෙතන ඉන්න එක අන්තිම භයානකයි දෙයියනේ.."
"වෙන කොහෙ යන්නද"
"රටින් පිට යමුකො ඉතින්"
"කොහොමද යන්නෙ? කොළඹ පැත්ත පලාතෙ යන්න බෑ, පාස්පෝට් නැතිවෙලා.. කොහොමද යන්නෙ ආයෙ හදන්න වෙන්නෙ මුලඉදන්"
බර අඩි සද්දයක් එක්ක ගුලිවෙලා හිටපු හොර ආදරවන්තයො දෙන්නා ගැස්සිලා ගියා.. තවත් දෙන්නට ලන් වෙන අඩි සද්දෙත් එක්ක හිත කියන රූපෙ නොවෙන්න කියලා හිතින් නොදැකපු දෙවියන් වදිද්දි දෛවය වෙනස් කරන්න බැරිතැන ඒ රූපෙම වෙනත් ග්‍රහණයකින් දෙන්නා ඉස්සරහ හිටගෙන හිටියා..
YOU ARE READING
The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo min
No FicciónTaekook nonfiction 🍂 Top tae Bottom kook Happy ending 🍁 by kim soo min 🍃