"ද්..දැදා.....?"
මෙතුල්ගේ වචන එක්ක මං අයියා දිහා බැලුවා..ඒ ඇස් දිලිසෙනවා....මං දන්නේ නෑ..මගේ හිතට දැනුනේ අමුතු හැගීමක්....
"ඔයා බබාගේ දැදා ද?
"ඔව් නේ....මෙතූ බබාට පුලුවන්ද මට ඩැඩා කියන්න...."
"පොද්දක් ඉන්න...අභී අන්කල් බබාට චොකෝ ගෙනත් දෙනවා..සෙල්ලම් බදු ගෙනත් දෙනෝ....බබාව මූද බලන්න එක්කන් යනෝ...."
කොල්ලා ඇගිලි නවා නවා ඇස් බෝල කරගෙන කියද්දී අයියා මං දිහා බැලුවා...මං දන්න තරමින් අයියා පොඩි බබාලාට ආසයි....ඒ ඇස් මෙතූ ළගදී...ඩේ කෙයා එකේ අනෙක් පොඩි අය ළගදී දිලිසෙනවා....ඒත්....
එයාට මා එක්ක අනාගතයක් තියෙයි ද?
එයාගේ ආසාවට මොකද වෙන්නේ ?
මං ඒ ඇස් මගැරලා මෙතූ දිහා බැලුවා...නිකටට ඇගිල්ලකින් තට්ටු කර කර මහ අම්මණ්ඩි කෙනෙක් වගේ දස අතේ කල්පනා කරන පොඩි එකා මගේ ඇගෙන් නැගිටලා ඇද උඩ ඒ පොඩි කකුල් තිය තියා අයියා ළගට ගිහින් ඒ උකුලෙන් ඉද ගද්දී අයියා මෙතූව වැටෙන්නේ නැති වෙන්න අල්ල ගත්තා....
"බබා කැමතී....බබාත හැමදාම චොකෝ ගෙනත් දෙන්න පුලුවම් ද? බබාගේ යාලුවෝ බලන්න බබාව එක්ක යනෝද්?"
"අනිවාරෙන්ම පැටියෝ..."
ඒ දෙන්නාගේ දිහා බලන් හිටිය මගේ ඇස් වලට කදුලු උණද්දී මං අහක බලාගෙන ඇහි පිල්ලම් ගහලා ඇදේ වාඩි වුණා...
"මගේ දැදා..."
මෙතූ කියද්දී මං අයියා දිහා බැලුවේ හිතට සතුටකුත් දුකකුත් එකම වෙලේ දැනෙද්දී...මට තේරෙන්නේ නෑ ඒ ඇයි කියලා...අයියාගේ ඇස් වලත් කදුලු...අයියා මෙතූව පපුවට තුරුලු කරගෙන මං දිහා බලද්දී මං තොල් ඇදලා හිනා වෙලා මෙතූගේ ඔලුව අත ගාලා එහෙමම washroom එකට ආවේ..හිතේ තියෙන ඩ්ගේ තේරුන් ගන්නත් කලින්ම මගේ කම්මුල් දිගේ කදුලු ගලාගෙන යද්දී....
මං දෙයක් හිතා ගත්තා....
ඒ ඕනිම දෙයක් වෙනුවෙන් මං ඉන්නවා...
එයා වෙනුවෙන් මට ඕනි දෙයක් කරන්න පුලුවන්...
------------------------------------------------------
YOU ARE READING
~🌈️වර්ණ🌈️~ (Non Fanfiction )
Non-Fictionඒ දිලිසෙන ඇස් වලින් කියන කතාවලට හිනහෙන්න මං හරි ආසයි....❤ බෝල තරු පිරුණු ඇස් වලින් මං දිහා බලලා මුණු මූණම රතු කර ගන්න ඒ දියකිදුරට මං හරි ආදරෙයි...❤ ~මට ඔබ කැමති සෑම වර්ණයක්ම විය හැකියි.~ 🌈️ වර්ණ🌈️