මම පැයකට කිට්ටුයි කලේ අඩපු එක.. කැමැත්ත දීලා පළවෙනි දවසෙම මාව දාලා යනවා කිව්වම.. කොටින්ම ලන්ඩන්! මූණට මූණ බලලාවත් කතා කරන්න පුලුවන් දුරක්ද? හම්බවෙන්න Vacation එකටවත් එන්න පුලුවන් කියලද? මම මොනවා කියලා කියන්නද? ආදරේ කරලත් වෙන්වෙන්න වෙන්නෙ ඇයි? ඇයි මටම මෙහෙම වෙන්නෙ?
පාන්දර දෙකටලු ෆ්ලයිට් එක! දෙයියනේ වෙලාව 12.00 යි.. එයා මගේ ලග ඉන්නෙ තව විනාඩි කීයද? මම එයාගෙ තුරුලෙ ඉන්නෙ විනාඩි කීයද? ඒ උනුහුම් පපුව අස්සට ගුලි වෙලා ඉන්න පුලුවන් තව විනාඩි කීයද? මගෙත් වරදක් නෑ.. එයත් වරදක් කරලා නෑ.. ඇයි අපිට මෙහෙම වෙන්නෙ? ඇයි? අත් පටලගන ලස්සනට ඇවිදින්න තිබ්බ කාලෙ! හිනා වෙවී පිස්සුවෙන් වගේ කියවන්න තිබ්බ කාලෙ! ඒ ලොකු අත් අස්සෙ සීතලට ගුලි වෙන්න තිබ්බ කාලෙ නේද මේ?
අනේ මට වාවන්නෙ නෑ දෙයියනේ! මම මැරෙයි! මම මැරිලා යයි! දැකලත් මහ කාලයක් නෑ.. හම්බවෙලා මහ ලොකු දේවල් කියෝලත් නෑ..
මමයි කිව්වෙ එයාට යමු කියලා වලව්වට! ගියෙ නැත්තන් වෙන්නෙ නෑනෙ වෙන කිසි දෙයක්! මම තමා මෙතන ලොකුම වැරැද්ද කලේ! එයා අද මගෙන් ඈතට ඈතට යන්න ලොකුම හේතුව මම! ඉතින් මම ඉවසනවා! එයා එනකම්ම මම බලන් ඉන්නවා.. අයියට සතුටු හිතෙන්න මම මගේ ඉලක්කයට ගිහින් ඉන්නවා.. ආයෙ දකින්න ලැබේවිද දන්නෑ.. ආයෙ හමුවේවිද දන්නෑ.. සදහටම දුරස් වේවිද දන්නෑ..
මොනවා උනත් මම කරන්නෙ එයාට හොදක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක.. මම වෙන මොනවා කියලා කරන්නද දෙයි හාන්දුරුවනේ?
අනේ දෙයියනේ තව පැය බාගයයි ඉතිරි.. මම කොහොමද හිත හදාගන යන්න කියන්නෙ.. බෑ.. මොනා කරත් එයාට යන්න කියන්න මට බෑ.. මගෙ පපුව පැලෙයි දෙයියනේ.. මම මැරෙයි..!
"අනේ සුදු අයියෙ මාව දාලා යන්න එපානෙ.. අනේ දෙයියනේ මම මම මැරෙයි.. මගෙ හුස්ම ටිකට ආයුෂ මදිවෙයි අනේ මාව දාලා යන්න එපා.. උඹ නැතුව මට ඉන්න බෑ මිනිහො!!!!! කියපන් මම උඹව දාලා යන්න හිත හදාගත්තා කියලා.. මගෙ දිහා බලපන්..!!! මගෙ දිහා බලපන්!!!! මගෙ ඇස් දිහා බලලා කියපන් මිනිහො!!!! මාව දාලා යන්න එපා දෙයි හාන්දුරුවනේ!
"ටීක්_ටීක්_ ටීක්_ටීක්"
එයා නැගිට්ටා.. එයා ඈතට ගියත් හරි පාලුනම්.. අද ගියාම!
1.15!
අනේ වෙලාව ! තව විනාඩි කීයද ඒ මූණ මට දකින්න පුලුවන්..
ඒ ඇස් හොදටෝම රතු වෙලා.. එයා ඒත් නෙවේ ඇඩුවෙ.. මම වගේ කදුලු පෙරාගන ඇඩුවෙ නෑ එයා.. එයා කලේ මගෙත් කදුලු පිහලා අවිනිශ්චිත හිනාවක් දීපු එක විතරයි..
"මම යනවා"
ඉතින්! එච්චරයි.. මට ඔලුවට අකුණක් ගැහුවා වගේ දැනුනා.. අච්චර භයානක ආත්මයක් ඉදිරියෙත් බය නොවුන හිත ඒ වචන දෙකට තප්පර දෙක තුනකට හදවත ගැස්ම නැවැත්තුවා.. ඒ ඇස්! නෑ..! වෙනදා වගේ කලබලකාරී.. නිතර කියවන.. ඒ මේ අත දුවන ඒ අහංකාර ඇස් අද කලකිරීම අහිමිවීම කියන දේ මහමේරු පර්වතේටත් වඩා මහ විසාලෙට දරාගන මගෙ ඇස් දිහා බලාගන උන්නා.. ඒ බැල්ම හරි තියුණුයි ඒ ඇස් වෙනදා වගේ මට කියවන්න පුලුවන් වෙන්න අකුරු හිතැගි මැව්වෙ නෑ.. එයාගෙ ඒ බර බැල්ම , හැසිරීම ඊට වඩා සෑහෙන්න මාව රිද්දුවා..
ඒත්!..
ඉස්සරහට අත් දෙක දික් කරපු මගේ පණ කෙන්ද ඒ තියුණු ඇස් හීනි කරලා කදුලු කැට වට්ටනකොට සත්තයි මගේ කකුල් පණ නැති වුනා.. කට පුරෝලා හිනාවුනා..
ඉතින්!
"මයෙ රත්තරනේ.. එන්න අයියා ගාවට"
ඒ මූණ සුදුමැලි වෙලා.. එයා ඇදගත්ත ඇදුමත් එක්ක ලස්සන ඇති.. නෑ මට ඒ ගැන සිහියක්.. නෑ මගෙ අයියගෙ හිතිවිලි ගැන සිහියක්.. එක පිම්මට අයියව කිටි කිටියට තුරුල් කර ගත්ත මම මගේ කදුලු කැට පාලනේ කරන්න උත්සහ කලා.. ඒත්.. ඒක මට කරන්න බැරි වුනා..
මම එයාගෙන් ඈත් උනේ මගේ ඇස්වල කදුලු වේගෙන් පිහින ගමන් වගේම එයාගෙ දිහා දුක හංගගෙන බලන ගමන්..
"අ..අයියා.. හරි හැන්ඩ්..ස..ම්.."
කදුලු අස්සෙන් හිනා වෙවී ආඩම්බරෙන් කිව්වත් හිත යටින් අයියා ඊලගට කියන වචනෙ ('උඹ හරි පවු') මතක් වෙලා අන්තිම ටිකේ ඉකියක් පිටවුනා..
"පණ්ඩිත කොල්ලා මගේ.. උඹ හරි පවු බන්"
ඔය! මම දන්නවා එයා ඒක කියනවා..
මම මගේ ඇගේ තියෙන අන්තිම පණ ටිකත් එකට එකතු කරලා ලොකු හුස්මක් අරන් හරි අමාරුවෙන් හිනා වුනේ අපේ අම්මව මතක් වෙච්ච නිසා.. මගේ හිත ඇතුලෙ 'කාවවත් දුකෙන් කේන්තියෙන් ගමනක් පිටත් කරන්න එපා.. සතුටින් යන ගමන යවන්න.. ඒක ඒ කෙනාටයි හොද නැත්තෙ' කියලා අපෙ අම්මා කියලා තිබුනා මට මතක තිබුනා..
"ම්ම්..ම් මගෙ අයියා ඉක්මනට ගි..හිල්ලා චූටිට කන්න මොනවහරි-"
නැ.. කියන්න බෑ.. කදුලු කැට හෝ හාලා ඇස් අග අතෑර අතෑර ගලද්දි මගේ කටහඩ වෙව්ලද්දි මගේ ඉතිරිවුන අන්තිම ශක්ති අංශුවත් වැය කරලා අයියා කියන්න ගිය දේ නවත්තලා මම ආයෙම කතා කරන්න ගත්තා..
"චූටිට..-චූටිට කන්න-මොනාහරි-අරගන-එ..න්න.. අයියා පරිස්..ස්..මි..න් ගි..හි..න් එ..න්න.."
"උඹ උඹවම හංගන්න හදන්න එපා බබා.. ඒ හැගීම් හරි බරයි බන්.. ඒවට එලි බහින්න දීපන්.. ඒවා උඹට බර වැඩී.."
"නැ.. ඒවා මම දරාගන්නම් ඔයා න්..නි-ස්..සා"
"නෑ නෑ නෑ නෑ නෑ!!!! මට යන්න බෑ.. මට මගේ පණ ටික දාලා යන්න බෑ!!!!!!!.. මේ හිත උඹේ හිත තරම් හයිය නෑ යකෝ!!!!! මට හුස්ම වැටෙන්නෑ උඹේ සුවද නැති මානෙ!!!"
එයා කලබල වෙලා!.. ඒ ඇස්.. හරි භයානක විදියට රතු වෙලා.. එයා හයියෙන් හුස්ම ගන්නවා.. නවත්තන්නෙත් නෑ..
*සලාාාාං*
ලග තිබ්බ වීදුරු පෝච්චිය කුඩු!
"ශ්ශ්ශ්ශ්ශ්.. ම්ම්.. මගෙ දිහා බලන්න මේ.. මේ.. චූටි.. මම චූටි.. චූටි දිහා බලන්න... අයියගෙ චූටි.. ඇස් දිහා ඇස්! බබා දිහා-"
හාදුවක්!
හරි අවිනිශ්චිත හාදුවක්.. ඒකෙ වෙනදා වගේ ශුංගාරෙ සතුට ඇතුලත් වෙලා තිබුනෙ නෑ.. තනිකරම අහිමිවීමක සාගරේටත් වඩා විශාල දුක් කන්දරාවක් දරාගත්ත දුක්බර හාදුවක්..
අනේ මේක අන්තිම හාදුව වේවිද?
නෑ.. කවදාවත් එහෙම වෙන්නෙ නෑ..
එයා කවදාවත් මාව මෙහෙම කිස් කරලා නෑ.. එයා මාව හපනවා.. මට රිදෙනවා.. ඒත් මම කලේ මගේ තොල් ඇති පදම් එයාටම උරුම කරපු එක මිසක් 'අනේ රිදෙනවා' කියලවත් කියන්න කට නෑරිය එකයි.. මගේ තොල් වලට වෙනදට වඩා බර හාදු තැවරෙද්දි දුකින් ඉමක් කොනක් නැති වෙන්නම මත් වෙලා සිහියක් පතක් හරියට නොතිබුන එයා කිස් එක බ්‍රේක් කලේ ඇස් අඩවනින් මගේ දිහා බලද්දි..
මටත් හති.. එයාට සෑහෙන්න හති.. එයා ඊලගට මගේ දිහා කලකිරීමෙන් බැලුවෙ මගේ හදවත පසාරු කරගෙන කිනිස්සක් බැස්සුවා හා සමානව හදවත කකියද්දි..
"මගෙ කොල්ලට මම රිද්දලා"
ආයෙමත්! ආයෙමත් අර යක්ෂයා පණ ගහගන එද්දි කොච්චර රිදුනත් මම කලේ එයාව නිවන්න උත්සහ කරපු එක..
"නෑ නෑ ඒක මෙ වැඩිය රිදෙන්නෙ නැ"
"ආආආආහ්"
මගේ තොල් උඩින් ඇගිල්ලක් තිබ්බ නිසා දන්න අරන් මට නොදැනිම කෙදිරි ගෑවුනා.. ආයෙම ඒ ඇස්.. මම නිවුව ඇස් අවුලෝ ගත්තා. කොච්චරවත් රිදුම්දෙන මගේ තොල් දෙක මෙයාගෙ ඇවිලුන ඇස් දකිද්දි අමතක උනා.. මොකද මම දන්නවා දැන් මෙයා ඇවිලුනොත් දාස් වාරයක් සියස් වාරයක් පිච්චෙන්නෙ මමම නිසා.. ඒ එයා එයාටම රිද්ද ගන්න නිසා..
"මේ බලන්න වෙලාව කීයද කියලා.. ම්ම් යමු යමු 1.45 වෙලාව! අපෙ අප්පෙ.. කෝ බලන්න මූණ.. කෝ හිනා වෙන්න.. "
කොහෙවත් නැති සතුටක් මවාගත්ත මම ධනූද්‍රට මගේ හුස්ම ටිකට කතා කලේ එයා යනවට කැමැත්තෙන්ද? පිස්සුද.. මගේ කකුලුත් පණ නෑ වගේ.. ඒත් එයාව සතුටින් යවන එක මගේ වගකීම.. අනිවාරෙන් මම ඒක කරනවමයි..
ධනූද්‍රගෙ බෑග් එකක් අතට ගත්ත නිතේෂ් ධනූද්‍රවත් ඇදගෙන එලියට එද්දි දොර ලගම ධනූද්‍රගෙ ඇත්ත තාත්තා දොරට තට්ටු කරන්න ලෑස්ති උනත් ඒ වෙලාවෙම නිතේෂ් දොර ඇරියා..
"තාත්තෙ.."
"යමු"
"නිතේෂ්?"
තාත්තා නෙමේ මුකුත්ම කලේ.. එයා නෙමේ කලබල වුනේ.. මොකද එයා දැනටමත් මේ සම්බන්ධෙ ගැන දැනගෙනයි හිටියෙ.. ඒ මනුස්සයා කිව්වෙ,
"හරි අමාරුවෙන් උනත් යන්න වෙනවා පුතේ.. මමත් කී පාරක් නම් ආදරේ කරන මිනිස්සු දාලා ගියාද.. ඒත් එයාලගෙ අපේ අතර බැදීම් වෙනස් වුනේ නෑ මොකද ඒ බැදීම් හරි ශක්තිමත් වුනා.."
"තාත්තෙ"
"ම්ම්"
"නිතේෂ්වත් එක්කන් යනන බැරිද"
"ලොකු අම්මගෙ හැටි උඹ හොදටම දන්නවනෙ පුතෙ"
"ඔව් තාත්තෙ"
"එහෙනම් ඒ ගැන කතා කරන්න එපා"
අතක් එල්ලන් හිටපු තාත්තයි ධනූද්‍රයි කියන කිසි දෙයක් නොතේරුනත් කට වහගන හිටියෙ තාත්තට කේන්ති යයි කියන චකිතය හිත ඇතුලෙ කැරකෙද්දි..
-------------------------
මම එනකන්ම ධනූද්‍රගෙ අතේ එල්ලිලා ආවෙ ෆ්ලයිට් එකකින් මගේ හුස්ම පොද මගෙන් ඈතට ඈතට යන්න මාණ බලාගන ඉන්න බව මතක් වෙද්දියි..
අපි කාර් එකෙන් බැස්සා..මම හිතන්නෙ මගේ පපුව ගැහෙන වේගෙ මට ගනන් කරන්නත් බැරි තරම්.. මගේ ඔලුවෙ හැමතැනම 'එයා යනවා' 'එයා යනවා' කියන වචන දෙක කැරකෙද්දි පුපුරු ගහන තොල්.. පාර හිටපු අත්.. තුවාල වෙලා තිබ්බ බෙල්ල,උරහිස්.. ඔක්කොටම වඩා නිතර නිතර කොනිති ගහන හිත.. බඩේ ඇම්ම.. දුකට උනත් තදින් අල්ලපු ඉණ කවමදාවත් නැතුව කකියන ඔලුව.. පණ නැති කකුල්.. මාව තනිකරම ලෙඩෙක් වෙලා.. ජීවිතේට ලෙඩක් හැදෙන්නෙ නැති මට අද හිතේ අමාරුවටමද කොහෙදෝ මුලු ඇගම පිච්චෙනවා වගේ..
එයා එයා ෆ්ලයිට් එකට නගින්න යන්න හදන්නෙ..
"අ..යි..යා ප..රි..ස්..ස..මි..න්.. ය..න්න"
බෑ! මට එයාට යන්න දෙන්න බෑ!
"අයියා ගිහින් චූටිව බ..ල..න්..න.. එන්..න"
නෑ අයියෙ යන්න එපා... උඹේ චූටි මැරෙයි!
මගෙ හිත කියන දේ නෙවෙයි කට කියන්නෙ.. මට මගේ කටත් පාලනෙන් ගිලිහිලා.. දකින මේ වගේ අත්දැකීමක් නොලබන මිනිස්සු හිතනවා ඇති 'මොන මලවිගඩමක්ද මේ.. ස්ටඩීස් කරලා අවුරුදු තුන හතරකින් එයි' කියලා.. කවදාවත් ඒ අත්දැකීම නොලබපු එකෙක් එහෙම කියද්දි දැනෙන්නම ඇපෑ ඔය දේ..
එයා හැරුනා.. අඩියක් ගියා.. දෙකක් ගියා.. නැවතුනා..
"හිත කියන දේ කියපන් නිතේෂ්"
නිතේෂ්! නම කිව්වා! මටනම් තවත් බෑ! මට බෑ!!
"මාව දාලා යන්න එපා!!!!!!!!!!!!"
අත් වැට මටම රිදෙන විදියට තදට අල්ලගෙන මෙතනින් එහාට පනින්න හැදුවත් ධනූද්‍රගෙ තාත්තා මාව වාරු කරගත්තෙ මෙච්චර වෙලා ශරීරෙ බර දරන් ඉන්න බැරුව පණ නැති වෙද්දි..
එයා යනවා! අඩියක් දෙකක්.. නෑ නැවතුනේ යනවා.. අඩි ඉක්මන්.. නෑ වෙනස් නෑ.. ඔහේ ඇවිදිනවා.. එයි යනවා..
"සුදු අයියගෙ බබාව චූටිව හුරතලේව දාලා යන්න බෑ!!! මගේ කකුල් පණ නෑ අයියෙ පපුව රිදෙනවා අයියෙ.. ඇස් කලුවර වෙනවනේ අයියෙ"
නැවතුනා..!
බෑග් එක බිමටම වැටුනේ එයා ආයෙම හැරෙද්දි.. එයා එක පිම්මට මගේ දිහාවට දුවගන ඇවිල්ලා තද කරලා මාව බදා ගද්දි පණ නැති වුනත් කකුල් දෙකට වාරු වෙලා..
"අයියා ඉක්මණට එනවා.. එතකන් ඉන්න මගේ චූටිට තුරුණුවන්ගේ සරණයි මගේ චූටිට"
ඉතින්...! එච්චරයි
එයා ගියා.. බෑග් එක ආයෙමත් කරට අරගත්ත එයා අනිත් පැත්ත හැරිලා අඩියට දෙකට ඈතින් නොපෙනී ගියා..
"මාව.. දාලා.. යන්..න එ..එපා!"
එච්චරමයි මට කියන්න ලැබුනේ.. මගේ ඇස් කදුලු පුරවන් පිය වෙලා ගියා..
.
.
.
.
.
.
.
.
හලොව්..😘
කියන්න ඉචිම්.. මොකද හිතෙන්නෙ ධනූද්‍ර ගැන?
නිතේෂ් ගැන? කියන් යන්න..🤗
කතාව හොදද.. මම දන්නවනේ ඔයාලා හොදයිනේ.. කමේන්ටුවක් හලන්නකෝ..😉
ගිහිම් එන්නම්ද ඉතිම්..😊
Have a nice day babys 💜
my taekookies write somthing about my story.. see you again.. bye💕
Kim Soo Min✍🏻
YOU ARE READING
The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo min
No FicciónTaekook nonfiction 🍂 Top tae Bottom kook Happy ending 🍁 by kim soo min 🍃