🌈️ Chapter 29

103 13 10
                                    

මෙතූ එක්ක කාටූන් බල බල හිටිය අපි දෙන්නාම ගෑසුණේ එක පාරට කවුරු හරි door bell එක උඩ නැගගෙන ඉද්දී...කෑම හදන ගමන් හිටිය අක්කත් කුස්සියෙන් එලියට ඇවිත් වැහිලා තියෙන දොර දිහා බලන් හිටියේ බයෙන් වගේ....මාස දහයක් විතර ගිහින් තිබුණත් තවමත් එදා දවස අමතක කරන්න බෑ...අනික මේ උදේ පාන්දර කවුරු කියලා එන්න ද? බයක් නෑ..අර භූතයෝ දෙන්නා ඇති ළග පාත....

"මං බලන්නම්..."

මං කියලා සෝෆා එකෙන් නැගිටලා දොර දිහාට යද්දී අක්කා බයෙන් බලාගෙන ඉදලා අඩි දෙකක් විතර ඉස්සරහාට ආවත් මං එන්න එපා කියලා ගිහින් හුස්මක් අරන් දොර ඇරියා...

එච්චරයි...මගෙයි හුස්ම නැවතුනේ....

"අ..අයියේ.."

සුදු අයියා...මාස තුනකින් දෙවියනේ...දොර ඇරුණු ගමන් ඇස් ලොකු කරගෙන මං දිහා බලන් හිටිය අයියා ඊ ළග තප්පරයේ මාවත් තල්ලු කරගෙන ගේ ඇතුළට ආවා වගේම ඒත් එක්කම මගේ තොල් අල්ල ගත්තේ මං ගැස්සිලා යද්දී....

ඒ කලබල තොල් මගේ තොල් හරි හරියට උරන්න ගද්දී මං එයාගේ පපුවට අත තියලා පස්සට තල්ලු කරන්න හැදුවත් මට ලෝභ හිතුණා...මේ කිස් එක මට ලැබුණේ මේ මාස තුනකට පස්සේ....අයියාගේ අත් මගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලගෙන ඉද්දී ඒ අත් වල උණුහුම මට හුගක් දැනුනා....ඒ සීතල තොල් පිස්සුවෙන් වගේ මගේ තොල් උරන්න ගද්දී මාත් නිකන්ම ඒකට අවනත වුනා...මං හිටියේ හුගක් පාලුවෙන්....

"අතාලිනවා මගේ තාත්තිව...නලක පිටසක්වලයා..."

ම්..මෙතූ බබා...මං ගැස්සිලා ඇස් ඇරියා...අහ්හ්...කොහොමද අමතක වුනේ මෙතුල්ව...අක්කාත් අත් දෙකෙන්ම කට වහගෙන හිනා වෙවී ඉන්නවා දැක්ක ගමන් මාව රත් වෙලා ගියා...

"මෙතූ බබා...මෙහෙ එන්න.."

අක්කාගේ හඩ ඇහෙනවත් එක්කම අයියා ඉක්මනට මගෙන් ඈත් වුනා..මං බලද්දී මෙතූ ඇස් ලොකු කරගෙන අපි දිහා බලන් ඉන්නවා වගේම අක්කා කට කොනින් හිනා වෙලා මෙතුල්ගේ අතින් අල්ලා ගත්තා...

"අපා..."

අක්කාගේ අත ගසලා අතැරපු මෙතුල් අත් කකුල් ගස ගස ඇවිත් අර පොඩි අත් වලින් අයියාගේ කලවයකට ගැහුවා කියහන්කෝ...

~🌈️වර්ණ🌈️~ (Non Fanfiction )Tahanan ng mga kuwento. Tumuklas ngayon