කෙසේ හෝ අවසානයේ අන්දකයිප්පු ගමේ කවුරුත් පුලපුලා බලා සිටි ඒ ආශ්චර්යවත් දිනය උදා විය.
ඒ ආරච්චිල පවුලේ දරුවන් සිව්දෙනා විවාහ දිවියට එළඹෙන දිනයයි.
රන්කම් මල්කම් ආදියෙන් සරසා තිබූ ආරච්චිල නිවස රජ මැදුරක සිරි ගත්තේ ය.
දේවාලයට අල්ලපු නිවසේ පදිංචිව සිටි ශාන්ත දාන්න තරුණියක වූ සුදුසඳමැණිකා අතින් මනාල මනාලියන් හැඩගැන්වීම සිදුකෙරිණි.
ලොකු හාමුදුරුවන්ගේ ආශිර්වාද මධ්‍යයේ පෝරුවේ සිරිත් විරිත් ජයට ම සිදුකෙරුණේ ය. එම අවස්ථාව විස්තර සහිතව ඉදිරිපත් කිරීමට මා හට ඇවැසි වුවද ටේ බණ්ඩා ගුරුන්නාන්සේගේ බලවත් නියෝගය මත එම විස්තරය කපා හැරීමට සිදුවිය.
ඔහුගේ අවසරය මත මා හට ඔබ හමුවේ තැබිය හැකි එකම තොරතුර වන්නේ පෝරුවේ චාරිත්‍ර සිදුකරන අතරතුර එක් මනාලයකු ඒ මත හිටගෙනම නින්දට වැටුණු බව පමණි.
මංගල්ලයේ ජයමංගල ගාථා ගැයීම පිණිස නගරයේ සිට පැමිණ සිටි කළු රෝස කල්ලිය නම් තරුණියන් සිව්දෙනා ද මඟුල් ජෝඩු සතර තරමට ම ගම් වැසියන්ගේ නෙත් සිත් පැහැර ගත්තේ ය.
ඒ සියල්ලටමත් වැඩියෙන් කාගෙත් සිත් පැහැර ගන්නට සමත් වූයේ රස නහර පිනා යන අයුරින් පිළියෙල කර තිබූ මංගල භෝජනයයි.
සුවඳැල් , හීනටි , පච්චපෙරුමාල් ආදී සහල් වර්ග තිස් දෙකක බත් ද, බණ්ඩක්කා , වට්ටක්කා , දියලබු , තලනබටු ආදී එළවළු වර්ග තිස් දෙකක වෑංජන ද, මුව මස් , ගෙඹි මස් , තලගොයි මස් ආදී ජාති තිස් දෙකක මස් මාංශ ද, ගොටුකොළ , තම්පලා , කෙකටිය ආදී පලා වර්ග තිස් දෙකකින් ද, අතුරුපස සඳහා පලතුරු වර්ග තිස් දෙකක් ද, බූන්දි , අතිරස , කජු අලුවා , මී බෙටි ලොසින්ජර ආදී රසකැවිලි වර්ග තිස් දෙකක් ද මඟුල් භෝජනය සඳහා සූදානම් කර තිබිණ.
මෙහි තවත් විශේෂත්වයක් වූයේ මංගල්ලය සඳහා ගෙන ආ රසකැවිලි අතරින් බොහොමයක් පසුගිය දින කීපය තුළ ටේ බණ්ඩා ගුරුන්නාන්සේ තම බල පරාක්‍රමය මෙහෙයවා නගරයේ කඩවලින් පැහැරගත් ඒවා වීමයි.
මංගල භෝජනයෙන් අනතුරුව එළඹුණේ ආරච්චිල පවුලේ දූ දරුවන් හට දායාද පවරාදීමේ නැකතයි.
YOU ARE READING
අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔
FanfictionTaekook Yoonmin Namjin Hope x girl Yizhan (Cameo) ජිනදාසගේ සාස්පාන් වැඩ... ජුන් සිඤ්ඤෝගේ මොළකාර වැඩ... චිමී සාන්තගේ ටියුබ් ලයිට් වැඩ... සුගතන්ගේ වෙස් මාරු වැඩ... හොබීදාසගේ උපාසක වැඩ... නෙල්ලි මැණිකාගේ වලත්ත වැඩ... සමඟ, ටේ බණ්ඩා ගුරුන්නාන්සෙයි කුක්සෝ...