වශී කපුකම

270 47 54
                                    

අන්දකයිප්පු ගමට තවත් දවසක් උදා විය.

දහසක් මල් පිපී ආ ඒ හිමිදිරි උදෑසනේ ටේ බණ්ඩා වේලාසනින් ම අවදි වූයේ නැකතට වැඩ පටන්ගැනීමට ඇවැසි නිසා නොව කුක්සෝම විසින් තම නින්ද සොරා ගෙන තිබීම නිසා ය.

සතර වරම් දෙවිවරුන් උදෙසා පහක් හතරක් දැල්වූ ඔහු ඊළඟ සඳුදා දිනය ඉක්මනින් උදාවන්නැයි ප්‍රාර්ථනා කළේ ය.

ඒ මොහොතේ ම වාගේ කලබලයෙන් දුවගෙන ආ අයෙක් දේවාලයේ දොර කඩාගෙන ඇතුළට වැදුණේ ය.

"අනේ මට පිහිටවෙන්න බුදු ගුරුන්නාන්සේ" කියමින් ඒ උසැති තරුණයා ටේ බණ්ඩා ළඟ හඬා වැටුණේ ය.

පෙරේදා කෝපි කඩයේදී තමා මොහුට ඉගැන්වූ පාඩම අතිසාර්ථක වූ ඇති බව මේ මොහොතේ ගුරුන්නාන්සේට තහවුරු විය.

නමුත් එදා මෙන් නොව අද ජුන් සිඤ්ඤෝගේ දත් දෙපළ කිරි සුදු පාටට හැරී තිබුණේ උදේ පාන්දරින් ම නැගිට බුලත් කහට පැල්ලම් මැකී යන තුරුම අඟුරු කුඩු අතුල්ලමින් හෝරා දෙකක් පමණ ඔහු තම දත් දෙපළ ඉතා හොඳින් මැද තිබීම නිසා ය.

"අනේ ගුරුන්නාන්සේ මට හරි යන වසී ගුරුකමක් කරලා දෙන්ට. මට දැන් මේ තනිකඩ ජීවිතේ දෙකඩ කරලා දාන්න ඕනෙ." දේවාලයේ එලා තිබූ පැදුරේ එරමිණිය ගොතා ඉඳගත් ඔහු සුසුමක් හෙළමින් කීවේ ය.

"වශියක් නම් කරලා දෙන්න පුළුවනි. ජුන් සිඤ්ඤෝට ඕනි මුළු ගමම වසී කරගන්න සර්වජන වශියක් ද? නැත්තං කවුරුහරි සුවිශේෂ පුද්ගලයෙක්වද වශී කරගන්න ඕනි?"

ගුරුන්නාන්සෙගෙ මොළයේ හිලක්වත් ඇද්දැයි ඔහුට මේ මොහොතේ සිතුණේ ය. සර්වජන වශියක් කරගෙන මුළු ගමම තමාගේ පස්සෙන් එන්නට ගත් විට ඔවුන් හැමදෙනා සමඟ නිදි වදින්නට ගොස් තමා මෙතරම් කාලයක් දුක් මහන්සි වී වර්ධනය කරගත් මාංශ පේශි හයේ පැක් එක ක්ෂය වී යන බව ගුරුන්නාන්සේට නොතේරෙන්නේ මන්ද යන්න ඔහුට අතිවිශාල ගැටලුවක් වූ නමුත් ඔහු ඒ ගැන ප්‍රශ්න කිරීමට නොගියේ ය.

"සුවිශේෂ කෙනෙක් නම් ඉන්නවා තමා අපෙ ගුරුන්නාන්සේ" අන්තිමේ ඔහු එලෙස පැවසූයේ ඔහුගේ උදරයේ සිට පැමිණි පණුවෙක් හදවත සිදුරු කරගෙන ඒ ඔස්සේ මොළය කරා ගොස් ජිනදාස පිළිබඳ ඔහුට සිහිකැඳවීම නිසා ය.

අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔Where stories live. Discover now