ක්‍රීස්.....
"තා..ත්තී.."
නින්දෙන් වගේ ඇහුණු මිමිනිල්ලෙන් මං දැන ගත්තා දැන් වෙලාව පාන්දර 2 ට 3 ට ඇති කියලා....
දැන් මාස කීපයක ඉදන් මෙතුල් මේ වැඩේ පුරුද්දට අරගෙන...කලින් අක්කා එක්ක වලියක් දා ගත්තාම...අක්කාව ඇහැරවන්න දුක හිතුනාම...වගේ මාව හොයන් රෑට මගේ කාමරේට එන මෙතුල් දැන් මාස කීපයක වගේ ඉදන් හැමදාම පාන්දරය එයාගේ චූටී නිල් කුරුමිට්ටාවත් උස්සන් මං ළගට එනවා...
"එන්න මෙතූ බබා.."
ඇදට අත් තියලා කම්මුල් ඒ අත් වල තියාගෙන් මං දිහා බලාගෙන හිටිය කොල්ලා මං කතා කලාම ඇදට ගොඩ වෙලා මගේ ඇග උඩට ඇවිත් බෙල්ල අස්සේ මූණ ඔබා ගත්තා...ඕක ඔය කොල්ලාගේ හැටි...ඇදේ කොච්චර ඉඩ තිබුනත් එයා ඉන්නෙම ඔහොම...
"අම්මී කෝ පැටියෝ..."
මං කොල්ලාගේ පිටට තට්ටු දාන ගමන් අහද්දී කොල්ලා පූස් පැටියෙක් වගේ මගේ බෙල්ලේ මූණ ඇතිල්ලුවා...
මේ කොල්ලෝ දෙන්නාම මගේ බෙල්ල අස්සේ මෙහෙම නටන එක පුරුද්දක් කරගෙන...මෙතුල් නම් කමක් නෑ කියමු...පොඩි එකා දැන් පුරුද්දටම මූණ ඔබා ගන්නේ වම් බෙල්ලට වුනාට..අනෙක් පොඩි එකාට දකුණු පැත්තේ බෙල්ලෙන් තොර ලෝකයක් නෑ...
දින සති මාස ගෙවිලා ගිහින් අලුත් අවුරුද්දත් පහු වෙලා මේ යන්නේ අගෝස්තු අවසාන සතිය....මං මාස පහකින් අයියාව දැකලා නෑ...එයා කැනඩා ගියා...එදා අපි ගියපු ඩේට් එකෙන් පස්සේ දවසෙම එයා කැන්ඩා ගියා....video call ගන්නවා කිව්වාට අපිට හැමදාම ඒක කරන්න බැරි වුනා...අපේ රටවල් දෙකේ වෙලාව නිසා මං නැගිටිද්දී එයා නිදි...එයාට එලි වෙද්දී මං නිදි....calls ගත්තා...ඒත් පොඩි සංවාදයයි.....පුලුවන් වෙලාවට msg දාලා තියෙනවා...මාත් ඒවාට reply කරලා නිකන් ඉන්නවා...එයා ගියේ එයාගේ study වල වැඩකට..ඒ වගේම business එකේ වැඩ වගයකට...ඉතින් මට එයාට වදයක් වෙන්න ඕනි වුනේ නෑ....අනික එහෙම වද දීලා එයාට මාව එපා වුනොත් කියලා මට බයයි....
"අම්මී..දෝයි...මෙතූ අම්මී එක්ක තා..."
"ඒ මොකෝ බබා..."
මං ඔලුව උස්සලා මෙතූ දිහා බැලුවත් කොල්ලා මගේ බෙල්ලේ නහය අතුල්ලාලා එයාට පහසු විදියකට ඔලුව තියා ගත්තා...
STAI LEGGENDO
~🌈️වර්ණ🌈️~ (Non Fanfiction )
Saggisticaඒ දිලිසෙන ඇස් වලින් කියන කතාවලට හිනහෙන්න මං හරි ආසයි....❤ බෝල තරු පිරුණු ඇස් වලින් මං දිහා බලලා මුණු මූණම රතු කර ගන්න ඒ දියකිදුරට මං හරි ආදරෙයි...❤ ~මට ඔබ කැමති සෑම වර්ණයක්ම විය හැකියි.~ 🌈️ වර්ණ🌈️