හරිම අගෙයි...අක්කා මාව පාව දුන්නා..නෑ නෑ අක්කා මාව මේ අභිරුවට දීලා දැම්මා..ඒකත් 'අනේ ඕක අහන්න දෙයක්ද අභී..ඔය කොල්ලා පංති වලට ඇරෙන්න ගෙදරින් එලියට බහින එකක් ඇයි? එක්කන් යන්න...' කියලා මාව හැල්ලු කළා..මේවා මහ සහගහන අපරාද දෙවියනේ....
ඒ කියලත් කට වැහුවේ නෑ....තවත් එයාට එයාගේ අභී එක්ක කියවන්න තිබුණා...එයැයිගේ අම්භී...😒
'අනිත් එක මං අද හවස ශිෆ්ට් එකත් යාලුවෙක් එක්ක මාරු කර ගත්තා අභී....ඉතින් මං අද හවසත් ගෙදර ඉන්නවා...ඉතින් කැමති වෙලාවක් තියා ගන්න..'
හරිනේ..ඔය කලේ යස අපුරුවට...මං ඉතින් කට පුක වහගෙන අහන් හිටියා...අක්කාට මාව බරක්ද දෙවියනේ...?ඒත් අන්තිමට කිව්ව දේට නම් මට එයා ගැන ආදරේ හිතුණා අනේ..ඒත්...මෙයා ගැන නම් තරහා හිතුණා...
'මට ඔයාව විශ්වසයි අභී..මගේ මල්ලීව බලා ගන්න...'
හාහ්...යැයි යැයි තමයි...විශ්වසයි...මූව...
හරි ඒක හරි කියමුකෝ...අක්කා කොහිමද දෙවියනේ මේ මලක් වගේ ඉන්න කොල්ලාව තනිපංගලමේ මේ හාදයා එක්ක යවන්නේ...අනික අක්කා කතා කරපු විදිය...මූ ගැන මාර confidence එකෙක්නේ ඒ වචනවල තිබුනේ....
ඉතින් ඒ දුරකථන සංවාදයෙන් අස්සේ මුගේ BMW එකට තටු ආවා....එහෙන් මෙහෙන් දාන වාහන අස්සෙන් අස්සෙන් වේගෙන් drive කරපු අයියා වාහනේ විනාඩි දහයකින් විතර නැවෙත්තුවේ කොහෙ හරි අදුරු , මහ අත්භූත ගතියක් තියෙන වාහන පාර්ක් එකක...මම පාර දිහා බලාගෙන seat belt එක අත් දෙකෙන්ම මිරිකගෙන් අල්ලගෙන හිටියා ඇරෙන්න මට ගොඩනැගිලි දිහා නම් බලන්න බැරි වුනා....
"අහස් බැහැලා එන්නකෝ.."
මං වටපිට බලද්දී එයා seat belt ගලවලා මං දිහා බලන් කියද්දී මාත් නිකන් බූතයෙක් දැකලා වගේ එයා දිහා බැලුවා..
"මේ කොහෙද?යනවා කිව්වේ one goal face නේ.."
මං කියද්දී එයාගේ මූනේ හිනවක් ඇදුනා...මළ කෝළන්...හිනා වෙන්න දෙයක් දැන් මං කිව්වා ද?...මූට අමු කැවිලාද ? අමුවෙන් කැවිලා ද?රෙද්ද....
"එහෙ යන්න බෑනේ uniform පිටින්...හවස් වෙයි හුගක්...wash එකක් දාලා ඇදුමක් මාරු කරගෙන යමු..."
YOU ARE READING
~🌈️වර්ණ🌈️~ (Non Fanfiction )
Non-Fictionඒ දිලිසෙන ඇස් වලින් කියන කතාවලට හිනහෙන්න මං හරි ආසයි....❤ බෝල තරු පිරුණු ඇස් වලින් මං දිහා බලලා මුණු මූණම රතු කර ගන්න ඒ දියකිදුරට මං හරි ආදරෙයි...❤ ~මට ඔබ කැමති සෑම වර්ණයක්ම විය හැකියි.~ 🌈️ වර්ණ🌈️