ඒ ගැඹුරු කටහඩ කාගෙද කියන්න ආයේ අමුතුවෙන් මට ඒ පැත්ත බලන්න ඕනි වුනේ නෑ..ඉතින් මගේ කටින් නොදැනීම එයාට කතා කෙරුණා...දෙයියන්නේ දවස් හතරක් තිස්සේ මං බලාගෙන හිටියේ...ඒව්ව්...නෑ නෑ මං බලා හිටියේ නෑ..මොන පිස්සුද?
"අයියේ.."
මං එහෙම කියාගෙන එයා දිහාට හැරෙද්දී මං දැක්කා එයාගේ ඇස් දිලිසුණා..ඒ අවුව වැටිලා වෙන්න ඇති..නැත්තම් ඇස් දිලිසෙන්න එයා werewolf කෙනෙක්වත් වෙන්න ඕනී...මටත් පිස්සු...
"අහස් ඔයාව මං හැමතැනම හෙව්~...අහ්හ්...සොරි සර් මං දැක්කේ නෑ..."
මං ළගට ආපු එයා මගේ පිටිපස්සෙන් බැල්කනී එකේ වැටට හේත්තු වෙලා බලන් ඉන්න සර්ව දැකලා වේගය අඩාල කළා...අනේ එයා ඉන්නවාද නොබලා ඔයා කියන්න අනේ..මට මෙයාව හෙනම වදයක් හලෝ..කොහොමද මං කියන්නෙවත් ඒව්..මේ බඩ තඩියා ශිට්...
"අභිරු නේද නම කිව්වේ?"
"ඔව් සර්..."
"හ්ම්ම් ඉතින් ඇයි අහස්ව හොයන්නේ? ඒකත් මේ වෙලාවේ?"
මේවා මර තියරිනේ අනේ...ඌට හොදයි උදේම මේ පැත්තේ රවුන් ගහන්න එන්න...වෙන කෙනෙක් ආවොත් තමා අවුල...ඇයි මොකෝ අවුල ද?
"අහ්හ් Principal sir අහස්ව එක්කන් එන්න කිව්වා සර්...සමර් හට් එකේ වැඩකට..."
"ඒකත් එහෙමද?"
සර් අමුතු බැල්මකින් අභිරු අයියා දිහා බලලා ආයෙත් මං දිහා බැලුවා..ඒත් ඒ බැල්ම කොහොමද මෙයා සැරින් සැරේට මාරු කරන්නේ මෙහෙම...
"අහස් යමුද? මට පරක්කුයි..."
අභිරු ආයෙත් එහෙම කියලා මගේ ශර්ට් එකෙන් අදිද්දි මං ඇස් කොනින් දැක්කා සර්ගේ ඈස් රැළි වෙනවා...එක්කෝ මං සර් ඉන්නවා ගනන් නොගෙන අයියාගේ ඇගේවත් එල්ලෙන්නද? නැත්තම් අර කෙල්ලෝ වගේ අයියාහ්හ්හ්...ගාගෙන අතවත් බදා ගන්නද?....ඊව් අහස් තෝ මොනාද ඔය හිතන ලබ්බවල්..ශිට් එදා මුගේ උරහිස් කට්ටේ නළල වැදුන එක සැරටම වැදිලා මට හිතෙන්නේ...
"සර් මං ගිහින් එන්නම්...අපේ පංතියේ ටික දෙනෙක් ඇවිත් ඉන්නේ සර් මං ඒ දෙන්නෙක්ට කියන්නම් lab එකට එන්න කියලා..."
YOU ARE READING
~🌈️වර්ණ🌈️~ (Non Fanfiction )
Non-Fictionඒ දිලිසෙන ඇස් වලින් කියන කතාවලට හිනහෙන්න මං හරි ආසයි....❤ බෝල තරු පිරුණු ඇස් වලින් මං දිහා බලලා මුණු මූණම රතු කර ගන්න ඒ දියකිදුරට මං හරි ආදරෙයි...❤ ~මට ඔබ කැමති සෑම වර්ණයක්ම විය හැකියි.~ 🌈️ වර්ණ🌈️