දවස් ගෙවිලා යන්නේ ඇහිපිය ගහන වේගෙන්....අපේ house meet ඉවර වුණා...මේ පාර අපේ හවුස් එක දෙවෙනි තැන.....ඉශාන් ඒකට බනින්නෙත් මට....මං මේ පාර ටෙනිස් වලට නොගිය නිසාලූ අපි පැරදුනේ....අඩුම ගානේ වොලිබෝල් වල අතිරේක හරි යන්න තිබ්බාලූ මට...
අනේ ඕකාගේ තියරි තමා තියරි....
මේ යන්නේ අප්‍රේල් පළවෙනි සතිය....ඊයෙන් අපේ වාර විභාගෙත් ඉවර වුණා....දැන් නම් හිතට සහනයක්...මහ රෑ නිදි නැතුව පාඩම් කලේ....මොකද ස්කූල් ඇරලා එහෙමම රෙස්ටුරන්ට් එකට...ඒ ගිහින් එද්දී රෑ වෙනවා...පාඩම් කරනවා...ඇගට මහංසී...ඒත් ඕක කියලා...අක්කාගෙනුයි අයියාගෙනුයි බැනුම් අහන්න බැරි නිසා හෑමදාම පාන්දර 3 විතර වෙනකන් පාඩම් කළා....නිදා ගත්තේ පැය දෙකක් විතර...
"චූටී..."
මං හිටියේ කාමරේ සිවිලිම දිහා බලාගෙන ඇදේ දපනේ දාලා....උදේ 7 ට විතර ඇති ඕනි නම්...මං අද මෙච්චර කලින් කොහොමත් නැගිටින්නේ නෑ...ඒත් උදේම ආපූ call එකක් නිසා මගේ නින්ද කැඩුනා...how sad?...
"චූටී..ඇහෙන්නේ නැද්ද ළමයෝ?"
අක්කා කෑ ගහගෙන කාමරේට එද්දී මං ගැස්සුණා...මං එහෙමම ඇදේ ඉදගෙන දොර දිහා බලද්දී එයා ඉන්නවා කොන්ඩෙත් කඩලා දාලා පිස්සී වගේ..අතේ පනාවක්...ඕ කොන්ඩේ පීරන ගමන්...
"ඕ...ඇයි...කෑ ගහන්න එපා අක්කේ...බය වුණා.."
"කෑ ගහන්න නෙවෙයි මං මේ ආවේ...වතුර එකක් ඔලුවට හලන්න..."
අක්කා කඩලා දාලා තිබුනු දිග කොන්ඩේ එක උරහිසකින් ඉස්සරහාට දාගෙන මගේ ඇද ළගට ආවා...
"මෙතූව ඩේ කෙයා දන්නද?"
"අහ්හ් ඔව්..අක්කාට පුලුවන්ද යන ගමන් මෙතූ බබාව එක්කන් යන්න...මං අද ගෙදර ඉන්නේ නෑ අක්කේ..."
මං ඔලුවත් කස කසා කියද්දී අක්කා...මං දිහා බැලුවේ ඇහි බැමත් රැලි කරගෙන....
"ඇයි කොහෙද යන්නේ?"
"අහ්ම්ම්...මේ...ඉශාන් එක්ක...ලයිබ්‍රී...ඔව් ලයිබ්‍රී යනවා...හෙ හෙ...."
අක්කා අමුතුවට මං දිහා බලන් ඉදලා ලාවට හිනා වෙලා අතේ තිබ්බ පනාවෙන්ම එකක් ඔලුවට ගහලා කාමරෙන් එලියට ගියේ මං එහෙමම ආයේ කොට්ටේ උඩට කඩාගෙන වැටෙද්දී...
ESTÁS LEYENDO
~🌈️වර්ණ🌈️~ (Non Fanfiction )
No Ficciónඒ දිලිසෙන ඇස් වලින් කියන කතාවලට හිනහෙන්න මං හරි ආසයි....❤ බෝල තරු පිරුණු ඇස් වලින් මං දිහා බලලා මුණු මූණම රතු කර ගන්න ඒ දියකිදුරට මං හරි ආදරෙයි...❤ ~මට ඔබ කැමති සෑම වර්ණයක්ම විය හැකියි.~ 🌈️ වර්ණ🌈️