කුක්සෝම ගැහෙන හදින් යුතුව නිවසට පිවිසුණේ ය. ඔහුගේ මව , පියා හා නැගණියත් සීලවතීත් ඔහු එන මඟ බලමින් හිඳගෙන උන්හ.
මිනිත්තු පහක් පමණ ඒ දෙස බලා හිඳි ඔහු ගැඹුරු හුස්මක් ගෙන අසල තිබූ හිස් පුටුවේ ඉඳගත්තේ ය.
"පුතේ මේ සීලවතී කෙල්ල ඇවිත් තියෙන්නෙ පුතා එක්ක වැදගත් කාරණාවක් කතා කරගන්න. හොඳට හිතලා බලලා උත්තරයක් දෙන්න මයෙ පුතේ." කියමින් ශාන්ති නෝනා ඔහුගේ හිස පිරිමැද්දා ය.
උත්තර දෙන්නට තබා ඇගේ කතාව අසන්නටවත් තමාට උවමනාවක් නැති බව පවසන්නට ඔහුට ඇවැසි වූවත් තම නම්බුව රැකගැනීම පිණිස ඇයට මද වේලාවක් සවන්දෙමින් මෙතැන රැඳී සිටිය යුතු බව ඔහු සිතුවේ ය. සීලවතී දෙසට බැල්මක් හෙලූ ඔහු ඇයට කතාව කියාගෙන යන්නට දී නිසොල්මන්ව උන්නේ ය.
"කතාව කොහෙන් පටන්ගන්න ද කියලා මට තේරෙන්නෑ කුක්සෝමයියෙ. ටික දවසක ඉඳන් අයියව දැක්කම මගේ බඩ දඟලන්නයි පපුව නලියන්නයි ගන්නවා. අයියා මගෙ ළඟින් යනකොට බඩේ මොක්කුද පාවෙනවා වගේ දැනෙන්න ගන්නවා."
"අයියගෙ හිනාව දැක්කම මට උන් හිටි තැන් අමතක වෙනවා. අයියගෙ ඇඟේ එල්ලෙන්න , මූණ ඉඹින්න , පපු තුරුල්ලෙ දැවටී දැවටී ඉන්න හිතෙනවා. අයියාව මතක් වෙද්දිත් මාව පිච්චිලා යනවා. ඒ වෙලාවට මගෙ හර්දෙ විතරක් නෙවෙයි සර්වාංගෙම ගැහෙන්න ගන්නවා."
"මට මේ මොහොතෙත් අයියාව ලෙවකන්නයි හපාකන්නයි හිතෙනවා. කොටින්ම කිව්වොත් අයියා ළඟ මෙහෙම ඉන්නකොට මට මගේ නම සීලවතී කියන එක පවා අමතක වෙනවා."
ඈ කෝච්චියක් මෙන් වේගයෙන් කියාගෙන ගියා ය. මෙය අසා උන් කුක්සෝම සිය ඉවසීම රැකගන්නට දැඩි ප්රයත්නයක යෙදුණේ ය.
"අයියා තව ඩිංගිත්තක් මට ළං උණොත් අයියට කොච්චර නම් වාසි හම්බවෙනවද? මට පුළුවනි අයියට හැමදාම තරුණ පෙනුමට ඉන්න පුළුවන් විදිහෙ අරිෂ්ට හදලා දෙන්ට. මට පුළුවනි අප්පච්චිගෙ වෙද ගෙයින් අයියා ඉල්ලන ඕනිම බලගතු බේතක් උස්සන් ඇවිත් අයියගෙ දුක් දෝමනස්ස දුරලන්න. අයියගෙ ඉහේ ඉඳන් යටි පතුල් වෙනකං තියෙන ඕනි ලෙඩක් නැතිකරලා දාන්න පුළුවන් තෛලයක් හොරෙන් උස්සන් එන්න පුළුවනි මට."
YOU ARE READING
අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔
FanfictionTaekook Yoonmin Namjin Hope x girl Yizhan (Cameo) ජිනදාසගේ සාස්පාන් වැඩ... ජුන් සිඤ්ඤෝගේ මොළකාර වැඩ... චිමී සාන්තගේ ටියුබ් ලයිට් වැඩ... සුගතන්ගේ වෙස් මාරු වැඩ... හොබීදාසගේ උපාසක වැඩ... නෙල්ලි මැණිකාගේ වලත්ත වැඩ... සමඟ, ටේ බණ්ඩා ගුරුන්නාන්සෙයි කුක්සෝ...