මං හිටියේ කරකවලා අතැරලා වගේ....මං ගානට විතර උස ඒ සුදු බෝල ලස්සන ලේඩි මාව කිටි කිටියේ තද කරලා බදාගෙන...මගේ අතුත් එක්ක බදාගෙන නිසා මට හුස්ම ගන්නත් බෑ වගේ.....මං අයියා දිහා බය වෙලා වගේ බලාගෙන ඉද්දී අයියා බිම බලාගෙන හිනා වෙවි නහය කසනවා....
"Hoeny, that kid is scared..."
Hall එකට ආපු අනෙක් උස පිරිමි කෙනාත් අයියා වගේම හිනා වෙවී කියද්දී අකමැත්තෙන් වගේ මාව නිදහස් කරපු ඒ ලේඩි මගේ කම්මුල් දෙපැත්තෙන් ඇගිලිවලින් අල්ල ගත්තේ මට තරු පෙන්නලා...ආව්ස් රිදෙනවා....
"Granny.....You're hurting him"
ග්...ග්‍රැනී?
මං ඒ වචන එක්ක අයියා දිහා බලද්දී එයා ආයෙත් හිනා වෙනවා...මං මෙතන තාඩන පීඩන වලට ලක් වෙලා ඉද්දී මේ මනුස්සයා හිනා වෙවී ආතල් ගන්නවා...
"Ohhh Goddd....where did find this angel cub? Handsome "
මගේ කම්මුල් වලින් අල්ලලා මූණ ඒ මේ අතට හොළවමින් කියද්දී මට නම් ඇඩිලා හිටියේ...ඒක අයියා දැකලා වෙන්න ඇති අයියා ඒ ලේඩිගේ අත් වලින් මාව නිදහස් කරලා ඒ ලේඩිගේ උරහිස් වටා අත් යවලා එයා ළගට ඇදලා ගත්තා....
අයියා එක්ක ඉද්දී එයා හුගක් චූටී....මාත් ඔහොම ද? ඒව් අහස් ටික උස යනවා....
"Baba...this is my Granny and Grandpa...my Mom's mama and dada"
අයියා කියද්දී ගැනී මගේ අතින් අල්ලා ගත්තේ අයියාව පැත්තකට තල්ලු කරලා ආයේ මං ළගට එන ගමන්...අනේ මගේ කම්මුල් බේරලා දෙනු මැනව දෙවියනේ....
"හැන්ඩ්සම් මට මේ සුරදූත පැටියාව අරන් යන්න දෙන්න බැරිද?"
ඕ..අයියාගේ ග්‍රැනීට සිංහල පුලුවන්...මගේ අත ඒ අත් වලින් බදාගෙන මගේ මූණට එබිලා ග්‍රෑනී කියද්දී මට ලැජ්ජාවක් දැනුන නිසාම මං බිම බලා ගත්තා...යෝ මූණටම ඔහොම කියද්දී ලැජ්ජ හිතෙනවා නේ අප්පා....
"No...ග්‍රැනී එයා මගේ..."
අයියා මගේ අනෙක් අතින් ඇදලා මාව එයා ළගට අරන් පිටි පස්සෙන් මාව බදාගෙන මගේ ඔලුවට කම්මුලක් හේත්තු කර ගත්තේ ග්‍රැනීගේ මූණ ඇද වෙලා ගිහින් ආයෙත් ඒ මූණට හිනාවක් එද්දී....
YOU ARE READING
~🌈️වර්ණ🌈️~ (Non Fanfiction )
Non-Fictionඒ දිලිසෙන ඇස් වලින් කියන කතාවලට හිනහෙන්න මං හරි ආසයි....❤ බෝල තරු පිරුණු ඇස් වලින් මං දිහා බලලා මුණු මූණම රතු කර ගන්න ඒ දියකිදුරට මං හරි ආදරෙයි...❤ ~මට ඔබ කැමති සෑම වර්ණයක්ම විය හැකියි.~ 🌈️ වර්ණ🌈️