කවිකාර මඩුව

272 50 90
                                    

ප්‍රථම හිටිවන කවි අභියෝගය බාර වූයේ හීන්බණ්ඩාට ය. පුරුෂයින්ගේ බලශක්තිය වඩවන බේතක් ගැන කවියෙන් කියන්නැයි සිඤ්ඤෝ මුදලාලි ඔහුට අභියෝග කළේ ය.

හිඳි තැනින් නැගිට සිටි හීන්බණ්ඩා තම මුත්තණුවන් වූ ගෝල් දේශයේ වෙද පප්පාගෙන් උරුම වූ බෙහෙත් වට්ටෝරුවක් කවියට නගා කියන්නට පටන් ගත්තේ ය.

"ගම්මැද්දේ වැවෙනා නියඟලා අල
කැලේ මැද්දෙ වැවෙන නගා මැරූ අල
ගලේ දා එකට අඹරා ගත්ත කල
කෑමෙන් වැඩෙයි පුරුෂයින්ගෙ ධාතු බල

ගත්තොත් දින හතක් දිගටම මේ ඔසුව
හතර ගුණයකින් බලවත් වෙයි දිගුව
රාග විශාරද මහ උතුමෙකු මැව්ව
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මේ ඔසුව"

මේ වට්ටෝරුව ඇසූ පිරිමින් කෑගසා අත්පොළසන් දෙමින් සාදයට පැමිණ සිටි කාන්තාවන් දෙස කෑදර බැලුම් හෙළුවෝ ය. කාන්තාවෝ ලැජ්ජාවෙන් ඇඹරුණ හ.

ආරච්චිල ද එම වට්ටෝරුව ඉතා හොඳින් මතක තබාගත්තේ තම බිරිඳගේ ක්ෂණික කෝපය නිවා දැමීමට එම බෙහෙත පාවිච්චි කර බැලිය යුතු බව සිතමිනි.

ඊළඟ අභියෝගය ලැබුණේ උසේන් බෝල්ට් අයියාට ය. ඔහු ධාවන තරඟයකදී ලැබූ අමතක නොවන අත්දැකීමක් කවියෙන් කියන්නැයි ගම්මුන් ඔහුට අභියෝග කළෝ ය.

"මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා
ට්‍රැක් එක මැද හොල්මනකට මාව බය වුණා
මන් දිවයනකොට ට්‍රැක් එක මැද කතක් මතු වුණා
බබෙක් වඩන් ඉනු දැක්කම දෙයියො සිහි වුණා

ඈ මගෙ ළඟටම ඇවිදින් අතක් ඇල්ලුවා
ඇගේ අතේ සිසිලට මම බිරාන්ත වූවා
අනිත් තරඟකරුවොත් මගෙ ළඟටම ආවා
පණ එපාම කියලා මම හයියෙන් දිව්වා

දුවලා දුවලා හති වැටිලා බලද්දි හැරිලා
දරුවත් ගෙන පිට විණි ඈ මට අත වනලා"

අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔Where stories live. Discover now