රෑට ඇත්තටම කොළඹ හුගක් ලස්සනයි....පාට පාට ලයිට් වලින් එළිය වුනු ගොඩනැගිලි , රෑ කියලා නැතුව කාර්යබහුල මන්මාවත් ඒ හැමදේමත් එක්ක අහස එලිය කරමින් නිවි නිවී දැල්වෙන පුංචි තරුකැට...ඒ ඔක්කොම එකතු වුනාම ඇත්තම ලස්සනයි....
"මොකද මෙතන?"
Living area එකෙන් එළියේ බැලකනී එකේ වැටට බර වෙලා හමන සීතල හුළගට මූණ අල්ලගෙන හිටිය මගේ ඉණ වටා අත් දෙකක් එතුණා....
"මං ආසයි මෙතන්ට අයියේ....මෙතන්ට මුළු ලෝකෙම පේනවා වගේ දැනෙන්නේ.."
මගේ වටා එතිලා තිබුණු අයියාගේ අත් උඩින් මං අත් තියලා අයියාගේ ඇගට බර වෙද්දී අයියා මගේ වටේ අත් තව තද කරමින් මාව පිටි පස්සෙන් ඒ ඇගට හිර කර ගත්තා...
වටින් හමන සීතල හුළගත් එක්ක අයියාගේ ඇගෙන් දැනෙන උණුසුමත් මාර විදියට ගැළපෙනවා කියලා හිතෙනවා....සැහැල්ලුයි....
"ඔයා කැමතී නම් මාත් කැමති අපි මෙතනට වෙලාම මෙහෙම ගුලි වෙලා ඉමු..."
මගේ ඔලුවට හාදුවක් දුන්නු අයියා මගේ ඔලුවට කම්මුල බර කරගෙන මාත් එක්කම දෙපැත්තට පැද්දෙදී මගේ මූනේ හිනාවක් ඇදුනා...මෙයා පොඩි එකෙක් වගේ....
"අයියේ..."
"ම්ම්ම් ?"
"දෙයක් අහන්නද?"
"ඕනි දෙයක් බබා...අහන්න"
"කලින් කාට හරි ආදරේ කළාද?"
ටික වෙලාවක් නිශ්ශබ්දව ගෙවුනා...හැබැයි එයා ඒ ප්‍රශ්නේ ගනන් ගත්ත බවක් නම් පේන්න නෑ...
"ඇයි එක පාරටම එහෙම අහන්නේ ?"
මං අයියාගේ අත් මගේ ඉනෙන් අයින් කරලා අයියාගේ පැත්තට හැරුණා....මේ වගේ දේවල් අහද්දී ඇස් දිහා බලන් කතා කරන්න ඕනී...මං දැක්කා කොහෙ හරි පොතක එහෙම තියෙනවා...
"කියන්න අකමැති නම් කමක් නෑ.."
"එහෙම දෙයක් නෑ බබා...අනික ඔයා මගේ first love එක....."
අයියා කියද්දී මං ඇහිබැමක් රැලි කලා...වෙන්න පුලුවන්ද?මෙච්චර හැන්ඩ්සම් කොල්ලෙක්ට අවුරුදු 24 ක් වෙනකන්ම කිසිම සම්බන්ධයක් තිබ්බේ නෑ කියද්දී.....
YOU ARE READING
~🌈️වර්ණ🌈️~ (Non Fanfiction )
Non-Fictionඒ දිලිසෙන ඇස් වලින් කියන කතාවලට හිනහෙන්න මං හරි ආසයි....❤ බෝල තරු පිරුණු ඇස් වලින් මං දිහා බලලා මුණු මූණම රතු කර ගන්න ඒ දියකිදුරට මං හරි ආදරෙයි...❤ ~මට ඔබ කැමති සෑම වර්ණයක්ම විය හැකියි.~ 🌈️ වර්ණ🌈️