🌈️ Chapter 22

194 21 11
                                    

"සප්‍රායිස්..!!!!!!!."

මගේ ඇස් ලොකු වුනා...මගේ ඇස් ඉස්සරහා හිටියේ අද නුරාවි අක්කලාගේ ගෙදර යනවා කියලා උදේම මට කිව්ව අක්කා...ඒත් එක්කම මගේ ඇස් ගියේ ඒ අත් වලින් අල්ලන් ඉන්න දේට...කේක් එකක්...ඒත් කේක් එකක් ඇයි...

මං කේක් එක දිහා බලලා   අක්කා දිහා බැලුවා...ආයෙත් කේක් එක දිහා බැලුවා..

ප්...පොඩ්ඩක් ඉන්න....

කේක් එකේ ගෝල්ඩ් කලර් එකෙන් මගේ නම ලියලා තියෙනවා දකිද්දීයි මට මීටර් වුනේ....

එතකොට අද සැප්තෙම්බර් පළවෙනි දා ද?

ඔව් මට ඒක අමතකම වෙලා ගිහින්....

මගේ මූණට පොඩි හිනාවක් එද්දී මං ඇස් උස්සලා වට පිට බැලුවා...වටේම කහ පාට  , නිල් පාට බල්බ් වැල් දාලා තිබුනා වගේම නුරාවි අක්කා , සේරුවා , ඉශානුත් හිටියා..නුරාවි අක්කාගේ අතේ ඉදන් මෙතුල් අත්පුඩි ගහනවා...වටේම ගිය ඇස් මගේ අක්කා ළග නවතෙද්දී අක්කා දෙයක් කියන්න ගියත් ඒත් එක්කම ආයෙත් හැමදේම කරුවල වුනා...මගේ ඇස් දෙක අත් දෙකකින් ආවරණය වුනා..හැබැයි ඒකට නෙවෙයි මාව ගැස්සුනේ..ඒ පුරුදු උනුහුනට..ඒ පුරුදු සුවදට....ඒ උනුහුම එන්න එන්න මට පිටි පස්සෙන් ළං වෙලා මගේ කන ළග හුස්ම ගන්න හඩ ඇහෙද්දී දැනෙද්දී මගේ පපු ගැස්ම වැඩි වුනා..

"ස්..සුදු අ..අයියා.."

ඔව් ඒ මගේ අයියා...අභිරු අයියා...මට ඒ සුවද , උනුහුම අදුර ගන්න බැරි නෑ නේ...

"Wish you a Happy Birthday  my Love"

එයාගේ ගැබුරු කටහඩ මගේ කන ළග මුමුණද්දී මගේ ඇගේ හිරිකඩුත් පිපුණා...ඒත් එක්කම එයා මගේ කනෙත් තොල් තියලා අත් හෙමින් අයින් කර ගද්දී ඒ පරක්කුවටම මං එ‍යා දිහාට හැරුණා...

මාස පහකින් දෙවියනේ...

මගේ ඇස් බොද වුනා..මං අඩනවාද? නෑ දුකට නෙවෙයි සතුටට...මං එහෙමම එයාගේ බෙල්ල බදා ගනිද්දී එයාගේ අතුත් මගේ ඉණ වටා එතුනා වගේම මාව ඒ පපුවට ගුලි කර ගත්තා....

"ඔ..ඔයා ඇවිත්.."

"හ්ම්ම්..මං ආවා..."

"මේ ඇ..ඇත්තටම ඔයා නේද අයියේ...?"

"හ්ම්ම්..මං තමයි අහස්...ඔයාගේ දවසෙදී මං නෑවිත් ඉදීද?"

~🌈️වර්ණ🌈️~ (Non Fanfiction )Where stories live. Discover now