🕯️දෙවන හුස්ම⌛

725 52 7
                                    



.


.


.


.


හැමදාම වගේ නිතේෂ් හොස්පිට්ල් එකේ admit කරපු දවසෙ ඉදලා එක රැයක්වත් නිතේෂ්ව තනි නොකරපු ධනූද්‍ර අද රෑත් නිතේෂ්ගෙ තනියට ඇවිත් උන්නා.. 


නිතේෂ් උන්නෙ ජනේලෙ ගාව වෙනකොට ධනූද්‍ර වෙනදා වගේම එයාගෙ පාඩුවේ සෝෆා එකට වෙලා පොතක් කියව කියව උන්නා..



නිතේෂ් pov 



"ධනූ.."


"ම්න්.."


"මෙහෙට එන්නකො චුට්ටක්.."


"ම්ම්..? ම්න්.."


විනාඩියත් නිතේෂ්ට පැයක් වගේ ධනූද්‍ර පුංචි මහත්තයා එයා ලග ඉන්නකොට දැනෙන්න ගත්තා.. ඒක ඉස්සර ඉදන්ම තියෙන එකක් වෙද්දි ඒ තප්පර දෙකතුනට ධනූද්‍ර නිතේෂ් ලගට ඇවිල්ලා උන්නා..ඒකත් හුස්ම වැටෙන එක පවා දැනෙන තරම් ලඟට..


"ඇයි ධනූ ඔයා ඔහොම ඉන්නෙ.. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද ධනූද්‍ර"


"ඔයාට ඒක දැනුනද..? ම්ම්.."


"දැනුන හන්දනෙ කිව්වෙ"


"මට තේරෙන්නෙ නෑ චූටි"


"අනේ මහත්තයො මට චූටි කියන්නෙපා.. ඔයාට ඒක ගැලපෙන්නෙ නෑ.."


"ඇයි.. මම පිටසක්වලෙන් බැහැලද ආවෙ.. කිව්වොත් කියවෙන්නැද්ද ආ..?"


"එහෙම නෙමෙයි ධනූ.."


"එහෙම නෙමෙයිනම් කොහොමද.."


එකපාරට කාමරේ දොර ඇරුනා.. ධනූද්‍ර කලබල උනා මට දැනුනා.. ආවෙ අපේ අයියා.. දිනේෂ්..

The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo minWhere stories live. Discover now