🌈️Chapter 13

96 17 10
                                    

අපේ බයෝ සර් ආපු වෙලාවේ ඉදලා කියවනවා....අස්ති පද්ධතියක් අල්ලගෙන දැන් පැය තුනක් තිස්සේ....මට දැන් ඔක්කොම ඇට ටික එකට ඇබරිලා යන්න කියන්න හිතිලා තියෙන්නේ....

ඇයි මගුල මෙලෝ රෙද්දක් ඔලුවට යන්නේ නෑ....කිව්ව ඒවාගෙන් එකම එක දෙයයි තේරුනේ....ඒ අපි දන්න ඇට දෙකට වඩා තවත් ඇට තියෙනවා කියලා...

රෙද්ද..ඇටේ...

අර අභිරුවා ආපු දවසේ ඉදලා මට තිබ්බේ මේ ලෝකේ නැති ප්‍රශ්න...පාලි වලට වඩා හපන් මොනාද මංදා දොඩවලා මාව කරකවලා අතැරලා දාලා ඌ හිනා වෙවී ආතල් එකේ යනවා....

ආපු දවසේ ඉදන් ඔහොමමමයි....

කරුමයක් තියෙනවා නම් මස්සින~...

ඕ සොරි....

අභිරුවා විදියටත් එන්න පුලුවන්...

එක්කෝ ඌ කියන්නේ මෙලෝ වැඩකට ඇති දෙයක් නෙවෙයි...එක්කෝ ඌ කියන ලබ්බක් මට තේරෙන්නේ නෑ...

අභිරුවාගේ ඇටේ !!!

"මොනාද බන් උබ ඔය අහස පොළව ගැට ගහන්න කල්පනා කරන්නේ.."

"ඇටේ ගැන..."

ඉශාන් මගේ කනට පහත් වෙලා අහද්දී මං කිව්ව දේත් එක්ක ඌට දඩාර කැස්සක් හැදුණා...ඉස්සරහා හිටිය සර්ගේ චක්ගෝලයො ටික හැරිලා රවලා බැලුවා...

ටිකක් වෙලාවක් යනකන් අමාරුවෙන් කැස්ස සමතයකට පත් කර ගන්න වෑයමක් ගත්ත වූ ආයෙත් මගේ දිහාට හැරුණා...

"තොට ඇට ගැන ඔචචරම ප්‍රශ්න ද?"

"ඔව් ඇයි මොකත ? උබට අවුල ත?"

මං අපේ ඩෙස් එක ළගින් එහෙට මෙහෙට ඇවිදින සර්ගේ චක්ගෝලයෙක් දිහා ඇස් කොනින් බලලා ඉශාන්ට කියද්දී ඉශාන් හිනා වුනා..හැබැයි දෙයක් මතක් වුන වගේ සිරියස් බැල්මක් මං දිහාට දැම්මා...

ඕවා තමයි අල්ලන්නේ නැත්තේ...මේකා කොච්චර ආතල් පොර වගේ හිටියට...ඌ සීරියස් වෙලාවට...මං කියන්නේ සීරියස් බ්ලැක් ගැන නෙවෙයි....අනෙක් සීරියස් ගැන....එහෙම වෙලාවට මූ කියන ගොඩක් දේවල් ඇත්ත...

"උබ අද ආවේ අභිරු අයියා එක්ක නේද?"

ඒ නම ඇහෙද්දී ඇග ඇතුලින්ම වෙව්ලලා ගියා වගේ වුණා..මට මොන මගුලක් ද මේ වෙන්නේ....

~🌈️වර්ණ🌈️~ (Non Fanfiction )Where stories live. Discover now