🕯️හත්වන හුස්ම⏳

276 30 11
                                    



තේක අරගෙන කාමරේට යනගමන් සිංදුවක් මුමුන මුමුන ගිය මම කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියා.. ඒත් ධනූද්‍රනම් පේන්න හිටියෙ නෑ.. ඒත් මට අවුරුද්දකට එක පාරක් දැනෙන අර අමුතු මූසල පාලු ගතිය දැනෙන්න ගද්දි හදවත චුට්ටක් ගැස්සෙද්දි දොර ඇරගෙන එලියට යන්න හැදුවත් මාව නැවතුනේ වැහි කලුවත් එක්ක මුමුණන සද්දයක් ඇහිලා.. ඒක මිමිණුමක් නෙමේ.. ඒ ගිගිරුම් හඬක්.. 


"ඇයි ඇයි උඹ මාව එපා කිව්වෙ.. උඹට තිබුනා වෙන එකෙක්ට කැමැත්ත දෙන්නෙ නැතුව ඉන්න"


ඒ හඬ ඇහෙන්නෙ මගෙ කණ ගාවින් වෙද්දි දැන්නම් මට බයයි.. 


"ක..ක..කවුද?"


"හහ් .. හහ් .. හා.. තමුන් අද ඉවරයි මගේ ආදරේ ප්‍රතික්ෂේප කලාට උඹට දඬුවම් ලැබෙනවා"


පල්ලෙහා කැලේ කොල හෙලවෙන සද්දෙ.. අහසෙ ගිගුරුම් හඬ.. වැහි බිංදු වැටෙන සද්දෙ.. සර සර ගගා පදුරු අස්සෙන් කොල අස්සෙන් හීන් හිනා හඬවල් ඇහෙන්න ගත්තා.. හෙන අහසෙ පුපුරද්දි හොදටම ගැස්සිලා තිබ්බ මගේ හිත තවත් බය කරද්දි වහලා දාලා තිබ්බ මට වඩා උස ජනේලෙ සද්දෙට ඇරුනා.. ඒ එක්කම ආව සීතල හුලගෙත් තිබ්බෙ හිනා හඬක් වෙද්දි මගේ ඇග පවා හීතල වෙලා ගියා..


වැහි කලුවරෙන් මගෙ කාමරේම වෙලාගෙන තියෙද්දි අකුණක එලියත් එක්ක කවුදෝ මගේ ඉස්සරහ හිටගන උන්නා.. හොද හැඩිදැඩි ඇගක් තිබ්බ එයාගෙ කැරලි දිග කෙස් මූණට වැටිලා මූණ පේන්නෙ නෑ.. දැකලා පුරුදු මූණක්.. හෝ ගාලා පදුරු, කොළ අස්සෙන් හිනා හඬවල්.. ඌ මගේ දිහා බැලුවා.. මම ඌව අදුරනවා..


ඒ *රූද්‍ර* ! 

මේ ගෙදර අයිතිකාර කොල්ලා.. මගෙන් එකපාරක් කැමැත්ත අහලා බෑ කිව්වම කරදර කරන්න ආව වනචරයා..!


ඌ මට ලං වෙන්න හදද්දිම දොර ඇරුනා.. ඒ මූණ දිහා අප්පිරිය , බය පිරුණු බැල්මකින් බලන් උන්න මගේ ඇස් දොර දිහාවට හැරෙද්දි ..

The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo minWhere stories live. Discover now