අර හාමුදුරුවෝ නිතේෂ්ලට තව හාමුදුරුනමක් හදුන්වලා දුන්නා.. ඒ හාමුදුරුනම චීන හාමුදුරුනමක්.. සිංහල හොදටම බැරි වුනත් පටල පටල කියන හාමුදුරුවෝ නිතේෂ්ලව එක්කරගෙන රවුමට අමුතු කැටයම් තියෙන ගල් අතුරාපු ගස් වලින් වටවුනු බිම තණකොල තියෙන තැනකට එක්කරගෙන ගියේ නිතේෂ්,මින්දාරි දෙන්නා පෙරමුන ගන්නකොට..
නිතේෂ්ට අර හාමුදුරුවෝ කියන දේ තේරුනත් අනිත් කිසිම කෙනෙක්ට නොතේරුන නිසා වට පිට මූණු බල බල හිටපු කට්ටිය නිතේෂ්ට මොනවාද කියලා යන හාමුදුරුවෝ දිහා මෙලෝ මලදානයක් නොතේරුන විදියට බලන් ඉදලා බැරිම තැන හාමුදුරුවෝ කියන දේට ඔලුව වැනුව නිතේෂ් දිහාවට ධනූද්‍ර කිට්ටු උනා..
"What he say?"
"ඇයි තේරුණේ නැද්ද?"
"ජපන් වලින් කිව්වම තේරෙනවද.. චූටි උඹට language කීයක් පුලුවන්ද"
"මට චීන ජපන් බෑ.. කතා කරපු විදිය නම් වෙනස්.. ඒත් මට සිංහලින් කියනවා ඇහුනෙ"
"what the? gays.."
"ඔ.."
"අර හාමුදුරුවෝ sinhlish වලින්ද කතා කලේ?"
"මම හිතන්නෙ චීන"
"චීන"
"මමත් හිතන්නෙ චීන"
"see? උඹට විතරක් තේරුනේ කොහොමද"
"ඒක ඔයාගෙ power වෙන්නත් පුලුවන්"
මින්දාරි කියද්දි නිතේෂ්ගෙ ඇස් දොඹගෙඩි සයිස් වුනා..
"ඇ?"
"ඔව්.. අන්න හාමුදුරුවෝ වඩිනවා"
හාමුදුරුවෝ නිතේෂ්ලව නැගිට්ටවලා එක එක්කෙනාට නිතේෂ් ලව්වා පැහැදිලි කෙරෙව්වා වෙන්නෝන දේ..
"මල්ලි ඔයා ඉස්සෙල්ලාම.. අතන මැද රවුමක් කැටයම් කරලා ඇති එතන හිටගන්න හරි මැද. එතන ඉන්නකොට ඔයාට කැමති ආයුධයක් එතෙනින් තෝරගනින්..අනේ මන්දා බන් විකාර වගේ"
හිනාවෙවී එහෙම කියපු නිතේෂ් තමන්ගෙ මල්ලි යන දිහා බලාගන හිටියා.. මොකද ඒ වැඩේ මේ වෙද්දි නිතේෂ්ට හෙන ආතල් වැඩක් වෙලා තිබුනා..
මල්ලි එතන්ට යනවත් එක්කම ලා නිල් පාටට අර කැටයම් රේඛා වලින් ආලෝකයක් ගලාගන ගිහින් මල්ලිටම කඩුව ලැබුනෙ මල්ලි ගැම්මෙන් කඩුව උස්සගනිද්දි..
YOU ARE READING
The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo min
NonfiksiTaekook nonfiction 🍂 Top tae Bottom kook Happy ending 🍁 by kim soo min 🍃