🌈️ Chapter 18

99 16 7
                                    

"Hospital එකට? සිරියස්ලි බේබී?"

අයියෝ අප්පා...මේ මනුස්සයාට මං කිව්ව දේ නෑ බෑ නොකියා කරන්න බැරිද මං අහන්නේ?

ඇයි දැන් මට නෙවෙයිද කිව්වේ කෙල්ලෙක්ව හොයලා දෙන්න කියලා...ඒක කරන්න හැදුවමත් ඒකටත් එනවා සවලක් උස්සන් සවල් ගහන්න..මොන මගුලක්ද මේ...තවම ස්කෝලේ ඉස්සරහා...නැතුව තියේ ඇයි...මොකෑක්..ගාලා එතනම බ්‍රේක් එක පාගද්දී....

" සිරියස්ලි තමා කියන්නේ...යමන්කෝ බන් අයියේ...මං මේ දහසක් වැඩ රාජකාරී දාලා අඩුම දවල්ටවත් නොකා තමයි මේ ඔයාගේ වැඩට බැස්සේ..."

මං ඇස් රැලි කරලා කියද්දී එයා තවමත් අර ලොකු කර ගත්ත ඇස් වලින් මං දිහා බලාගෙන ඉන්නවා...මේ මනුස්සයා වාඩි වෙලා ඉන්නේ මොකේ උඩට...මං අහන්නේ මොකේ උඩට...

"උබ මාව මෝචරියටවත් එක්කන් යනවාද? "

"ඔව් ඔව්..මෝචරියෙන් මෝහිනිගේ නංගී රෝහිනීව හොයලා දෙන්න යන්නේ...අනේ බන් අයියේ...යමන්කෝ...lunch time නොගියොත් ඔයාට කෙල්ලෝ නැති වෙයි හොදේ..."

මං කියද්දී ඒකා කලේ මහ සැක මුසු බැල්මක් මං දිහාට දැම්ම එක...සැක ද ඩෝ මාව...කමක් නෑ....ඒත් දැන් මට ඕනී ඉක්ම්නට යන්න...තව වැඩ කොච්චර ද අනේ...පරක්කු වෙන්න වෙන්න...මගේ interview  එකත් පරක්කු වෙනවා...

"උබ මොකාටද එන්න හදන්නේ කියපන්...අහ්හ්...මං නොදන්න කෙල්ලෝ කොහෙද hospital  එකේ උබට ඉන්නේ? අහ්හ්?"

" උබට මතක නැති වුනාට මට කරන්න දෙයක් නෑ අයියේ...මගේ සුරංගනාවී ඉන්නේ එහෙ...දැන්ම වාහනේ start කරනවාද? මං බැහැලා අර යන බස් එකක එල්ලෙන්න ද?"

මාත් රැව්වා..ඇයි එයාට විතරක්ද රවන්න ඔරවන්න ගොරවන්න පුලුවන්...අපිත් මිනිස්සු...හාහ්...

"කියනකන් මෙතනින් එක දශමයක් හෙලවෙන්නේ නෑ මං...බැහැලා පෙන්නපන්කෝ වාහනෙන්..."

ඒත් එක්කම වාහනේ දොරවල් ලොක් වෙද්දී මං ඉතින් කොහෙ කියලා බහින්නද? මේක නම් මහ...දැන් නම් එපා වෙනවා..හුක්...ම්ම්ම්..

"ඔයාගේ අර සේරුවාගේ දොස්තර නෝනා ඉන්නේ එහෙනේ අයියේ...මගේ නුරාවි කෙල්ල...මගේ සුරංගනාවි..."

~🌈️වර්ණ🌈️~ (Non Fanfiction )Where stories live. Discover now