🌈️Chapter 15

110 15 6
                                    

මාස තුනකුත් ගිහින්...අපි මුලින්ම මුණ ගැහිලා...එදා මෙතූ බබාව පූල් එකට එක්කන් ගිහින්...මාස තුනකුත් ගිහින්...ඒ මාස තුන ඇතුළත වුනු දේවල් එක්ක...මෙච්චර ඉක්මනට මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ කොහෙත්ම...ඒත් මට හිත දැන් නිදහස්...හෙ හෙ..මේ අහස්...දැන් ආයේ නෝමල් අනේ...ඉස්සර හිටිය ආතල් කොල්ලම තමා...

සෙනසුරාදා ඉරිදා දෙකම උදේ ඉදන් හවස් වෙනකන් පංති වල බංකු රත් කරලා...අද මං මේ හා හා පුරා කියලා ස්කෝලේ යන්න අනේ...

ආදරවන්තයෙක් විදියට ස්කෝලේ යන පළවෙනි දවස...

හෙ හෙ...

ලැජ්ජයිත් වගේ....

හරි හරි ඉතින් කෙලින්ම නොකිව්වාට...තවම හරියට relationship එකක් නොතිබ්බාට...වෙන්ඩ boyfriend  නේ...

අනේ නිකන් කිචි කිචි වගේ අනේ....
.
.
.
.
සිහියට වරෙන් අහස්..!!!

"චූටී...මොකද ළමයෝ ඔය තනියම හිනා වෙන්නේ..."

මං හිටියේ සාලේ සපත්තු දෙක පොලිශ් කරන ගමන්...අක්කා මං ළගට එනකන්ම දැක්කේ නෑ...

යෝ...මගේ හොද සිහිය ඈතට ඈතට ටටා බායි කියනවා වගේ මට නම් දැන් පේන්නේ...

"කෑම එක බැද ගන්නකෝ චූටි ගිහින්...මං පොඩ්ඩාව ලෑස්ති කරන්න ඕනී..."

"හරී මගේ අක්කෝ....මේ යනවා..."

පොලිශ් කරලා දිලිසි දිලිසි තියෙන සපත්තු දෙක දොර ළගින් තියලා මං ඉක්කමනට කුස්සියට ගියේ මගේ කෑම එකයි අක්කාගේ කෑම එකයි පාර්සල් බදින්න...

අහ්හ්...අක්කාට අද interview  එකක්...ඒකත් එයාගේ වෙන්ඩ මස්සිනාගේ company එකේ...හෙ හෙ...

එදා අයියා මට දීලා ගිය envelope  එකේ තිබිලා තියෙන්නේ මේ ගැන..ඒත් අක්කා ඒක බාර ගන්න මුලින් අකමැති වෙලා....ඒකයි මට නොකියා ඉදලා තියෙන්නේ..ඒත් මං part time කරනවා කියලා දැන ගත්තාම අක්කා ඒක accept  කරලා...

නෑ නෑ මං part time එක කරනවා ඉතින්...ඒක නම් ආසාවට කිව්වොත් හරී...තව අවුරුද්දයි මාස අටක් විතර තියෙයි නේ exam එකටත්...මේ මාස අට ඔන්න ඔහේ යනවා...

අයියා WJ group එකෙන් ඈත් වෙලා....අයියාගේ අම්මාගේ business බාර අරගෙන...මං නම් ඔය ගැන හරියට දන්නේ නෑ...අක්කා කිව්වා hotels දෙකක්ද කොහෙදයි , club එකකුයි , Design company  එකකුයි ගැන මොකක් හරී...මං දන්නේ නෑ ඕව...Lake A එක නම් technology  company  එකක් කියලා දනාවා..ඉශාන් කියලා කියලාම...අනෙක්වා මං දන්නේ නැ....අක්කාට interview  එක තියෙන්නේ ඒ ඩිසයිනර් කම්පැනි එකේ...

~🌈️වර්ණ🌈️~ (Non Fanfiction )Where stories live. Discover now