බදාදා දවසෙන් පසු දින කීපයේ ගම්මානය තුළ එතරම් වැදගත් යමක් සිදු නොවූ හෙයින් කාටත් නොදැනී ම රිවි දින උදා විය.
එදින උදෑසනින් ම අවදි වූ ජිනදාස ආරච්චිලගේ ජන්මදින සාදයට ඇවැසි ආහාර පාන සියල්ල තම දෑතින් ම සූදානම් කළේ ය.
නෙල්ලි මැණිකාත් ගොස් ඔහුට වරින් වර උදව් සැපයුවේ උදේ පාන්දරින් ම ඔහුගේ සාස්පානෙන් ගුටි කා පස්සා පැත්ත චප්ප කර ගැනීමට තිබූ බිය නිසා ය. ශාන්ති නෝනා නම් උපකාර වූයේ ආහාරවල රස පරීක්ෂා කිරීමේ අදියර සඳහා පමණි.
උදයේ ම දිය නා පිරිසිදු වූ ආරච්චි පවුලේ සැවොම තම හොඳ ම ඇඳුම් කට්ටලවලින් සැරසුණ හ.
සාදය ඇරඹීමට කටයුතු යොදා තිබුණේ හවස හයේ හෝරාවෙන් පසුව වුවත් ඉර මුදුන් වූ වේලාවේ පටන් ගම්මුන් එකා දෙන්නා තෑගි බෝග ද රැගෙන ආරච්චිල මැදුරට සම්ප්රාප්ත වන්නට වූහ.
ආරච්චි මැදුර ගම්මානයේ අනෙක් නිවාසවලට වඩා තුන් හතර ගුණයකින් විශාල වුවත් ගම්මානයේ සියල්ලන්ට ම රැස් වීමට එහි ඉඩ මදි බැවින් මිදුලෙන් හරි අඩක ද උඩට උඩුවියන් බැඳ බිමට පැදුරු එළා ගම්වැසියන්ට රැස් වීම සඳහා සූදානම් කර තිබිණි.
හා හ පුරා කියා සාද භූමියට මුලින්ම පැමිණියේ හීන්බණ්ඩා ය. "තමාට මහ රෑ වෙනතුරු ඇහැරගෙන ඉන්ට බැරි ය" කියමින් සීලවතී සාදයට පැමිණීම ප්රතික්ෂේප කර තිබූ හෙයින් ඔහු සමඟ පැමිණ සිටියේ හොබීදාස පමණ ය. ආරච්චිලට තෑගි දීම සඳහා ඔවුන් රැගෙනවිත් තිබුණේ තරුණ පෙනුම රැක දෙන බලගතු ඔසුවක් වූ මහා බටස තෛලයයි.
පන්සලේ ලොකු හාමුදුරුවෝ ද හොබීදාස අතේ පොල් ගෙඩි ප්රමාණයේ අකුරෙන් තල්පතක ලියන ලද සුබපැතුම්පතක් එවා තිබිණි. ඒ සමඟ මහා මංගල සූත්රයේ ආනුභාවයෙන් ජප කළ පිරිත් නූලක් ද එවා තිබුණේ ආරච්චිල විසින් ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන සියලු මංගල කාරණා සර්වප්රකාරයෙන් ම සාර්ථක වන්නැයි ආශිර්වාද කරමිනි.
ටේ බණ්ඩා ගුරුන්නාන්සේ ද විශේෂ රාජකාරියක් සඳහා අරිෂ්ටයක් සූදානම් කිරීමට ඇති හෙයින් සාදයට පැමිණීමට නොහැකි වීම පිළිබඳ සමාව පීරිසියකට දමා එවන්නැයි ඉල්ලමින් සුබපැතුමක් එවා තිබුණේ ආරච්චිල උදෙසා ම රෝස්ට් කර කල්දේරමක බහාලූ යෝධ කළුකුමෙක් ද කුක්සෝම උදෙසා කෙහෙල් කුක්කු බෝතල් දුසිමක් ද සමඟ ය.
YOU ARE READING
අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔
FanfictionTaekook Yoonmin Namjin Hope x girl Yizhan (Cameo) ජිනදාසගේ සාස්පාන් වැඩ... ජුන් සිඤ්ඤෝගේ මොළකාර වැඩ... චිමී සාන්තගේ ටියුබ් ලයිට් වැඩ... සුගතන්ගේ වෙස් මාරු වැඩ... හොබීදාසගේ උපාසක වැඩ... නෙල්ලි මැණිකාගේ වලත්ත වැඩ... සමඟ, ටේ බණ්ඩා ගුරුන්නාන්සෙයි කුක්සෝ...