🕯️අවසන් හුස්ම ⌛️

195 10 9
                                    








අවසන් හුස්ම..


කිසිකෙනෙක් නොදන්න හැමෝටම හොරා දහස් ගනනක් අදුරු-සුර ජීවිත අහිමි කරපු ව්‍යවසනයෙන් පස්සෙ හැමදේම හොදින් සිද්ධ වෙලා තිබුනා.. බෙදුනු වංශ ආයෙම එකතු වෙලා තිබුනා.. බිදුණු හිත්වලට පැලැස්තර ඇලවිලා තිබුනා.. තනිවෙච්ච හීන වලට අලුත් සුදුරෝස මල් පිපිලා තිබුනා... ධනූද්‍ර අතින්ම ඉන්දපු මල්පැළ අතර නිතේෂ් අතින් සාත්තු කරපු මල් පැලේ සුවද ඔ්නවටත් වඩා ධනූද්‍රගෙ හිත ලස්සන කලා..
අවුරුදු 20ක්... හැම ප්‍රශ්නෙකටම උත්තරයක් විදිහට පරණ කොල කෑල්ලක මෙහෙම ලියලා තිබුනා..

"රෝසමල් හරි ලස්සනයි.. දන්නවද සුදුරෝස මල්වලට කළුරෝස මල් දකින්නවත් ලැබිලා නෑ.. කළුරෝසමලේ ආඩම්බරකාර කමට සුදුරෝසමල ආදරේ කලාද කියන්න මම දන්නෙ නෑ.. ඒත් ජීවිතේට වෙන්න බැරි කළුරෝස මලකුයි සුදුරෝස මලකුයි එකතු වෙලා අමුතුමපාට මලක් අපි හදලා තිබුනා.. එයත් හරියට ඔයා වගේම හරි මූලග්ගිනිකාරයෙක්.. ඒත් තාත්තගෙ ආඩම්බරේ රකින්න කොල්ලට පුලුවන් වෙයි කියලා මට හිතුනා.. පොත්වල තියෙන හැමදේම ඇත්තත් නෙවෙයි.. හැමදේම බොරුත් නෙවෙයි.. ජීවිතේ හරි ලස්සනයි නේද ඉතින්.. මම නැතිදාක උනත් ඔයාට පුලුවන්.., අපෙ ලමයි දිහා බලාගෙන මාව මතක් කරන්න.. මම ඔයාගෙ පොත හොයාගත්තෙ ලොකර් එක ඇතුලෙතියලා.. පරිස්සම් කරලා තියාගන්න.. මම මේකේ ලිව්වට කමක් නෑනේ? හිතේ තියන හැමදේම අකුරු කරන්න බෑ.. මට මහන්සියි.. නවතින්නම හිතෙනවා මට.. මං ආදරෙයි.."

කියන පරක්කුවට හුස්ම නවත්තලා ගිහින් තිබුනත් ධනූද්‍රගෙ හිත හැමදාම මේ අකුරුවල අයිතිකාරයගේ සුවද හෙව්වා.. පිහිඹියාගහ යට සෑහෙන්න ඈතටවිහිදුන සුදුමල්යාය මැද අගේට කැපිලා පේන කළු-සුදුරෝස මල් බට් ගහ හැම ගහක්ම අබිබවා උඩට නැගිලා තිබුනා වගේම ඒ ගහේ කොළ නොපෙනෙන තරමට මල් වර්ග දෙකෙන්ම පිපිලා තිබුනා... ඒ අතර කොලුගැටයගෙ වැඩක් වෙච්ච රතුරෝසමල් පැලෙත් මල් තුනක් හටගෙන තිබුනා..
නිතර ධනූද්‍රව සීතලෙන් නාවගෙන යන සීතල හුළග පිහිඹියා ගහේ කොළත් අරගෙන හොරාවට ගහගෙන ගියා..

The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo minWhere stories live. Discover now