පළමු ගුරුකම

341 59 93
                                    

"ආරච්චිල ඔහොම ඉඳගන්ට" කී ගුරුන්නාන්සේ සුගතන්ට නියෝග කළේ කාටවත් නොපෙනෙන ලෙස තම සිරුරේ ඉතිරිව ඇති නිදිමතේ සලකුණු ඉවත් කරන ලෙස ය.

විනාඩි දෙකකින් පමණ ඔහුට පෙර දිනයේ තිබූ ප්‍රතාපවත් පෙනුම යළි ලැබී තිබිණි. එහෙත් ඊට පෙර  සිය මුහුණෙහි තිබූ විශාල කබ කුට්ටියක් කුක්සෝමගේ තියුණු  නිරීක්ෂණයට හසු වී තිබූ බව ඔහු නොදැන සිටියේ ය.

ආරච්චිල වටපිට බලමින් සිටියේ මොහු තමාට ඉඳගන්නට කිවේ කොතැනකදැයි සොයාගැනීමට ය. ඒ සමඟම දේවාලයේ වහල දෙබෑ කරමින් ඇදී ආ සැප පුටුවක් දේවාල භූමියට පතිත වූයේ ය.

"ආරච්චිලගේ ආවතේවකාරයාට පුටුවක් ඕනි නැහැ නොවේදැ"යි අසන්නට ගිය ඔහුට වහා ම එම වචන ටික ගිලගන්නට සිදුවූයේ ඒ ආවතේවකරුවකු නොව ආරච්චිගේ බාල පුතා වන කුක්සෝම බවට සුගතන් විසින් ඔහුට සංඥා කළ නිසා ය.

ආරච්චිලට මෙතරම් කඩවසම් පුත්‍ර රත්නයක් සිටින බව දැන උන්නේ නම් තමා මේ ගමට පැමිණෙන්නේ මීට බොහෝ කලකට ඉහතදී බව ගුරුන්නාන්සේට සිතිණි.

එකෙණෙහි ම වහල දෙබෑ කරමින් තවත් පුටුවක් ඇදී ආවේ කෙළින්ම කුක්සෝමගේ හිස ඉලක්ක කරගනිමිනි. වහා ක්‍රියාත්මක වූ ටේ බණ්ඩා කුක්සෝමව තමා දෙසට ඇදගෙන ඔහුගේ දිවි බේරාගත්තේ ඔහුගේ හිස පොඩිපට්ටම් වීමට තව තප්පර අරික්කාලක් පමණ ඉතිරිව තිබියදී ය.

ගුරුන්නාන්සේගේ පපුවේ ගෑවී නොගෑවී නතර වූ කුක්සෝම තම ආසනය කරා ගියේ හිස පමණක් නොව කොන්ද ද නවා ඔහුට ආචාර කිරීමෙන් අනතුරුව ය.

මේ සියල්ල දෙස බලා උන් ආරච්චිල ද ඉතා අමාරුවෙන් වචන කීපයක් ගැටගසාගෙන ගුරුන්නාන්සේට තම හදපිරි ස්තුතිය පිදුවේ ය.

"ආරච්චිල ආපු කාරණාව කියමුකො එහෙනම් බලන්ට"

"මන් නම් කැමතියි ගුරුන්නාන්සේ ම අපි මෙහෙට ආපු හේතුව හොයා ගන්නවා නම්" කුක්සෝම පළමුවෙන් ම කට ඇරියේ තම පියා දෙස හොර බැල්මක් හෙලමිනි.

"අනේ බුදු ගුරුන්නාන්සේ මේ පොඩි එකා නොදන්නකමට කියන දේවල් හින්දා දෙයියො උදහස් වෙයිද මන්දා" ආරච්චිලට හීන් දාඩිය දමා තිබිණි.

අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔Where stories live. Discover now